අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්යක්ෂ ශානි අබේසේකර කොටුවන ලෙස සාක්ෂි ලබාදෙන මෙන් කොළඹ අපරාධ කොට්ඨාසයේ ඉහල නිලධාරීයකු තමන්ට බලපෑම් කළ බව
අත්අඩංගුවට ගෙන සිටි හිටපු රහස් පොලිස් නිලධාරීයකු වන උප පොලිස් පරීක්ෂක සුගත් මෝහන මෙන්ඩිස් ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණයේ දී ඊයේ (අගෝස්තු 04) සිදුකර ඇති ප්‍රකාශය මාධ්‍ය වාරණයට ලක්වීම 'කලම්බෝ ටෙලිග්රාෆ්' කර්තෘ, ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී උවිඳු කුරුකුලසුරිය විසන් දැඩි ලෙස විවේචනයට ලක්කර තිබේ.
සිය FB පිටුවේ සටහනක් තබමින් ඔහු මෙසේ සඳහන් කර ඇත.
''ශානි අබේසේකර තමයි රාජපක්ෂල කරපු මිනිස් ඝාතන, වංචා හැම දෙයක්ම එලිදරව් කරගෙන තර්කානුකූල අන්තයකට ගේන්න උත්සාහ කරපු ප්‍රධානම චරිතය. ඒව 95%ක්ම ඉවර කරල තිබ්බෙ. ඊයෙ උසාවියෙ වෙච්ච දේම ඇති මේ ගොල්ල ගෙනියන පාලනය මොනවගේද කියන්න.
දැන් මේව මාධ්‍යයෙ යන්නෙ නැහැ. ඩේලි මිරර් එකේ දාලත් කතාව ගැලෙව්ව.
ඔන්න මාධ්‍ය නිදහස!
යුක්තිය ඉටුකරන්න වැඩකරපු පොලිස් නිලධාරින් 700කට රට යන එක තහනම් කරා ගෝට ආපු ගමන්. මේ ගොල්ලන්ට ඕනෙ ඒ පවුලට තියෙන නඩුවලින් බේරිලා, ඒව හොයපු අයව හිරේ දාල, බොරු දේශප්‍රේමයෙන් මිනිස්සු අන්දල විරාත් කාලයක් රට පාලනය කරන එක. අද බුද්ධිමත්ව මේ ගැන හිතල තීරණයක් ගන්න.''
CCD accused of pressuring CID sleuth to falsely implicate Shani
සබැඳි පුවත් :
ශානි අබේසේකර කොටුකරන්න සාක්ෂි දෙන්නයි අත්අඩංගුවට ගත් SI ට බලපෑම් කරලා!
ශානි මහර බන්ධනාගාර රෝහලේ : ''ශානී වගේ පොලිස්කාරයෙක්ට වඩා වටින්නේ චොකා මල්ලී වැනි අපරාදකරුවෙක්''! – කේ. සංජීව
ශානි අත්අඩංගුවට ගැනීම : පොලිසියේ නීතිගරුක නිලධාරින්ට දල්වන රතු එලියක් ! - සජබ
සාක්ෂි ළඟ තබාගැනීමේ චෝදනාවක් - හිටපු CID ලොක්කා අත්අඩංගුවට