''පාතාල නායකයෙක් හැටියට ප්‍රසිද්ධ වෙච්ච ඒ වගේම මිනීමැරුම්වලට සම්බන්ධ වෙච්ච සමන් පෙරේරා

දැන් තමන්ම ජාතික ලැයිස්තුවට නම් කරගෙන තියෙනවා. එය වැලැක්වීමට වහාම කටයුතු කල යුතුයි '' යයි  'අපේ ජනබල පක්ෂයට' අයිතිවාසිකම් කියන පුජ්‍ය අතුරලියේ රතන හිමියන් සිය පක්ෂයෙන් ක්‍රියාකාරීන් වෙත දැනුම්දීමක් කර ඇත.

මෙවර මහ මැතිවරණයේදී 'අපේ ජනබල පක්ෂයට' හිමි වූ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක්  හිමි වූ අතර එම පක්ෂයේ සභාපති ලෙස සැලකෙන්නේ සමන් පෙරේරා නමැත්තෙකි.

තම පක්ෂයට හිමි වූ මන්ත්‍රී ධුරය ඩැහැගැනීමට කටයුතු කරමින් සිටින පක්ෂයේ' මහලේකම් වේදිනිගම විමලතිස්ස ස්වාමීන් වහන්නේ සම්බන්ධයෙන් වහාම තීන්දුවක් ගතයුතු බව ද අතුරලියේ රතන හිමියන් පවසති.

එම දැනුම්දීම සහිත හඬපටයක් මේවනවිට සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වෙමින් තිබේ. එහි මෙසේ සඳහන්වේ.

පුජ්‍ය අතුරලියේ රතන හිමියන් විසින් මෙවර මහ මැතිවරණයට ඉදිරිපත්වීම සඳහා 'අපේ ජනබල පක්ෂය' කුලියට ලබාගෙන තිබු අතර ඊට අදාල සියලු ගනුදෙනු සිදුකර තිබුනේ රතන හිමියන් විසිනි.

එහිදී ඇතිකර ගත් එකඟත්වය මත පක්ෂයේ ලේකම් ලෙස විමලතිස්ස හිමියන්ව නම් කර තිබුනේ ද රතන හිමියන්ය.

රතන හිමියන්ගේ හඬ පටයේ මෙසේ සඳහන් වේ.

''ඒ වගේම ටිකිරි කොටුව නමින් සංකල්පයක් හදා ලක්ෂ 20 ක බීජ ලංකාව පුරාම ව්‍යාප්ත කරේ මේ ව්‍යාපාරය ගොනැගීම සඳහයි.''

''මේ ව්‍යාපාරය ගොඩනැගීම සඳහා සියලු දෙනාම එකතු කරගැනීට මා විශාල කැපවීමක් කළ බව ඔබ සැම දන්නවා ඇතැයි සිතමි. ඒ වගේම මම ආරම්භයේදීම රුවන්වැලි සෑයට ගොස්  විශාල වියදමක් කර රැස්වීමක් කළේ හැමදෙනා තුළම ප්‍රබෝධයක් ඇති කරගන්න. ඒ සඳහා මුදල් සොයා දුන්නේ මම.

ඒ වගේම ටිකිරි කොටුව නමින් සංකල්පයක් හදා ලක්ෂ 20 ක බීජ ලංකාව පුරාම ව්‍යාප්ත කරේ මේ ව්‍යාපාරය ගොනැගීම සඳහයි.

ඒ වගේම මේ ව්‍යාපාරය ඔසවා තැබීම සඳහා අපට කෝටි දහයක් විතර අවශ්‍ය වුණත් එක කෝටියක්වත් වියදම් කරන්න අපට බැරි වුණා.

ඥානසාර ස්වාමීන් වහන්සේගේ සහ මගේ ප්‍රතිරූපය මත ඡන්ද ලැබෙනවාය කියා සිතුවත් අප දෙදෙනාම තේරුම් ගන්න ඕනේ අපට එලැබ්ච්ච ඡන්දයක් නැති බව. යන්තම් ශේෂයකට අපට ආසනයක් ලැබුනා.

ඥානසාර ස්වාමීන් වහන්සේගේ සහ මගේ ප්‍රතිරූපය මත ඡන්ද ලැබෙනවාය කියා සිතුවත් අප දෙදෙනාම තේරුම් ගන්න ඕනේ අපට එලැබ්ච්ච ඡන්දයක් නැති බව. යන්තම් ශේෂයකට අපට ආසනයක් ලැබුනා.

මෙහිදී අප කිසි ලෙසකින්වත් ගැටුමක් ඇති කරගන්නේ නැතුව ඥානසාර ස්වාමීන් වහන්සේ සහ මා අතර කිසියම් සම්මුතියක් ඇති කර ගැනීම මේ අවස්ථාවේ අත්‍යවශ්‍යයි. ඒ සඳහා ඉතාම ඉක්මනින් සාකච්ඡා කොට අපි එකඟතාවයක්ට එන්න ඕනේ.

