රනිල් වික්‍රමසිංහ, ශ්‍රී ලංකා ඉතිහාසයේ මහ මැතිවරණයකින් පරාජයට පත් වූ දෙවෙනි හිටපු අගමැතිවරයාය.

පළමුවරට පරාජයට පත්වූ හිටපු අගමැතිවරයා, ඩබ් දහනායකය.

දශක ගණනාවක් ශ්‍රී ලංකාව වරින්වර පාලනය කළ එක්සත් ජාතික පක්ෂය හෝ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මැතිවරණයකදී එක් ආසනයක් හෝ දිනාගැනීමට අපොහොසත් වූ පළමු වතාව මෙය වේ. (එජාපයට එක් ජාතික ලැයිස්තු අසුනක් ලැබී තිබේ)

එක්සත් ජාතික පක්ෂයෙන් බෙදී වෙන් වී 1952 දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පිහිටුවාගත් එස්ඩබ්ආර්ඩී බණ්ඩාරනායක 1956 මහ මැතිවරණයේ දී එජාපය ආසන 8 කට සීමාකිරීමට සමත්විය.

ජේආර් ජයවර්ධනගේ නායකත්වය යටතේ 1977 දී එජාපය, තුනෙන් දෙකේ බලයක් පැවති ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආසන අටකට සීමා කළේ හයෙන් පහක බහුතර බලයක් අත්කර ගනිමිනි.

JR 1977

‘ධර්මිෂ්ට සමාජයක්’ බිහිකිරීමට ප්‍රතිඥා දෙමින් බලයට පැමිණි ජේආර් ජයවර්ධන විහාරස්තානවලට කටුකම්බි ගසමින්, මහාචාර්ය සරච්චන්ද්‍ර වැනි විද්වතුන්ට පහරදෙමින්, විනිසුරුවන්ට ගල් ගසමින් අති මර්ධනකාරී පාලනයක් ගෙනගිය අතර, කුප්‍රකට ජනමත විචාරණයක් මගින් පාර්ලිමේන්තුවේ කාලය ද දීර්ඝ කළේය. ඔහුගේ පාලන සමයේ අසූවේ වැඩවර්ජනය හේතුවෙන් දහස් ගණනකට රැකියා අහිමි කෙරිණ.

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, පාර්ලිමේන්තුවට තේරී පත් වූ දෙවැනි විධායක ජනාධිපතිවරයාය. විධායක ජනාධිපතිවරයෙකු ජනපතිවරණයක දී පරාජයට පත් කළ එකම පුද්ගලයා වන ඔහු, එක් වතාවක් පමණක් පදවිය හෙබ වූ එකම විධායක ජනපතිවරයා ද වේ. (ආර් ප්‍රේමදාස ජනාධිපතිවරයා ඝාතනය කෙරිණ)

 

රාජිත සේනාරත්න - චතුර සේනාරත්න

පිය පුතු යුගල දෙකක් පසුගිය පාර්ලිමේන්තුවේ සිටියත් ඒ අතරින් රාජිත සේනාරත්නගේ පුත් චතුර සේනාරත්න මෙවර මැතිවරණයේ දී පරාජයට පත්විය.

පසුගිය පාර්ලිමේන්තුව ද නියෝජනය කළ මහින්ද රාජපක්ෂ සහ නාමල් පිය, පුතු දෙදෙනා මෙවර ද පාර්ලිමේන්තුවට තේරී පත් වී සිටිති.

ඒ හැරුණු විට අලුත් පිය පුතු යුගල තුනක් ද මෙවර පාර්ලිමේන්තුවට තේරී පත් වී සිටිති.

1. දිනේෂ් ගුණවර්ධන, යදාමිණි (ජාතික ලැයිස්තුව)

2. ජනක බණ්ඩාර තෙන්නකෝන්, ප්‍රමිත බණ්ඩාර

3. චමල් රාජපක්ෂ, ශෂීන්ද්‍ර

 

පිය, පුතුන් හැරුණු විට නාමල් රාජපක්ෂ, ශෂීන්ද්‍ර සහ නිපුන රණවක ඥාති සොහොයුරන්ය.

 

මහ ගෙදර දමා ආ පක්ෂ දෙකක් මුල් වරට ආණ්ඩුව හා විපක්ෂය වේ !

ඉතිහාසයේ පළමු වරට වෙනත් පක්ෂ දෙකකින් කැඩී ගිය පක්ෂ දෙකක් - ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ සමගි ජන බලවේගය - ආණ්ඩු පක්ෂය සහ ප්‍රධාන විපක්ෂය බවට පත්විය.

Prasanna Arjunaපාර්ලිමේන්තුවේ සිටි සොහොයුරන් දෙදෙනෙකු අතරින් එක් සොහොයුරෙකු (ප්‍රසන්න රණතුංග) තෝරාගත් ඡන්දදායකයන්, අනෙක් සොහොයුරා (අර්ජුන රණතුංග) ප්‍රතික්ෂේප කොට තිබේ.

''මෑත ඉතිහාසයේ පළමු වතාවට ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයට (සන්ධානයෙන්) ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය අහිමි වී තිබේ. පක්ෂය විසින් වෛද්‍ය ජී වීරසිංහ ඒ සඳහා නම්කරනු ලැබ තිබුණි.''

 

''78 න් පසු කිසිදු තනි පක්ෂයකට තුනෙන් දෙකක් ගන්න බැරිවෙලා''

ජේආර් ජයවර්ධන අගමැතිවරයා 1978 දී විධායක ජනාධිපති ක්‍රමය හඳුන්වා දුන් අවස්ථාවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එය දැඩිව විවේචනය කළ අතර, තමන් බලයට පැමිණිය හොත් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන බවට චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග සහ මහින්ද රාජපක්ෂ යන ශ්‍රීලනිප ජනාධිපතිවරු මෙන්ම යහපාලන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ද ප්‍රතිඥා දුන්හ.

1977 දී ජේආර් ජයවර්ධන හයෙන් පහේ බලයක් අත්පත් කරගන්නා විට ශ්‍රීලනිපයේ පතාක යෝධයින් විශාල පිරිසකට මෙන්ම එවකට තරුණ මන්ත්‍රීවරයෙකු වූ මහින්ද රාජපක්ෂට ද සිය අසුන අහිමිවිය.

1978 දී ජේආර් ජයවර්ධන ජනාධිපතිවරයා විසින් සමානුපාතික ඡන්ද ක්‍රමය හඳුන්වාදීමෙන් අනතුරුව මෙතෙක් කිසිදු තනි පක්ෂයක් තුනෙන් දෙකේ බහුතර බලයක් අත්කර ගැනීමට සමත්වී නැත.

මෑත ඉතිහාසයේ පළමු වතාවට ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයට (සන්ධානයෙන්) ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය අහිමි වී තිබේ. පක්ෂය විසින් වෛද්‍ය ජී වීරසිංහ ඒ සඳහා නම්කරනු ලැබ තිබුණි.

Saroj Pathiranaසරෝජ් පතිරණ
BBC මාධ්‍යවේදී
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

(BBC මාධ්‍යවේදී සරෝජ් පතිරණ ගේ FB පිටුවේ පලවී ඇති ''අලුත් පාර්ලිමේන්තුව, නව ප්‍රවණතා සහ පාර්ලිමේන්තු ඉතිහාසය''  යන සටහනින් උපුටා ගැනින)

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්