විමර්ශන කටයුතු සඳහා රේගු විමර්ශන අංශය විසින් රඳවාගත් 'වෙහිකල්ස් ලංකා' පෞද්ගලික සමාගමට අයත් කන්ටේනර් හතරක් රේගු භාරයෙන් පිටතට ගෙන යෑම සඳහා රේගු අධ්‍යක්ෂ

ජෙනරාල්, (විශ්‍රාමික) මේජර් ජනරාල් විජිත රවිප්‍රිය අවසර දී ඇතැයි 'අනිද්දා' පුවත්පත වාර්තා කර තිබේ.

එම පුවත් වාර්තාවට අනුව, වාහන අමතර කොටස් ගෙන්වන මුවාවෙන්, කෑලි කර වාහන ගෙන්වා රජයට අයවිය යුතු නියමිත බදු නොගෙවා එම වාහන එකලස් කර විකිණීම 'වෙහිකල් ලංකා' පෞද්ගලික සමාගමට ඇති චෝදනාව වෙයි.

'වෙහිකල් ලංකා' හිමිකරුගේ මිනුවන්ගොඩ කර්මාන්ත පුරයේ පිහිටි අංගනයට ගෙන ගොස් මෙම කන්ටේනර් පරීක්ෂා කරන ලෙස රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයා නියෝග කර තිබේ.

රේගු විමර්ශන සඳහා රඳවාගත් වාහන අඩංගු කන්ටේනර් රේගු භාරයෙන් පිට ස්ථානයක පරික්ෂා කිරීම නීති විරෝධී වේ.

මිට පෙරත් චෝදනා ලැබූ සමාගමක් !

 මීට පෙර ශ්‍රී ලංකා රේගුව හා වලාන දූෂණ මර්දන පොලිස් ඒකකය විසින් අත්අඩංගුවට ගත් එකී ආයතනයට ම අයත් වාහන 28 ක් සීල් තබා එම අංගනයේ තිබියදී, එහි හිමිකරු සීල් කඩා වාහන 18ක් අස්ථානගත කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රේගුව මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට දැනුවත් කර ඇත.

 එමෙන්ම මෙම කන්ටේනර් රඳවා ගැනීමෙන් පසු ඒ සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා අවශ්‍ය නිවැරදි ලිපි ලේඛන ආනයනකරු රේගුවට ලබා දී නොමැත.

මෙම කන්ටේනර් සම්බන්ධව රේගු සටහන් පත්‍ර වල වාහන අමතර  කොටස් ලෙස සඳහන් වුවද ඊට අදාළ නැව් භාර පත්‍රවල සඳහන්ව ඇත්තේ එම කන්ටේනර් තුළ වාහන තිබෙන බවය.

රේගු අධ්‍යක්ෂ ජනරාල් කර අරී !

මෙම කන්ටේනර් රේගු පරිශ්‍රයෙන් මුදාහැරීමට නියෝග කිරීම සම්බන්ධයෙන් රේගු අධ්‍යක්ෂ ජෙනරාල් (විශ්‍රාමික) මේජර් ජනරාල් විජිත රවිප්‍රිය ගෙන් 'අනිද්දා' පුවත්පත කරන ලද විමසීමකදී ඔහු ප්‍රකාශ කර ඇත්තේ, එවැනි  මුදාහැරීමට අනුමැතිය ලබාදීමට තමා දක්වා ආ යුතු නැති බවත්, තමාට පහළ නිලධාරීන් එම කටයුතු කරන බවත් ය.

කන්ටේනර් මුදා හැරීම සඳහා නියෝග කර ඇත්තේ ඔහු බවත්, ඊට අදාළ සියළු ලේඛණ පුවත්පත් ආයතනය සතු සතු බවත් පවසමින් 'අනිද්දා' වැඩි දුරටත් ප්‍රශ්න කිරීමේ දී, ඒ පිළිබඳව සොයා බලා පිළිතුරක් ලබා දෙන්නම් යැයි කියා රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයා දුරකථනය විසන්ධි කර තිබේ. පුවත්පත මුද්‍රණ කටයුතු අවසන් වන තෙක් වූ ඔහු යලි පුවත්පත අමතා කරුණු පැහැදිලි කිරීමක් සිදුකර නොමැත.

(උපුටා ගැනීම - 'අනිද්දා' පුවත්පතේ මාධ්‍යවේදී ලසන්ත රුහුණගේ ගේ වාර්තාවකිනි )

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්