බලහත්කාරයෙන් අතුරුදහන් කරන ලද්දවුන්ගේ ඉරණම හෙළි කරගැනීම වෙනුවෙන් කරන අරගලවලට ආරක්ෂක අංශ විසින්

 කරන බලපෑම් හෙළා දකින අතුරුදහන්වුවන්ගේ පවුල් වල ඥාතීන්  සිය සමීපතමයන් සොයා ගැනීම සදහා ජාත්‍යන්තර මැදිහත්වීමක්  ඉල්ලා තිබේ.

උතුරු සහ නැගෙනහිර බලහත්කාරයෙන් අතුරුදහන්කරවුවන්ගේ පවුල් වල ඥාතීන් විසින් ජුලි 27 සඳුදා මඩකලපුවේ චෙන්කලඩිහිදී  පවත්වන ලද විරෝධතාවට එරෙහිව එරාවුර් පොලිසිය අධිකරණ තහනමක් ලබා ගෙන තිබුණි.

පොලිස් බාධාව හෙලා දකින වව්නියාව සහ කිලිනොච්චි දිස්ත්‍රික්ක වල බලහත්කාරයෙන් අතුරුදහන්කරවුවන්ගේ පවුල් වල ඥාතීන් ඉල්ලා ඇත්තේ තමන්ගේ විරෝධතා වලට හමුදාව සහ පොලීසිය වීසින් සිදු කරන බාධා කිරීම් වහාම නතර කළ යුතු බවයි.

 වව්නියාව පරණ බස්නැවතුම්පොළ ඉදිරිපිටත්, කිලිනොච්චි උදිරවේංගෙයි පිහිටි බහිරව කෝවිල ඉදිරිපිටත් ජුලි 30 බ්‍රහස්පතින්දා විරෝධතා ක්‍රියාත්මක වු බව උතුරේ වාර්තාකරුවෝ පවසති.

වව්නියාව විරෝධතාවයේදී ඥාතීන් රජයට බල කර ඇත්තේ යුද්ධයේ අවසන් සමයේ   රජයේ ආරක්ෂක අංශ වෙත භාර වුවන් සහ රජයේ ආරක්ෂක අංශ වෙත බාර දුන් සිය සමීපතමයන්ට මෙන්ම සුදු වෑන් මගින් පැහැරගැනීමෙන් අනතුරුව අතුරුදහන් වුවන්ට අත්වු ඉරණම රජය විසින් හෙළි කළ යුතු බවයි.

Tamil Lanka

තමන් ජීවත්ව සිටින්නේ අතුරුදහන්ව සිටින තම දරුවන් දැක බලා ගැනීමේ අපේක්ෂාවෙන් බවට එහිදී අවධාරණය කර ඇති මව්වරුන් වැඩි දුරටත්  රජයෙන් ඉල්ලා‌ ඇත්තේ ඔවුන් සම්බන්ධයෙන් වන තොරතුරු වහා හෙළි කරන ලෙසයි.

 යුද අපරාධකරුවන් ජාත්‍යන්තර අධිකරණය හමුවට පැමිණවිය යුතු බව යළිත් වරක් පවසා ඇති වව්නියාවේ මව්වරුන් අතුරුදහන්ව සිටින සිය සමීපතමයන් සොයා ගැනීම වෙනුවෙන් ජාත්‍යන්තර පරීක්ෂණයක අවශ්‍යතාවයද මතු කළ බව උතුරේ වාර්තාකරුවෝ වැඩි දුරටත් පවසති.

 පාර්ලිමේන්තුව සදහා අලුතින් පත්වන ජනතා නියෝජිතයන් විසින් හෝ තමන්ට යුත්කිය ඉටු කරනු  ඇතැයි විශ්වාසය පළ කළ කිලිනොච්චි උදිරවේංගෙයි පිහිටි බහිරව කෝවිල ඉදිරිපිට විරෝධතා දියත් කළ මව්වරුන් අතුරුදහන්වුවන් සොයා ගැනීම පිනිස රජය විසින් පත් කළ අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලයෙන් පලක් නැතිවීම සම්බන්ධයෙන් නොසතුට පළ කර තිබේ.

 

අවුරුදු දෙක හමාරක් පරණ OMP

අතුරුදහන් කරනු ලැබුවන් සොයාගැනීමට අඛණ්ඩ අරගලයක යෙදී සිටින ඥාතීන්ට එකම සමීපතමයකු හෝ සොයා දීමට සමත් වී නැති අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය (OMP) පිහිටුවා  මේ වන විට වසර දෙක හමාරකට ආසන්න වී තිබේ.

