'පොහොට්ටු' පක්ෂයට අති විශාල මන්ත්‍රී ධුර සංඛ්‍යාවක් සහිත විශාල බලයක් ලැබී ඇතත් 19 වැනි සංශෝධනය අහෝසිකිරීම සදහා

ජනාධිපති මල්ලී හා අගමැති අයියා අතර පොදු එකඟත්වයක් ඇති කර ගැනීම ලෙහෙසි පහසු දෙයක් නොවනු ඇතැයි ප්‍රවීන දේශපාලන විචාරකයකු වන ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී වික්ටර් අයිවන් පවසයි.

මහ මැතිවරණයට අදාල ප්‍රතිපල නිකුත්වෙමින් තිබියදී ඊයේ (අගෝස්තු 05) පස්වරුවේ ඔහු විසින් #trupatriotlk සමාජ ජාලා වෙත මුදාහැර ඇති වීඩියෝවක හා සිය FB පිටුවේ පළකර ඇති සටහනක එබව සඳහන් වේ.

 

 වික්ටර් අයිවන්ගේ FB දේශපාලන සටහනේ මෙසේද සඳහන් වේ.

මැතිවරණ ප්‍රතිපල වලින් පසුව ජනාධිපතිද අගමැතිද ආණ්ඩු පක්ෂය හා විරුද්ද පක්ෂයද ඇතුලත් දේශපාලන තන්ත්‍රය ඇතුලත් රටේ සමස්ත දේශපාලන ක්‍රමය ලොකු හිරවීමකට ලක්වන තත්වයක් ඇති වනු ඇත.

මහජන විස්වාසයට හේතුවන හොද ප්‍රතිපලයක් ලබාගැනීමට ආණ්ඩුව අසමත් වුව හොත් මතවාදි තලයේ ආණ්ඩුවට තිබෙන ආදිපත්‍යය දුර්වල කිරීමට එය හේතු වනු ඇත.

''19 වැනි සංශෝධනය අනුව පාර්ලිමේන්තු මැතිවරණයෙන් පසුව ව්‍යවස්ථාපිත අර්ථයෙන් ගත් විට ජනාධිපති මල්ලීගේ බලය හීනවී අගමැති අයියා නියම බලවතා බවට පත්වේ. එහිදී ජනාධිපති මල්ලීට අයියාට තිබෙන බලය පිළිගෙන අඩියක් පස්සට ගන්නට හෝ මල්ලීට තිබුණ පරණ බලය පවත්වාගෙන යාමට ඉඩදීම පිණිස තමන්ට ලැබී තිබෙන බලය එක්තරා ප්‍රමාණයකට අත් හැරීමට අගමැති අයියාට සිදුවේ.''

19 වැනි සංශෝධනය අනුව පාර්ලිමේන්තු මැතිවරණයෙන් පසුව ව්‍යවස්ථාපිත අර්ථ යෙන් ගත් විට ජනාධිපති මල්ලීගේ බලය හීනවී අගමැති අයියා නියම බලවතා බවට පත්වේ. එහිදී ජනාධිපති මල්ලීට අයියාට තිබෙන බලය පිලිගෙන අඩියක් පස්සට ගන්නට හෝ මල්ලීට තිබුන පරන බලය පවත්වාගෙන යාමට ඉඩදීම පිනිස තමන්ට ලැබී තිබෙන බලය එක්තරා ප්‍රමාණයකට අත් හැරීමට අගමැති අයියාට සිදුවේ. එසේ සිදු නොවුවහොත් දෙබෑයන් අතර මත බේද ඇතුවන තත්වයක් ඇති වියහැකිය.

 

ආර්ථිකයේ ඝණ අදුර:

GR CB Rupee

ආණ්ඩුව ලබා ගන්නා මැතිවරණ ප්‍රති පලයේ තරම කුමක් වුවද රජයේ කටයුතු පවත්වාගෙන යාමේදී මුහුන දෙන්නට සිදු වී තිබෙන ආදායම හා වියදම අතර තිබෙන මහා පරතරය රජයේ කටයුතු පමණක් නොව ජන ජීවිතය ද මහා අවුලක් බවට පත් කිරීමට හේතුවනු නොවැලැක් විය හැකිය. 

