සජිත් ප්‍රේමදාස ගේ නායකත්වයෙන් යුතු 'සමගි ජන බලවේගයේ 'ජාතික ලැයිස්තුව නම් කර ඇති බවට සමාජ මාධ්‍ය වල පලවී ඇති වාර්තා

හා ඊට අදාල නම ලේඛන අසත්‍ය බව එම පක්ෂය පවසයි.

ජාතික ලැයිස්තු ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් කළ විමසීමක දී එම පක්ෂයේ ප්‍රකාශකයකු සඳහන් කළේ ඒ පිළිබඳ මෙතෙක් කිසිදු තීරණයක් ගෙන නොමැති බවය.

එම පක්ෂය සමග සන්ධාන ගතවිමේදී ඇතිකර ගනු ලැබූ එකඟතාවයන්ට අනුව තමන්ගේ පක්ෂවලට ජාතික ලැයිස්තුවෙන් එක මන්ත්‍රී ධුරය බැගින් හිමිවිය යුතු බවට රවුෆ් හකීම්, රිෂාඩ් බදියුදීන් හා මනෝ ගනේෂන් වැනි  පක්ෂ නායකයින් ගෙන් මේවනවිට සජිත් ප්‍රේමදාස වෙත දැඩි බලපෑමක් එල්ල වී ඇත.

ඒ අනුව, එම පක්ෂ නායකයින් සමග යම් එකඟතාවයක් ඇතිකර ගැනීම සඳහා අද පෙරවරුවේ විශේෂ සාකච්ජාවක් කැඳවීමට සජිත් ප්‍රේමදාස තීරණය කර තිබේ.

එක්සත් ජාතික පක්ෂයෙන් වෙන්වී තැනූ 'සමගි ජන බලවේගය' මාස කිහිපයක් තුළ එක්සත් ජාතික පක්ෂ ඡන්ද පදනම ග්‍රහනය කරගැනීමට සමත් වී ඇති අතර අගෝස්තු 05 දා පැවති මහ මැතිවරණයේ ප්‍රකාශිත ඡන්ද ප්‍රතිපලවලට අනුව එම පක්ෂයට ජාතික ලයිස්තුවේ මන්ත්‍රී ආසන 7ක් හිමිව ඇත.

 

ජාතික ලැයිස්තු නාම ලේඛන ලබාදෙන්නැයි කොමිසමෙන් දැනුම්දීමක්

මහ මැතිවරණයෙන් ජයගත් සියලු පක්ෂවලට අදාළ ජාතික ලැයිස්තු නාම ලේඛනය ලබන 14 වන දාට පෙර ලබා දෙන ලෙස මැතිවරණ කොමිෂන් සභාව සියලු පක්ෂ වෙත දැනුම් දී තිබේ

එම ජාතික ලැයිස්තු නාම ලේඛන ලද පසු මෙවර මහ මැතිවරණයේ ජාතික ලැයිස්තුව ගැසට් කිරීමට කටයුතු කරන බව එම කොමිසමේ ප්‍රකාශකයෙකු සඳහන් කළේය.

කෙසේවෙතත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු නාම ලේඛනය ඊයේ (07) පස්වරුවේ මැතිවරණ කොමිෂන් සභාව වෙත භාර දී තිබේ

මේ අතර එක්සත් ජාතික පක්ෂයේ ජාතික ලැයිස්තු නාම ලේඛනය කඩිනමින් ලබාදීමට කටයුතු කරන බව එම පක්ෂයේ ප්‍රකාශකයෙකු සඳහන් කළේය. එම ප්‍රකාශකයා කියා සිටියේ එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨයින් රැස්වී ඒ පිළිබඳ සාකච්ඡා කිරිමෙන් පසු එම නාම ලේඛනය කොමිෂන් සභාව වෙත භාරදීමට කටයුතු කරන බවය.

කෙසේවෙතත් මහ මැතිවරණයෙන් ජය ගත් ජාතික ජන බලවේගය, අපේ ජන බල පක්ෂය යන පක්ෂවල ජාතික ලැයිස්තු ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන්  කළ විමසීමක දී ඔවුන් සඳහන් කළේ ඒ පිළිබඳ මෙතෙක් කිසිදු තීරණයක් ගෙන නොමැති බවය.

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්