ජනාධිපති නීතිඥ මොහොමඩ් අලි සබ්‍රිට වත්මන් ආණ්ඩුවේ අධිකරණ අමාත්‍ය ධූරය ලබාදීමට එරෙහිව

අන්තවාදී සිංහල සංවිධාන වලින් මේවනවිට දැවැන්ත මඩ මෙහෙයුමක් ක්‍රියාත්මක වෙමින් තිබේ.

ඊට අදාල මාධ්‍ය මෙහෙයුම ප්‍රකට ව්‍යාපාරිකයකුගේ මැදිහත්වීම මත සිදු කෙරෙන්නක් බවට රජයේ බුද්ධි සේවා විසින් ජනාධිපතිවරයා දැනුවත්කර ඇතැයි වාර්තාවේ.

එම ව්‍යාපාරිකයා විසින් නඩත්තු කරන අන්තවාදී හිමිවරුන් කිහිප නමක් ම පසුගිය දින කිහිපයෙහි අලි සබ්‍රිට එරෙහිව ප්‍රකාශ ලබාදී තිබිණ.

පසුගියදා පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් සිංහලේ' සංවිධානයේ  පූජ්‍ය මැඩිල්ලපෙඤ්ඤාලෝක හිමි පවසා සිටියේ, අලි සබ්‍රි අන්තවාදයට උඩගෙඩි දෙන මත පළ කරමින් දෙබිඩි පිළිවෙතක් අනුගමනය කරමින් සිටින පුද්ගලයෙකු බවය.

පසගිය පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ඊට අදාල පුද්ගලයන් අත්අඩංගුවට ගනිමින් සිටින මොහොතක නීතිඥ අලි සබ්‍රි වැනි පුද්ගලයෙකු අධිකරණ අමාත්‍ය ධූරයට පත් කිරීම සබ්බන්ධව මහත් සැකයක් පවතින බවද උන්වහන්සේ අවධාරණය කර සිටියහ.

විමල් විරවංශගේ ජාතික නිදහස් පෙරමුණ විසින් මෙහෙයවනු ලබන සමාජ මාධ්‍ය ඔස්සේ මෙවැනි අන්තවාදීන්ගේ ප්‍රකාශවලට පුළුල් ප්‍රචාරයක් ලබාදෙමින් සිටිති.

සබැඳි පුවත් :

අලි සබ්රිට අධිකරණ ඇමතිකම ෂුවර් - දිලිත්ගෙන් සහතිකයක්  

මුස්ලිම් ජාතිකයකුට අධිකරණ ඇමතිකම නොදෙන්නැයි බලපෑම් !

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්