රජයේ සේවකයින්ට වැටුප් ගෙවීමේදී අතිකාල දීමනා වැනි සමහර අංග කපා හැර තිබියදීත් රජයේ සේවකයින්ගේ වැටුප් ගෙවන්නට සිදු වී තිබෙන්නේ මහ බැන්කුව රජයේ බැංකු වලින් ලබාගන්නා ණය අයිරාවලිනි. මේ ක්‍රමය වැඩි කල් පවත්වාගෙන යා නොහැකිය. එහි ප්‍රතිපලයක් වශයෙන් රජයේ බැංකු ද කඩා වැටෙන තත්වයක් ඇති විය හැකිය.

ආර්ථිකයේ ඇතිවී තිබෙන කඩා වැටීම ඉක්මනින් යථාතත්වයට ගැනීමේ හැකියාවක් නැත. කෝවිඩ් 19 වසංගතය ලෝක ආර්ථිකයේ ඇති කර තිබෙන බලපෑමද ලංකාව කෙරෙහි බලපායි.

රටට විනිමය ආදායම් උපයාදුන් ප්‍රධානම මාර්ගය ලෙස ක්‍රියාකල විදේශ ගත ශ්‍රමිකයින්ගේ විශේෂයෙන්ම මැද පෙරදිග ශ්‍රමිකයින්ගේ රක්ෂා තිබෙන්නේ අවදානම් සහගත තත්වයකය. ඇස්තමේන්තුකර තිබෙන ආකාරයට ලක්ෂ 5 කට පමණ රක්ෂා අහිමි වියහැකිය. ඒ නිසා ලංකාවට ඒමගින් ලැබෙන සංක්‍රාම ආදායමේ ලොකු කඩා වැටීමක් ඇති වීම නොවැලැක් විය හැකිය.

SANCHARAKA

විනිමය ආදායම් උපයා දුන් තවත් වැදගත් මාර්ගයක් වූ සංචාරක කර්මාන්තය තිබෙන්නේද මුලු මනින් කඩා වැටුන තත්වයකය. ඇගලුම් කර්මාන්තය තිබෙන්නේද විශාල ප්‍රමානයකට කඩා වැටුන තත්වයකය. එම ක‍ර්මාන්තයේ දැනටමත් විශාල ප්‍රමාණයකට රක්ෂා අහිමි වී තිබෙන අතර තවදුරටත් රක්ෂා අහිමිවීමේ අවදානමක් පවතී.

මේ සියල්ලට අතිරේකව ආණ්ඩුවට වියදම් පියවා ගැනීමට අවශ්‍ය ආදායම් සොයා ගැනීම පිනිස ආණ්ඩුවට වැඩි වැඩියෙන් බදු බර පටවන්නට සිදුවන තත්වය තුල ජනතාව පීඩාවට පත්කිරීමට හේතු වනු ඇත.

 

ප්‍රශ්න වර්ධනයවීම:

ඇතිවන්නට නියමිතව තිබෙන සියලු ප්‍රශ්න එකට එකතු වූ විට අර්බුදයේ ස්වභාවය ඉතා සංකීර්ණ හා පීඩාකාරි ස්වභාවයක් ගනු නොවැලැක් විය හැකිය. ලෝක බැංකුවේ ප්‍රක්ෂේපනයන්ට අනුව ලංකාවේ ආර්ථිකයේ වර්ධන වේගය -3 ක් දක්වා පහත වැටෙනු ඇත.

රැකියා අහිමි වන්නන්ගේ සංඛ්‍යාව ලක්ෂ 10 ක් දක්වා ඉහල යනු ඇත. ඉතිරි කිරීම් වලින් ලැබෙන පොලියෙන් ජීවත්වන්නන් ගේ ජීවිත දුක් ප්‍රාප්තියක් බවට පත් වනු ඇත. වැටුප්, අතිකාල හා වෙනත් දීමනා කප්පාදු කිරීම නිසා. රක්ෂා කරන අයගේ ජීවිතද දුක්දායි කිරීමට හේතු වනු ඇත.

