"අපේ ජන බල පක්ෂයට" හිමි ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය කා හට ලබාදෙනවා ද යන්න එම පක්ෂය තුළ දැඩි ආන්දෝලනයක් ඇති වී තිබේ.

 

මැතිවරණ කොමිසමේ ප්‍රකාශකයෙකු පැවසුවේ, එම පක්ෂයේ  මහලේකම් පූජ්‍ය අස්ගිරියේ විමලවංශ හිමියන් විසින්, තමන් වහන්සේ පාර්ලිමේන්තුව සඳහා තෝරාගෙන ඇති බවට වූ ලිපියක් මැතිවරණ කොමිසම වෙත පෙරේදා  (07) ලබාදී ඇති බවය.

ඊට එරෙහිව ඊයේ (08) මැතිවරණ කොමිසමට ගිය "අපේ ජන බල" පක්ෂයේ සභාපතිවරයා ඇතුළු පිරිසක් පවසා ඇත්තේ, අදාළ තෝරාපත්කර ගැනීම ගැටලු සහගත බවත් ඉදිරියේ දී වෙනත් අයේකුගේ නමක් අදාළ මන්ත්‍රීධුරය සඳහා යෝජනා කරන බවත්ය. 

ඒ සඳහා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමි, පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමි හා පූජ්‍ය පාහියන්ගල ආනන්ද සාගර හිමිගේ නම් යෝජනා වී ඇති බව එම පක්ෂයේ ආරංචිමාර්ග අනාවරණ කළේය. 

'අපේ ජන බල පක්ෂයේ' අභ්‍යන්තර ආරංචිමාර්ග පවසන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රීධුරය පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන්ට ලබාදීමට පක්ෂයේ බහුතරයේ  එකඟත්වය පලවී ඇති බවය. 

උන්වහන්සේ පත්කිරීම සම්බන්ධයෙන් පැනනැගී ඇති නීතිමය ගැටලුවක් හේතුවෙන් පූජ්‍ය විතාරන්දෙනියේ නන්ද හිමියන් මුලින් පාර්ලිමේන්තුව පත් කර පසුව උන්වහන්සේ ඉල්ලා අස්වී ඥානසාර හිමියන් පත් කිරීමට මේවනවිට තීන්දු වී තිබේ.

කෙසේවුවද 'නෙත් නිවුස්' කළ විමසීමකදී අපේ ජන බල පක්ෂයේ නායක පූජ්‍ය අතුරලියේ රතන හිමියන් පැවසුයේ, තම පක්ෂයට හිමි ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය සඳහා පත් කරන්නේ කවුරුන්ද යන්න මෙතෙක් තීරණය කර නොමැති බවයි.

 

රජයේ ප්‍රබලයකුගේ රැකවරණ !

මේ අතර theleader.lk වෙත වාර්තා වන්නේ, මේවනවිට සැඟවී සිටින "අපේ ජන බල පක්ෂයේ'  මහලේකම් පූජ්‍ය අස්ගිරියේ විමලවංශ හිමියන්ට රජයේ ප්‍රබලයකුගේ සහය ලැබී ඇතිබවයි. ඒ, 'පොහොට්ටු' ආණ්ඩුවට සහය පලකිරීමට උන්වහන්සේ විසින් ලබාදී ඇති පොරොන්දුව මතය.

එම තත්වය තුල උන්වහන්සේ පක්ෂයේ ලේකම් ධුරයෙන් ඉවත්කර එබව මැතිවරණ කොමිසමට දැනුම්දීමට "අපේ ජන බල පක්ෂයේ' මාධ්‍ය කාරක සභාව මේවනවිට කටයුතු කර ඇත.

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්