''අතුරුදහන් කරනු ලැබුවන් සොයාගැනීමට අඛණ්ඩ අරගලයක යෙදී සිටින ඥාතීන්ට එකම සමීපතමයකු හෝ සොයා දීමට සමත් වී නැති අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය (OMP) පිහිටුවා  මේ වන විට වසර දෙක හමාරකට ආසන්න වී තිබේ.''

Saliya Peirisමෛත්‍රී, රනිල් ආන්ඩුව විසින් තමන්ගේ නායකත්වයෙන් 2018 පෙබරවාරි 28 දා පිහිටුවන ලද කාර්යාලය සම්බන්ධයෙන් කෝපයෙන් යුතු ඥාතීන් සිටින බව OMP ප්‍රධානියාද පිළිගෙන තිබේ.

“අතුරුදහන්වීම් සම්බන්ධයෙන් දැනට පවතින තත්ත්වය පිළිබඳව කෝපයට හා ශෝකයට පත් පවුල් වල සාමාජිකයින් දහස් ගණනක් අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලයේ අපට මුණගැසී ඇති අතර, අතුරුදහන් වීම් සම්බන්ධයෙන් රජය විසින් අනුගමනය කරනු ලබන ක්‍රියාවලියට එරෙහිව විරෝධතාවන්ට සහභාගී වූ, රාජ්‍ය ආයතන කෙරෙහි කිසිදු විශ්වාසයක් නැති සහ මේ සම්බන්ධයෙන් ජාත්‍යනත්තර මැදිහත්වීමක් අපේක්ෂා කරන පිරිස් මේ අතර සිටිති,” යි OMP දෑවුරුදු සමරුව වෙනුවෙන් ජනාධිපති නීතිඥ සාලිය පිරිස්ගේ සභාපතිවරයා නිකුත් කළ නිවේදනයක දැක්වේ.

 යුද්ධයේ අවසාන දින වලදී ආරක්ෂක අංශ භාරයට පත් වීමෙන් පසුව හා යුද්ධයේ අවසන් මොහොතේ අතුරුදහන් වු තමන්ගේ සමීපතමයන්ට අත්වූ ඉරණම හෙළි කරන ලෙස රජයට බල කරමින් 2017 වසරේ පෙබරවාරි සහ මාර්තු මාසවලදී වව්නියාව, කිලිනොච්චිය, යාපනය, මුලතිව්, ත්‍රිකුණාමලය සහ අම්පාර දිස්ත්‍රික්ක වල සත්‍යග්‍රහ ව්‍යාපාර ආරම්භ විය.

 ආගිය අතක් සොයා ගැනීමට නොමැති තම සමීපතමයන්ගේ ඉරණම ඥාතීන්ට හෙළිකර දීම සඳහා ආණ්ඩුවට “නෛතික හා සදාචාරාත්මක” වගකීමක් ඇතැයි OMP ප්‍රධානියා සිය කාර්යාලයේ දෙවර්ෂ පූර්ණ සංවත්සර නිවේදනයේ වැඩි දුරටත්  සඳහන් කර තිබුනි.

GotabayaRajapakshaසිය සොහොයුරු මහින්ද රාජපක්ෂගේ පාලන සමයේ උතුරේ දියත් කළ යුද්ධයේදී
අතුරුදහන් වූ පුද්ගලයන් මරණයට පත්ව ඇති බව ජනාධිපති ගෝඨාභය කියයි.

කෙසේ නමුත් යුද සමයේ ආරක්ෂක බලධාරියා වූ වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකාවේ නේවාසික නියෝජිත හැනා සිංගර් සමග පසුගියදා ප්‍රකාශ කර තිබුනේ සිය සොහොයුරු මහින්ද රාජපක්ෂගේ පාලන සමයේ උතුරේ දියත් කළ යුද්ධයේදී අතුරුදහන් වූ පුද්ගලයන් මරණයට පත්ව ඇති බවයි.

 ඉන් පසුව ඔහු පවසා තිබුනේ “අතුරුදන් බව කියන විශාල පිරිසක්” මරුමුවට පත්වූයේ යැයි එක්සත් ජාතීන්ගේ ආයතනයක් විසින් පැවසූ බවයි.

lanka war

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image