පාර්ලිමේන්තුවේ හිටපු මන්ත්‍රීවරුන් හා පක්ෂ ජ්‍යෙෂ්ඨයන් අතර ඊයේ (10) පැවැති සාකච්ඡාවේදී නව නායකත්වයක අවශ්‍යතාව,

පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ පැහැදිලි පෙන්වාදී ඇතැයි එක්සත් ජාතික පක්ෂය පවසයි.

මේ සම්බන්ධයෙන් අදාළ කණ්ඩායම් සමග සාකච්ඡා කොට මීළඟ පක්ෂ කෘත්‍යාධිකාරි මණ්ඩල රැස්වීමට දැනුම් දෙන ලෙස පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ  වැඩිදුරටත් සඳහන් කළ බව එක්සත් ජාතික පක්ෂය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියි.

එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ පෙන්වා දෙන ආකාරයට පක්ෂය සම්පුර්ණයෙන්ම ප්‍රතිසංවිධානය කර ජයග්‍රාහී මාවතට ගෙන ඒමේ ක්‍රමවේදය සකස් කිරීම කළ යුතුව ඇත.

එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් අකීල විරාජ් කාරියවසම් ඊයේ (10) පැවති මාධ්‍ය හමුවක දී ප්‍රකාශ කර සිටියේ,

පක්ෂ නායකත්වයෙන් ඉල්ලා අස්වීමට රනිල් වික්‍රමසිංහ තීරණය කර ඇති බවකි.

නායකත්වය සඳහා නම් 4 ක් යෝජනා වී ඇති බවද ඔහු එහිදී කියා සිටියේය. අඛිල විරාජ් කාරියවසම්, රවී කරුණානායක, දයා ගමගේ හා වජිර අබේවර්ධන එසේ යෝජනා වී ඇති එජාප ජ්‍යෙෂ්ඨයින් ය.

''අපි විස්වාස කරනවා අනාගතයේ අපි ප්‍රතිසංවිධානය වෙලා ඉදිරි ගමනක් යන්න පුළුවන් කියලා. ඒ වගේම පක්ෂ නායකත්වය පක්ෂ නායකත්වයෙන් ඉවත්වෙන්න තීරණය කරලා තියෙන බව එතුමා දැණුම් දුන්නා. ඒ වගේම පක්ෂයට නව නායකයෙක් පත් කරගන්න සියලු දෙනාගේම අදහස් විමසනු ලැබුවා. ඒ අනුව නම් හතරක් ආවා ඒ නම් හතරත් සමග හෙට නෙවෙයි අනිද්දා පක්ෂ නායකතුමත් එක්ක සාකච්ජා කරලා තීරණයක් අරගෙන පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයට ඉදිරිපත් කරන්න තීරණය කළා.'' යයි අඛිල විරාජ් එහිදී වැඩිදුරත් කියා සිටියේය.

''ඇයි මේකේ තරුණ නායකත්වයක් හැටියට නවීන් දිසානායක මැතිතුමා නැත්තේ ?'' යයි මාධ්‍යවේදියකු කළ විමසීමේදී එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම්වරයා කියා සිටියේ, ''එතුමා එන නායකයට සහය දෙනවා කියාය.

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්