මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේදී ඡන්දය දැමීමේ ප්‍රතිශතය 71% දක්වා අඩු වී ඇත. කුරුණැගල වැනි දිස්ත්‍රික්කයේ එය 65% දක්වා අඩු වී තිබේ.


විවිධ පාර්ශව ඊට අදාළව විවිධ හේතු සහ මත ඉදිරිපත් කරන බව පවසන 'ලංකා ලීඩ්' (lankaleadnews.com)
එවැනි එක් මතයකට අනුව කුරුණැගල ප්‍රතිශතය බෙහෙවින් අඩු වන්නේ බුවනෙකබාහු රාජ මණ්ඩපය ලෙස සැලකෙන පුරාවස්තු විනාශය පිළිබඳව නීතිමය පියවර නොගැනීම නිසා බව වාර්තා කර තිබේ.

කෙසේ වෙතත් 2015 ජනාධිපතිවරණයේ ඡන්දය දැමූ ප්‍රතිශතය 81% වන විට 2015 අගෝස්තු පාර්ලිමේන්තු මැතිවරණයේ එම ප්‍රතිශතය 77% දක්වා 4% කින් අඩු විය.

නමුත් 2019 ජනාධිපතිවරණයේදි 83% ක් වූ ඡන්දය දැමීමේ ප්‍රතිශතය 2020 පාර්ලිමේන්තු මැතිවරණයේදී 71% ක් දක්වා 12% කින් අඩුවීම විශේෂ තත්වයකි. ඊට අදාළ පැහැදිලි කිරීම් විශාල පරාසයක පවතින බව 'ලංකා ලීඩ්' වාර්තා කර තිබේ.

 

මැතිවරණ දවසෙත් කුරුණෑගල අවුලක් !

MR kurunegalaඡන්ද විමසීම් සිදුවෙද්දී ඡන්ද මධ්‍යස්ථාන අසල රැස්වී මෙලෙස කටයුතු කිරීම නීතිවිරෝධී බව නාමල් කරුණාරත්න පෙන්වා දෙයි.

සජිත් ප්‍රේමදාසගේ නායකත්වයෙන් යුත් සමගි ජන බලවේගය විසින් නිකුත් කර තිබෙන නිවේදනයක දැක්වෙන පරිදි කුරුණෑගල දිස්ත්‍රික් අපේක්ෂක මහින්ද රාජපක්ෂ ඡන්ද විමසීම පැවති ඊයේ (අගෝස්තු 05) නිකවැරටිය ප්‍රදේශයේ ඡන්ද මධ්‍යස්ථාන දෙකකට 200 ට වැඩි පිරිසක් සමග ඇතුලු වී තිබේ.

පසුව එම පිරිස කොබෙයිගනේ ප්‍රදේශයට පැමිණ තිබෙන අතර ඒ හේතුවෙන් මාර්ග පවා අවහිර වී ඇති බවට සමගි ජන බලවේගයේ නිත්‍ය නියෝජිත හිටපු ආණ්ඩුකාර රජිත් කීර්ති තෙන්නකෝන් චෝදනා කරයි.

namal karunaratneජාතික ජන බලවේගයේ කුරුණෑගල දිස්ත්‍රික් කණ්ඩායම් නායක නාමල් කරුණාරත්න විසින් මාධ්‍ය වෙත නිවේදනයක්ද නිකුත් කරමින් පවසන්නේ, පොහොට්ටු පක්ෂයේ කුරුණෑගල දිස්ත්‍රික් අපේක්ෂක අගමැති මහින්ද රාජපක්ෂ ඊයේ දිනයේ මුළුමනින්ම මැතිවරණ නීතිය උල්ලංඝණය කරමින් කටයුතු කළ බවයි.

ගුවන් යානයකින් නිකවැරටිය ප්‍රදේශයට පැමිණි මහින්ද රාජපක්ෂ නිකවැරටිය සහ කොබෙයිගනේ ප්‍රදේශවල දහස් ගණනින් ජනතාව එක්රැස්කරමින් පොහොට්ටුව පක්ෂයට ඡන්දය ලබාදෙන ලෙස ජනතාවට බලපෑම් කර ඇතැයි ඔහු චෝදනා කරයි.