එම සමාජ ආර්ථික වටා පිටාව ගැටුම් ඇති කිරීමට හේතු වනු ඇත. කම්කරු ආරවුල් හා මහජන නොසන්සුන්තා ඇති කිරීමට හේතුවනු ඇත .රටේ සොරකම් මන්කොල්ල කෑම් හා අපරාද වර්ධනය කිරීමට හේතු වනු ඇත.

 

ලංකාව බංකොලොත් රටක් ලෙස ප්‍රකාශයට පත්වීමේ ඉඩ !

ඇතිවිය හැකි ඒ සියලු ආරවුල් මැද ගෙවුම් ශේෂ අර්බුදය නිසි ලෙස කලමනාකරණය කර ගැනීමට අසමත් වෙතොත් විශේෂයෙන්ම වාණිජ මට්ටමෙන් විදේශ ණය වෙළද පොලෙන් ලබාගෙන ඇති ණය වලදී ගෙවීමට ඇති එක වාරිකයක් හෝ ගෙවීමට අසමත් වෙතොත් ලංකාව බංකොලොත් රටක් ලෙස ප්‍රකාශයට පත් වනු ඇත. එසේ වුවහොත් ලංකාව පහසුවෙන් ගොඩ ආ නොහැකි මහා අගාදයකට ඇද වැටෙනු ඇත.

''රටේ අර්බුදය විසදා ගැනීම සදහා යොදාගත හැකි ප්‍රායෝගික විකල්ප ක්‍රියාමාර්ග ගැන මොනම අවබෝදයක් වත් ලංකාවේ දේශපාලන තන්ත්‍රයට නැත. ඒ නිසා ඔවුන් තොරා ගනු ඇත්තේද තොරාගැනීමට වැඩි කැමැත්තක් දක්වනු ඇත්තේද රටේ අගනා සම්පත් විදේශ බලවතුන්ට විකුණන ප්‍රතිපත්ති‍යකටය.''

එවැනි තත්වයකට පත් වීම වලකා ගැනීමට හැකි වනු ඇත්තේ රටේ තිබෙන වටිනා සම්පත් විදේශ බලවතුන්ට විකුණන ප්‍රතිපත්තියකට යොමු වීමෙනි. රටේ අර්බුදය විසදා ගැනීම සදහා යොදාගත හැකි ප්‍රායෝගික විකල්ප ක්‍රියාමාර්ග ගැන මොනම අවබෝදයක් වත් ලංකාවේ දේශපාලන තන්ත්‍රයට නැත. ඒ නිසා ඔවුන් තොරා ගනු ඇත්තේද තොරාගැනීමට වැඩි කැමැත්තක් දක්වනු ඇත්තේද රටේ අගනා සම්පත් විදේශ බලවතුන්ට විකුණන ප්‍රතිපත්ති‍යකටය.

 

අසමත් කමේ නිදාන:

ලංකාව ඇද වැටී තිබෙන අවාසනාවන්ත කාලකන්නි තත්වයෙන් ගොඩ ඒමට ලංකාවට අවශ්‍ය නම් දැන්වත් නිදහසේ සිට වර්ථමානය දක්වා ලංකාවේ කටයුතු සිදුවී තිබෙන අකාරය ගැන. අවංක ලෙස ආපසු හැරී බලන තැනකට යායුතුය.

ලංකාව නොකඩවා මැතිවරණ පවත්වා ඇති රටක් වුවත් ලංකාව ප්‍රාජාතන්ත්‍රවාදි රටක් ලෙස සැලකිය නොහැකිය. නිදහස ලැබෙන විට ලංකා සමාජය කිසියම් ප්‍රමාණයකට නවීන වී තිබුනද ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩු ක්‍රමයක් සාර්ථක ලෙස පවත්වාගෙන යාමට අවශ්‍ය තරමට සමාජයද දේශපාලන නායකයින්ද නවීන වී තිබුනේ නැත.

ලංකාව නිදහස් අරගලයක් නැතිව නිදහස ලැබීම ඒ පසුගාමි තත්වය කෙරෙහි බලපෑ ප්‍රධාන හේතුව ලෙස සැලකිය හැකිය.

අපට පරිණත නායක‍යින් නොසිටි අතර පරිණත නායකයින් බිහිවිය යුතුව තිබුණේ නිදහස් අරගලයක් හරහාය. පලමු අගමැතිගේ සිට වර්තමානය දක්වා වන සියලු රාජ්‍යය නායකයින් සැලකිය හැක්කේ රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝණය කල අසීලාචාර නායක‍යින් ලෙසය.

