ඡන්ද ප්‍රකාශ කිරීම හෙටින් අවසන් වන මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණයට තරග කරන  ප්‍රධාන දේශපාලන පක්ෂ අතුරින් කාන්තාවන්ට තරග වැදීම

 සදහා  වැඩිම අවස්ථාව සලසා දී ඇත්තේ ඉලංගෙයි තමිල් අරසු කච්චි පක්ෂයයි.

Manthri.lk වෙබ් අඩවිය විසින් අනාවරණය කර ඇති පරිදි පාර්ලිමේන්තු මැතිවරණයේදී කාන්තාවන් සදහා අඩුම අවස්ථාවක් ලබා දී ඇත්තේ මහජන සභා තුල කාන්තා නියෝජනය සියයට 25 දක්වා ඉහල දැමීම සම්බන්ධයෙන් උදම් අනන රනිල් වික්‍රමසිංහගේ නායකත්වයෙන් යුත් එක්සත් ජාතික පක්ෂයයි.

උතුරු නැගෙනහිර පමණක් තරග වදින ඉලංගෙයි තමිල් අරසු කච්චි මහ මැතිවරණය සදහා නාම යෝජනා 44 ක් බාර දී තිබේ. ඒ අතර කාන්තා නාමයෝජනා හතරකි. එහි කාන්තා නියෝජනය  ප්‍රතිශතයක් ලෙස 9.09% කි.

රනිල් වික්‍රමසිංහගේ නායකත්වයෙන් යුත් එක්සත් ජාතික පක්ෂය දිවයින පුරා  නාම යෝජනා 262 ක් බාර දී ඇති අතර එහි ඉන්නේ කාන්තා අපේක්ෂිකාවන් 10 දෙනකු පමණකි. එය ප්‍රතිශතයක් ලෙස 3.81 % කි.

කාන්තාවන් සදහා දෙවැනියට වැඩිම අවස්ථාව ලබා  දී ඇත්තේ  ජනතා විමුක්ති පෙරමුණේ නායකත්වයෙන් යුත් ජාතික ජන බලවේගයයි.

දිවයිනම ආවරණය වන පරිදි එම පක්ෂය නාම යෝජනා 262 ක් බාර දී ඇති අතර එහි අපේක්ෂිකාවන් 17 දෙනකු ඇතුලත්ය. එය ප්‍රතිශතයක් ලෙස 6.48 % කි.

සජිත් ප්‍රේමදාසගේ නායකත්වයෙන් යුතු සමගි ජනබලවේගය බාර දී ඇති නාමයෝජනා 262 ට ඇතුලත් වන  අපේක්ෂිකාවන් ගණන 15 කි. එය ප්‍රතිශතයක් ලෙස 5.72 % කි.

ජනපති, අගමැති නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ 2020 පාර්ලිමේන්තු මහ මැතිවරණය සදහා නාම යෝජනා 252 ක් බාර දී ඇති අතර එහි  අපේක්ෂිකාවන් 14 දෙනකු ඇතුලත්ය. එය ප්‍රතිශතයක් ලෙස 5.55 % කි.

Manthri women

කෙසේ වෙතත්, ඇතැම් ප්‍රධාන ධාරාවේ නොවන පක්ෂ මහ මැතිවරණයට තරග වැදීම සඳහා කාන්තාවන්ට වැඩි  අවස්තාවක් ලබා දී ඇති බව නාමයෝජනා ලැයිස්තු පරීක්ෂා කිරීමේදී පෙනී යයි.

පාර්ලිමේන්තුවේ කාන්තා නියෝජනය පිළිබද ගෝලීය ශ්‍රේණිගත කිරීම්වලට අනුව ශ්‍රී ලංකාව රටවල් 193 ක් අතුරින් 182 ස්ථානයේ පසුවන බව පෙන්වා දෙන Manthri.lk වෙබ් අඩවිය සිහි ගන්වා ඇත්තේ පසුගිය පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් 225 දෙනාගෙන් කාන්තාවන් සිටියේ 5% ක් පමණක්  බවයි.

ජාතික පාර්ලිමේන්තු වල කාන්තාවන්ගේ ප්‍රතිශතය පිළිබද අන්තර් පාර්ලිමේන්තු සංගම් ශ්‍රේණිගත කිරීම් දත්ත භාවිත කරමින් කාන්තා නාමයෝජනා සංඛ්‍යාලේඛන සම්පාදනය කළ බව  Manthri.lk වෙබ් අඩවිය වැඩි දුරටත් පවසයි.

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්