ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ යටතේ තරඟ කළ ලංකා සමසමාජ පක්ෂයේ අපේක්ෂකයන් තිදෙනාම පරාජයට පත් වී ඇත.

කෑගල්ල දිස්ත්‍රික්කයට තරඟ කළ වයි. ජී. පද්මසිරි,  ගාල්ල දිස්ත්‍රික්කයට තරඟ කළ බද්දේගම සමිත හිමි සහ මහනුවර දිස්ත්‍රික්කයට තරග කළ නීතිඥ චන්ද්‍රිකා සේනාරත්න එම පරාජිත අපේක්ෂකයින් වේ.

 ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයෙන් මාතර දිස්ත්‍රික්කයට තරඟ කර වීරසුමන වීරසිංහ ජයග්‍රහණය කර ඇති අතර එම පක්ෂයෙන් කොළඹ දිස්ත්‍රික්කයට තරඟ කළ මහේෂ් අල්මේදා පරාජයට පත් වී ඇත.

ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණෙන් රත්නපුර දිස්ත්‍රික්කයට තරග කළ වාසුදේව නානායක්කාර හා එම පෙරමුණෙන් මොනරාගල දිස්ත්‍රික්කයට තරඟකළ ගයාෂාන් නවනන්දන ජයග්‍රහණය කර තිබේ.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තුව තුළ ලංකා සමසමාජ පක්ෂයේ නායක මහාචාර්ය තිස්ස විතාරණ, කොමිනිස්ට් පක්ෂයේ වෛද්‍ය ගාමිණී වීරසිංහ හා ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ නිමල් රණවක යන නියෝජිතයින් නම් සඳහන් වුවද පාර්ලිමේන්තුවට නම් කර ඇත්තේ මහාචාර්ය තිස්ස විතාරණ පමණි. 

(අනිද්දා - ඉඳුවර බණ්ඩාර)

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්