''ලංකා සමාජය කවදාවත් ව්‍යවස්ථාව උල්ලංඝණය කිරීම බරපතල වරදක් ලෙස සැලකුවේ නැත. ව්‍යවස්ථාවේ ආරක්ෂාව භාර අධිකරණයද එවැනි අවස්තාවලදී පාලකයින්ට උඩ ගෙඩි දෙන ප්‍රතිපත්තියක් අනුගමනය කලා විනා ව්‍යවස්ථාව ආරක්ෂා කරන ප්‍රතිපත්තියක් අනුගමනය කලේ නැත.''

ලංකා සමාජය කවදාවත් ව්‍යවස්ථාව උල්ලංඝණය කිරීම බරපතල වරදක් ලෙස සැලකුවේ නැත. ව්‍යවස්ථාවේ ආරක්ෂාව භාර අධිකරණයද එවැනි අවස්තාවලදී පාලකයින්ට උඩ ගෙඩි දෙන ප්‍රතිපත්තියක් අනුගමනය කලා විනා ව්‍යවස්ථාව ආරක්ෂා කරන ප්‍රතිපත්තියක් අනුගමනය කලේ නැත. ලංකාවේ දේශපාලන හා නිලදර තන්ත්‍රයේ අසීලාචාර තත්වයේ තරම ඒ අනුව තේරුම් ගත හැකිය.

 

නූතන ජාතිය ගොඩනගා ගැනීමට අසමත්වීම:

rACISM LANKA

වර්ග ආගම් හා කුල බේදයට තිබෙන පිලිගැනීම අහිමි කොට නූතන ජාතිය ගොඩනගා ගැනීමට අසමත්වීම ලංකාවේ අසාර්තක බාවය කෙරෙහි බල පෑ ප්‍රධානන තම හේතුව ලෙස සැලකිය හැකිය.

ඒ ආශ්‍රයෙන් ඇතිවූ ප්‍රචන්ඩ ගැටුම් වෙනුවෙන් ලංකාව ගෙවා තිබෙන වන්දිය අති විශාලය. සිදුවූ අලාභය ඇස්තමේන්තු කර තිබෙන්නේ ඇමරිකන් ඩොලර් බිලියන 200ක් වශයෙනි. අප විසින්ම රටේ දියුණුව කාබාසිනියා කරගෙන තිබෙන තරම ඒ අනුව සිතා ගත හැකිය.

 

කොල්ල කරුවන්ගේ රාජ්‍යයක් !

ලංකාවේ අසාර්තක බාවය කෙරෙහි බලපෑ ඊලග හේතුව ලෙස සැලකිය හැක්කේ 1978 සිට මහජන ඡන්දයෙන් ප්‍රධාන තනතුරුවලට තේරී පත්වන මහජන නියෝජිතයින් තමන් බාරයේ තිබෙන මහජන දේපල මහා පරිමානයෙන් කොල්ල කන ප්‍රතිපත්තියක් අනුගමනය කිරීමය. ලංකාවේ රාජ්‍යය සැලකිය හැක්කේ ප්‍රජාතන්ත්‍රවාදි රාජ්‍යයක් ලෙස නොව කොල්ල කරුවන්ගේ රාජ්‍යයක් ලෙසය.

ලංකාවේ අධිකරණය පෙන්වා තිබෙන අවස්තාවාදය හා බෙලහීනතාවද ලංකාවේ අසාර්තක බාවය කෙරෙහි බලපාන තවත් වැදගත් හේතුවක් ලෙස සැලකිය හැකිය.

ලංකාව ඇද වැටී තිබෙන කාලකන්නි තත්වයෙන් ගොඩ ගැනීමට අවශ්‍ය නම් එම මූලික ප්‍රශ්න තුන ජයගන්නා ක්‍රමයක් සොයා ගත යුතුය.''

  • vICTOR iVANවික්ටර් අයිවන්
    This email address is being protected from spambots. You need JavaScript enabled to view it.



subscribeYT

නවතම පුවත්

ඇට මැස්සා