මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය ඊයේ (අගෝස්තු 05) පස්වරුවේදී පැවති ප්රවෘත්ති සාකච්ඡාවේදී තම ධුරයෙන් විශ්‍රාම ගැනීමට
අපේක්ෂා කරන බවට ඉඟියක් පළ කළේ ය.
ඒ, ''මෙතෙක් පැවැත්වීමට නොහැකි වූ මැතිවරණ පැවැත්වෙන්නේ කවදා ද?'' කියා මාධ්‍යවේදියකු කළ විමසීමට ප්‍රතිචාර දක්වමිනි.
එහිදී ඔහු තවදුරටත් මෙසේ සඳහන් කළේය,
''ඒක තියන්න බෑ. ඒකට පනත් සම්මත වෙන්න ඔක්තෝබර් මාසෙත් අග විතර වෙනවා. එතකොට ඡන්ද ආවොත් කරන්න මුල ඉඳන්ම කරන්න දීලා මගදීම නවතින එක තමයි හොද? දීපිකා මැඩම් ගියා වාගේ.
පළාත් සභාව අපිට කොහොමටත් තියන්න බෑ. නොවැම්බර් 13 ට කලින් තියන්න බෑනේ. නොවැම්බර් 12 ට අපේ කාලය ඉවරයි. එහෙනම් හැමදෙනාටම බොහොම ස්තූතියි. මම නැවතත් මේ ස්ථානයේ සිට මාධ්‍ය සාකච්ඡාවක් තියන්නේ නෑ. හැමෝටම බොහොම ස්තූතියි''