නවවන පාර්ලිමේන්තුවේ නව අගමැතිවරයා ලෙස මහින්ද රාජපක්ෂ හෙට (08) දිනයේ දිවුරුම්දීමට නියමිතය තිබේ.


කැලණිය රජ මහ විහාරයේ දී හෙට (09) පෙරවරු 09.00ට මහින්ද රාජපක්ෂ නව අගමැතිවරයා ලෙස දිවුරුම්දීමට නියමිත බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් සාගර කාරියවසම් පැවසීය.

මෙවර මහ මැතිවරණයට කුරුණැගල දිස්ත්‍රික්කයෙන් තරග කළ මහින්ද රාජපක්ෂ මෙරට වැඩිම මනාප සංඛ්‍යාවක් ලබා ගනිමින් වාර්තාගත ජයක්  අත්කර ගත්තේය.

නව අගමැතිවරයා ලෙස මහින්ද රාජපක්ෂ  දිවුරුම්දීමෙන් පසු නව අමාත්‍ය මණ්ඩලය සැලසුම් කිරීමට කටයුතු කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් සාගර කාරියවසම් සඳහන් කළේය.

නව ඇමති මණ්ඩලය අගෝස්තු 10 හෝ 11 දිවුරුම් දෙනු ඇති බව වාර්තාවේ.

 

වැඩිම මනාප ගත් අය කැබිනට්ටුවට හා ව්‍යපෘති ඇමතිධුර වලට

team SLPP

මෙවර කැබිනට් මණ්ඩලය 26 දෙනෙකුට සිමා කිරීමට තීන්දු කර ඇති බවත්, එහිදී මෙවර මහ මැතිවරණයේ දී දිස්ත්‍රීක්ක වලින් වැඩිම මනාප ගත් තරුණ දේශපාලනඥයින් කිහිප දෙනෙකුටම කැබිනට් අමාත්‍ය ධුර ලබාදීමට නියමිත බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අභ්‍යන්තර ආරංචිමාර්ග පවසයි.

එසේම, ජාතික ලැයිස්තුවෙන් පත්කළ විද්වතුන් කිහිප දෙනෙකුට ද කැබිනට් අමාත්‍ය ධුර ලබාදීමට නියමිත බව එම ආරංචිමාර්ග කියා සිටියි.

එසේම, මෙවර නිශ්චිත වගකීම් පවරමින් ව්‍යපෘති අමාත්‍ය ධුර ස්ථාපිත කිරීමට තීරණය කර ඇති අතර එහිදී ද නවකයින්ට අවස්ථාව ලබාදීමට නියමිතය.

මෙසේ කැබිනට් මණ්ඩලයට හා ව්‍යාපෘති අමාත්‍ය ධුරවලට අලුතින් නම් කිරීමේදී සරත් වීරසේකර, නාලක ගොඩහේවා, නාමල් රාජපක්ෂ, ශෂින්ද්‍ර රාජපක්ෂ, විදුර වික්‍රමනායක, දිලුම් අමුණුගම, කනක හේරත් යනාද දිස්ත්‍රීක් වලින් වැඩිම මනාප ගත් අය මෙන්ම ජාතික ලැයිස්තුවෙන් පත්කර ඇති සීතා අරඹේපොල, මොහොමඩ් අලි සබ්රි, ටිරාන් අලස්,  අජිත් නිවාඩ් කබ්රාල්, ආචාර්ය සුරේන් රාගවන් වැනි ය සම්බන්ධයෙන් ද වැඩි අවධානයක් යොමුව තිබේ.

 

වැඩක් කළ හැකි කැබිනට්ටුවක් : Verité Research

රජයේ ක්‍රියාකාරීත්වය ඵලදායී සහ කාර්යක්ෂම මට්ටමක පවතින බව සහතික කිරීම සදහා කැබිනට් මණ්ඩලය ලබාදෙන දායකත්වය සුලූපටු නොමැත.  

Verité Research අධ්‍යයන ආයතනය විසින් සිදුකළ පර්යේෂණයකින් අනාවරණය වී ඇති ආකාරයට පසුගිය වසර කිහිපයේ මෙරට ඇති කෙරුණු කැබිනට් මණ්ඩලවලින් එවැනි දායකත්වයක් ලැබී නොමැත.

එසේ වීමට ප්‍රධාන හේතු ලෙස, එකිනෙක නොගැලපෙන විෂය පථයන් එකම අමාත්‍යංශයකට ඇතුළත් කිරීම, පමණට වඩා විශාල කැබිනට් මණ්ඩලයක් පිහිටුවාගැනීම සහ කැබිනට් මණ්ඩලය අස්ථාවරවීම, විශේෂයෙන් 2010-2020 අතර කාලයේ පිහිටැවුණු කැබිනට් මණ්ඩල නිරීක්ෂනය කිරීමේ දී, හදුනාගත හැකි බව එම ආයතනය පෙන්වා දෙයි.

එනිසාම මෙම ගැටලූ නිරාකරණය කරගැනීම, වැඩකරන රටක සංකල්පය ඔස්සේ ඉදිරියට යාමට අපේක්ෂාවෙන් සිටින අතිශය වැදගත්  බව පවසන එම ආයතනය  මෙම ගැටලූ නිරාකරණය කෙරෙන පරිදි නිර්මාණය කර ඇති කැබිනට් මණ්ඩලයක ආකෘතියක් ද ඉදිරිපත් කර ඇත.

Cabinet VR

 

කැබිනට් මණ්ඩල අමාත්‍යධූර ඇති කිරීම සම්බන්ධයෙන් විද්වත් කතාබහක් 2020 ජූනි මස 25 වැනිදා පැවති අතර මෙම කතාබහට ලංකා වානිජ මණ්ඩලයේ මංජුල ද සිල්වා, ලර්න් ඒෂියා ආයතනයේ ජ්‍යෙෂ්ඨ පර්යේෂිකා සුජාතා ගමගේ සහ ඇඩ්වොකාටා ආයතනයේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී ධනනාත් ප්‍රනාන්දු යන මහත්ම මහත්මීන් එක්විය

ජනතාව රජයෙන් බලාපොරොත්තුවන ඵලදායීතාවය සහ කාර්යක්ෂමතාවය නොලැබීමට ප්‍රධාන හේතු කිහිපයක් ම  එහිදී සාකච්ජාවට ලක්විය. වීඩියෝව බලන්න  

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්