ඊට කලින් ඉතාම වැදගත් දේ තමයි විමලතිස්ස ස්වාමීන් වහන්නේ අපි සමග සාකච්ඡාවලට ආ යුතුයි. තාම උන්වහන්සේ එන බව කිව්වත් අපිව හමුවන්න ආවේ නැහැ. උන්වහන්සේ ඉන්න තැනක් අපි දන්නේ නැහැ. උන්වහන්සේම නම් කරගෙන තියෙනවා උන්වහන්සේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයා කියලා.

පාතාල නායකයෙක් හැටියට ප්‍රසිද්ධ වෙච්ච ඒ වගේම මිනීමැරුම් වලට සම්බන්ධ වෙච්ච සමන් පෙරේරා දැන් තමාව ජාතික ලැයිස්තුවට නම් කරගෙන තියෙනවා. මේක වලක්වන්න ඕනේ. අපේ ජනබල පක්ෂයේ සාමාජිකයෝ නෙවෙයි අපි. අපි සම්බන්ධයෙන් තීරණ ගන්නේ අපේ අනෙක් සාමාජිකයෝ.

පාතාල නායකයෙක් හැටියට ප්‍රසිද්ධ වෙච්ච ඒ වගේම මිනීමැරුම් වලට සම්බන්ධ වෙච්ච සමන් පෙරේරා දැන් තමාව ජාතික ලැයිස්තුවට නම් කරගෙන තියෙනවා. මේක වලක්වන්න ඕනේ. අපේ ජනබල පක්ෂයේ සාමාජිකයෝ නෙවෙයි අපි. අපි සම්බන්ධයෙන් තීරණ ගන්නේ අපේ අනෙක් සාමාජිකයෝ.

ඒ නිසා විජය ධර්මය ජාතික සභාවට මම නායකත්වය දෙනවා. ඔබ සියලු දෙනාම මා කියන දේ සාවධානව අසා සිටිනු ඇතැයි මම බලාපොරොත්තු වෙනවා. වගකීමක් ඇති භික්ෂුවක් හැටියට මා කියන දේට ඔබ  සවන් දේවි යැයි මම විශ්වාස කරනවා.''

 

''කොඩියේ මන්ත්‍රී මමයි. නම ගැසට් කලාම එලියට එනවා''.- ලේකම් හිමි සැගවී සිට කියති…

මෙවර මහ මැතිවරණයේදී ජාතික ලැයිස්තුවෙන් මන්ත්‍රී ධුරයක් හිමි වූ අපේ ජන බල පක්ෂයට එම මන්ත්‍රී ධුර ලබා ගැනීමට මේවනවිට පස් දෙනෙකු අතර තියුණු සටනක් ඇතිවී තිබේ.

පුජ්‍ය වේදිනිගම විමලතිස්ස හිමි, පූජ්‍ය අතුරලියේ රතන හිමි, පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි, පක්ෂයේ සභාපති, පක්ෂයෙන් තරග කළ සුනේත්‍රා සමරකෝන් යන අය මන්ත්‍රී ධූරය ඉල්ලා සිටින් නිසා මෙම තත්ත්වය ඇති වී තිබේ.

මේ අතර අපේ ජන බල පක්ෂය මහ ලේකම් වූයේ වේදිනිගම විමලතිස්ස හිමියන් තමන් මන්ත්‍රීවරයා බව පවසමින් මැතිවරණ කොමිසමට ලිඛිතව දන්වා ඇත.

ඒ හේතුව මත පක්ෂයේ 'මධ්‍යම කාරක සභාව' රැස් වී මහ ලේකම් ධුරයෙන් විමලතිස්ස හිමියන් ඉවත් කර ඇත.

මේ අතර මැතිවරණ කොමිසමට තමන්ගේ නම යෝජනා කර ගැනීමෙන් අතුරුදහන්ව සිටින වේදියගම විමලතිස්ස හිමියන් සඳහන් කරන්නේ මන්ත්‍රීධූරය සඳහා පක්ෂය පස්දෙනකු පොරකන නිසා එම ගැටළුව විසඳීම වෙනුවෙන් තමන්ගේ නම ජාතික ලැයිස්තුවට ඇතුළත් කළ බවයි.

තමන්ගේ මන්ත්‍රී ධුරය කිසිවෙකුට අවලංගු කල නොහැකි බවත් තම නම මන්ත්‍රීවරයෙක් ලෙස ගැසට් කල පසු දැනට ආරක්‍ෂිතව සැගවී සිටින ස්ථානයෙන් එලියට එන බවත් උන් වහන්සේ සදහන් කර ඇත.

සබැඳි පුවත් :

ආණ්ඩුවේ ලොක්කෙක් ඥානසාර හිමිගේ පක්ෂයේ ලේකම් හිමිනම 'ප්‍රැන්සිස්කුකරණය' කරල!

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්