ශ්‍රී ලංකාවේ මාරුවෙන් මාරුවට ආණ්ඩු පිහිටවු පැරණිතම පක්ෂ දෙකකින් මෑතකදී බිඳි ආ පක්ෂ දෙකක් මීළඟ පාර්ලිමේන්තුවේ ආණ්ඩු බලයත් විපක්ෂයත් වීමේ අඩිතාලම දමා තිබේ.
දැනට ප්‍රකාශිත ඡන්ද ප්‍රතිඵලයන්ට අනුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් කැඩී ගිය ජනපති ගෝඨාභය රාජපක්ෂගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ විශිෂ්ඨ ජයක් ලබා ගනමින් ආණ්ඩු බලය හිමි කර ගන්නා බව පැහැදිලිව පෙනෙන්ට තිබේ.
මෙරට පැරණිතම පක්ෂයක් වන එක්සත් ජාතික පක්ෂයෙන් වෙන්වු සජිත් ප්‍රේමදාස නායකත්වය දෙන සමගි ජන බලවේගය පාර්ලිමේන්තු විපක්ෂයට හිමිකම් කියන බව පෙනෙන්නට ඇත.
ඉලංගෙයි තමිල් අරසු කච්චි උතුරේ ඉදිරියෙන් ඉන්නා බව පෙන්නුම් කළත්, ඇතැම් ආසන වල දෙමළ පක්ෂ පරදවා පොහොට්ටුව පෙරට පැමිණ සිටී.
එජාපය දරුණු පසුබෑමක !
එක්සත් ජාතික පක්ෂය ඉතිහාසයේ දරුණුම පසුබෑමට මුහුණ දී ඇති අතර ජනතා විමුක්ති පෙරමුණ නායකත්වය දෙන ජාතික ජන බලවේගය ද පාර්ලිමේන්තුවේ එක් මන්ත්‍රී ආසනයක් හෝ දිනා ගැනීමේ අවදානමක සිටී.
අගෝස්තු 6 බ්‍රහස්පතින්දා පස්වරු පහයි තිහ වන විට නිකුත් කර තිබෙන ප්‍රතිළුල වලට අනුව ඡන්ද 1,198,553 ලබා ගනිමින් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ 67.72 % ප්‍රතිශතයක් ලබා පෙරමුණ ගෙන තිබේ.
ඡන්ද 329,123 ලබා ගනිමින් සමගි ජන බලවේගය 18.60 % ප්‍රතිශතයකුත්, ඡන්ද 86,999 ලබා ගනිමින් ජාතික ජන බලවේගය 4.92 % ප්‍රතිශතයකුත් ලබා ගනිමින් දෙවන හා තුන්වන ස්ථානයන්හි පසුවේ.
ඡන්ද 43,569 ලබා ගනිමින් 2.46 % ප්‍රතිශතයකට හිමිකම් කියන උතුරු නැගෙනහිර පමණක් තරග වදින ඉලංගෙයි තමිල් අරසු කච්චි පකෂය සිව් වන ස්ථානයේ පසුවේ.