'කොඩිය' ලකුණින් මෙවර මැතිවරණයට ඉදිරිපත්වූ 'අපේ ජන බල පක්ෂයට (OPPP - Our Power of People Party ජාතික ලැයිස්තු මන්ත්‍රී

ධූරයක් හිමි වූ නමුත් මේ වන විට එම මන්ත්‍රී ධූරය බෙදාගැනීමේ ප්‍රශ්නයක් මතුවී ඇතැයි වාර්තා වේ.

වාර්තා වන ආකාරයට මන්ත්‍රීධූරයට හිමිවන සියලු වරප්‍රසාද ඥානසාර හිමියන්ට ලබාදෙන පොරොන්දුව මත අතුරලියේ රතන හිමි එකී මන්ත්‍රී ධූරය ඉල්ලා ඇත. ඊට එරෙහිවූ ඥානසාර හිමියන් තමන්ට පාර්ලිමේන්තුවට යා යුතු බව තරයේ පවසා ඇත.

ඒ අනුව එකී මන්ත්‍රී ධුරය සඳහා බොදු බල සේනා මහ ලේකම් රාජකීය පණ්ඩිත ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් පාර්ලිමේන්තුවට පත්කිරීමට එම පක්ෂය ඒකමතිකව තීරණය කර තිබූණි. නමුත් මේ වන විට එය දැඩි අර්බුධකාරී තත්ත්වයක් දක්වා වර්ධනය වී ඇත.

අපේ ජන බල පක්ෂයේ වැඩබලන ලේකම් හිමි වශයෙන් කටයුතු කළ විමලතිස්ස හිමියන් මේ වන විට අතුරුදන්ව ඇතැයි ද ඒ් අනුව නව වැඩබලන ලේකම් හිමිවරයකු පත්කර ඇතැයිද වැඩිදුරටත් වාර්තා වේ.

කෙසේ නමුත් ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ''99 අ'' වගන්ති ප්‍රකාරව පළමු වරට ජාතික ලැයිස්තුවේ නම සඳහන් නොවූ එකී මැතිවරණයේ දී තරඟ නොකළ අයකුට පළමුවරට ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයට හිමිකම් කිව නොහැකි බව සඳහන් වේ. එසේම මැතිවරණය සඳහා තරඟ කළ කවර අපේක්ෂකයකුට වුවද මේ සඳහා හිමිකම් ඇත්තේය.

ඒ් අනුව කුරුණෑගල දිස්ත්‍රික්කය සඳහා මැතිවරණයට නාමයෝජනා ලබාදුන් ඥානසාර හිමිගේ නම ඇතුළත් නාමයෝජනා පත්‍රය ප්‍රතික්ෂේප වීම හේතුකොට ගෙන ඥානසාර හිමියන්ට එකී මන්ත්‍රී ධූරය සඳහා හිමිකම් කීමට අවස්ථාවක් නොමැත.

කෙසේ නමුත් මේ වන විට අපේ ජන බල පක්ෂය විසින් විතාරන්දෙණියේ නන්ද හිමියන් සිය පක්ෂයට හිමි එකම මන්ත්‍රී ධූරය ලබාදීමට තීරණය කර ඇත.

විතාරන්දෙණියේ නන්ද හිමි පසුකාලයක මන්ත්‍රීධූරයෙන් ඉවත් වී ඥානසාර හිමියන්ට එම මන්ත්‍රී ධූරය ලබාදීමේ එකඟතාව මත මෙම පත්කිරීම සිදුකර ඇතැයි ද වැඩිදුරටත් වාර්තා වේ.

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්