හෙට (අගෝස්තු 05) දිනයේ පැවැත්වීමට නියමිත මහ මැතිවරණය හේතුවෙන් විදෙස්ගත ශ්‍රී ලාංකිකයින් දිවයිනට ගෙන්වා ගැනීම

දින කිහිපයකට අත්හිටුවා ඇති නමුත්, එම කටයුතු ලබන 8 වැනි දා සිට යළි ආරම්භ කරන බව ජනාධිපති අතිරේක ලේකම් විදේශ සබඳතා අද්මිරා ල් ජයනාත් කොළඹගේ පැවසිය.

ඒ අනුව, ලබන 8 වැනි දා ඩුබායිහි රැඳී සිටින ශ්‍රී ලාංකිකයින් 660 කට අධික පිරිසක් මෙරටට පැමිණෙන බව ද ඔහු පැවසුවේ ය.

ඉන් පසු මාලදිවයින, ඕස්ට්‍රේලියාව, කටාර්, ඕමාන්, බහරේන්, මැලේසියාව, සිංගප්පුරුව, ඉන්දියාව ඇතුළු රටවල්වල රැඳී සිටින ශ්‍රී ලාංකිකයන් මෙරටට ගෙන්වා ගැනීමට නියමිතය.

මහ මැතිවරණ රාජකාරි සඳහා ආරක්ෂක අංශ සාමාජිකයින් සහ සෞඛ්‍ය නිලධාරීන් අනියුක්ත වීමත් සමග විදෙස්ගත ශ්‍රී ලාංකිකයින් මෙරටට ඇතුළු කර ගැනීමේදී ඇතිවිය හැකි බාධා හේතුවෙන්, මෙම තීරණය ගත් බව ද අද්මිරාල් ජයනාත් කොළඹගේ වැඩිදුරටත් කියා සිටියේය.

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්