ඡන්ද විමසීම් සිදුවෙද්දී ඡන්ද මධ්‍යස්ථාන අසල රැස්වී මෙලෙස කටයුතු කිරීම නීතිවිරෝධී බව නාමල් කරුණාරත්න පෙන්වා දෙයි.

මේ සම්බන්ධයෙන් ජාතික ජන බලවේගයේ අපේක්ෂකයින් වන නිලන්ත බණ්ඩාම විසින් නිකවැරටිය පොලිසියටත් වෛද්‍ය වික්‍රමරත්න විසින් කොබෙයිගනේ පොලිසියටත් පැමිණිලි කර ඇති නමුත් නීතිය ක්‍රියාත්මක නොවුබව නාමල් කරුණාරත්න පවසයි.

 

ඇමති ජොන්ස්ටන් කියන කතාව :

කුරුණෑගල ඊයේ (අගෝ.05) ඇතිවූ සිද්ධිය සම්බන්ධයෙන් සමගි ජන බලවේගය හා ජාතික ජන බලවේගය කරන  චෝදනා වලට ප්‍රතිචාර දක්වමින්, මාධ්‍ය නිවේදනයක් නිකුත් කර ඇති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කුරුණෑගල දිස්ත්‍රීක් නායක ඇමති ජොන්ස්ටන් ප්‍රනාන්දු පවසන්නේ, අගමැති මහින්ද රාජපක්ෂ විසින් නිකවැරටියේදී මැතිවරණ නීති උල්ලංඝනය කලා යැයි ජාතික ජන බලවේගයේ නාමල් කරුණාරත්න කරන චෝදනාව අමූලික අසත්‍යයක් බවයි.

මහසෙන් විද්‍යාලය හා ජයන්ති විද්‍යාලය අසල වාහන තදබදයක් ඇති වූයේ සෞභාග්‍යයේ දැක්ම යටතේ එහි මාර්ගය සංවර්ධනය හා ඉදිකිරීම් නිසාවෙන් බවත්, සංවර්ධන කටයුතුවලට නිතරම බාධා පමුණුවන ජාතික ජන බලවේගයේ නාමල් කරුණාරත්නට මාර්ග තදබදය ඇතිවූයේ සංවර්ධන කටයුත්තක් නිසා බව නොපෙනීම හා ජනතාවට සෙතක් සැලසෙන සංවර්ධනය ගැන ප්‍රශංසාවට ලක් නොකිරීමට තරම් කශේරුකාවක් නොතිබීම කණගාටුවට කරුණක් බවත් ඇමති ජොන්ස්ටන් සිය නිවේදනයේ සඳහන් කර තිබේ.

''තවද කිසිදු අයුරකින් සංවිධානාත්මක ලෙස මහජනතාව රැස් කරවා නැත.මහින්ද රාජපක්ෂ යනු ජනතාව ආදරය කරන නායකයෙකි. ඔහු පැමිණෙන බව දුටු එතැන සිටි ජනතාව ඔහුට ආචාර කිරීමටත් ඔහු දැක බලා ගැනීමටත් පැමිණි අතර ඒ පැමිණි පිරිසට අග්‍රාමාත්‍යවරයා කතා බහ කර යෑමට අමතක නොකලේය.'' යයි ද ඇමතිවරයාගේ නිවේදනයේ සඳහන් වේ.

අගමැතිවරයා නිකවැරටියේ සිට කෙලින්ම පැමිණෙන්නේ කුරුණෑගලට බවත්,  නාමල් කරුණාරත්න පවසන ආකාරයට කොබෙයිගනේ පාසල වෙත අගමැතිවරයා නොපැමිණි බවත්, එසේ එනවානම් කොබෙයිගනෙන් පාදෙනිය පාරට  හැරී යා යුතු නමුත් අගමැතිවරයා කිසිදු අවස්ථාවක කොබෙයිගනෙන් හැරී පාදෙනිය පාරට පැමිණියේ නැති බවත් ඔහු පවසයි.

අගමැතිවරයා විසින් කිසිදු ආකාරයකින් තමාට ඡන්දය ලබා දෙන ලෙසට මෙහිදී ඉල්ලීම් නොකළ බවත්, එමෙන්ම සංවිධානාත්මක ලෙස පිරිස් සංවිධානය නොකළ බවත් ඇමති ජොන්ස්ටන් සිය නිවේදනය මගින් අවධාරණය කර සිටියි.

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්