මහ මැතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අති විශිෂ්ඨ ජයක් වාර්තා කිරීමත් සමගම ඉන්දියානු අගමැති නරේන්ද්‍ර සිං මෝදි
දුරකථනයෙන් මහින්ද රාජපක්ෂ අමතා සුබපැතුම් ලබා දුන් බවට ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය පැවසීය.
තමන්ට සුබ පැතුම් පිරිනැමීම ගැන අගමැති මහින්ද රාජපක්ෂ ට්විටර් පණිවුඩයක් මගින් ඉන්දීය අගමැතිවරයාට ස්තුති කොට තිබුණි.
මේ අතර ඇමරිකානු තානාපති කාර්යාලය ප්‍රකාශයක් නිකුත් කරමින් පවසන්නේ, රජය සහ නව පාර්ලිමේන්තුව සමගින් හවුල්වී කටයුතු කිරීමට බලාපොරොත්තු වන බවයි.
එම නිවේදනයේ මෙසේ ද සඳහන් වේ.
අගෝස්තු 5වැනි දින ශ්‍රී ලංකාවේ ජනතාව තමන්ගේ මූලික ප්රජාතන්ත්රවාදී අයිතිවාසිකමක් පාවිච්චි කරමින් ඔවුන්ගේ මීළඟ පාර්ලිමේන්තුව තෝරා පත්කරගැනීම සඳහා ඡන්ද මධ්‍යස්ථානවලට ගියහ.
COVID-19 වසංගතයෙන් එල්ල වූ අභියෝග තිබියදී පවා සාමකාමී සහ ක්‍රමවත් අන්දමින් මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් එක්සත් ජනපදය ශ්‍රී ලංකාවට සුභපතනු ලැබේ.
නව පාර්ලිමේන්තුව රැස්වීමත් සමගින්, සියළුදෙනාම ඇතුළත් කරගනිමින් ආර්ථිකය යථාතත්වයට ගෙන ඒමේ ක්‍රියාන්විතයක් ගොඩනැංවීම, මානව හිමිකම් හා නීතියේ ආධිපත්‍ය පවත්වාගෙන යාම සහ රටේ ස්වෛරීත්වය ආරක්ෂා කිරීම සඳහා වන කැපවීම රජය විසින් අළුත් කරනු ඇතැයි යන්න අපගේ අපේක්ෂාවයි.