හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ කාර්ය මණ්ඩල ප්‍රධානියාව සිටි ගාමිණී සෙනරත්ට හා විදේශ කටයුතු අමාත්‍යංශයේ අධීක්ෂණ මන්ත්‍රී ලෙස කටයුතු කළ

සජින් වාස් ගුණවර්ධනට එරෙහිව ලැබී තිබුන පැමිණිලි සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදුකළ විමර්ශනයන්ට අදාල ලිපිගොනු කිහිපයක්ම අස්ථානගතව ඇතැයි පොලිස් මුලස්ථාන ආරංචිමාර්ග පවසයි.

නඩු පැවරීමට හා වැඩිදුරටත් උපදෙස් ලබාගැනීමට මෙම ලිපිගොනු නීතිපති දෙපාර්තමේන්තුවට යොමුකර ඇති අතර ඉන්පසු ආගිය අතක් නැතැයි එම ආරංචිමාර්ග වැඩිදුරටත් පවසයි.

ප්‍ර‍ධානී ගාමීණී සෙනරත් ට එරෙහිව විමර්ශන 6 ක් පවත්වා තිබිණ.

වත්මන් ආණ්ඩුව බලයට පත් වූයේ දූෂණ චෝදනාවලට ලක්ව සිටින දේශපාලනඥයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බවට ප්‍රතිඥා දෙමින්ය.

යහපාලන ආණ්ඩුව බලයට පත් වී වසර හතරකට ආසන්න කාලයක් ගතව ඇති අතර වත්මන් ආණ්ඩුවේ ඇතැම් ප්‍රබලයන්ට ද මේ වනවිට එවැනිම වූ චෝදනා එල්ල වෙමින් පවතී.

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්