ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සභාපතිත්වය දරන වියත්මග සංවිධානය නියෝජනය කරමින් මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණය සඳහා

තරගකර ජයගත් පිරිසට හෝ ජාතික ලැයිස්තුවෙන් පත්කළ නියෝජිතවරියට හෝ කැබිනට් අමාත්‍ය ධුර හිමි නොවීම විශේෂත්වයකි.

වියත්මග නියෝජනය කරමින් කොළඹ දිස්ත්‍රික්කයට තරඟ කළ, රියර් අද්මිරාල් සරත් වීරසේකර දිස්ත්‍රික්කයෙන් වැඩිම මනාප ලබා ගනිමින් පාර්ලිමේන්තුවට තේරී පත් විය. ඔහු, නාගරික සංවර්ධනයට අදාල කැබිනට් අමාත්‍ය ධුරයක් බලාපොරොත්තුවෙන් සිටියද, ඔහුට හිමි වූවේ පළාත් සභා සහ පලාත් පාලන රාජ්‍ය අමාත්‍ය ධුරයයි.

ඔහුට අමතරව, වියත්මග සංවිධානය නියෝජනය කරමින් තරග වැදුණු නාලක ගොඩහේවා, මහාචාර්ය චන්න ජයසුමන, ගුණපාල රත්නසේකර, නාලක බණ්ඩාර කෝට්ටේගොඩ, වෛද්‍ය උපුල් ගලප්පත්ති, වෛද්‍ය ගයාෂාන් නවනන්ද, වෛද්‍ය තිලක් රාජපක්ෂ පාර්ලිමේන්තුවට තේරී පත් විය.

මේ අතරෙන් වෛද්‍ය සීතා අරඹේපොල ජාතික ලයිස්තුව නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට තේරී පත් විය.

 

වියත්මග ආරම්භය :

VIyathmagaනාලක ගොඩහේවා ගේ FB පිටුවෙන්

වියත්මග සංවිධානයේ නායකත්වය හා සභාපතිත්වයට ගෝඨාභය රාජපක්ෂට ආරාධනා කිරීම සිදුවුයේ 2016 පෙබරවාරි 4 නිදහස් දිනය දාය. 'වියත්මග' සංවිධානයේ ආරම්භය ලෙස එදින සැලකේ.

මහින්ද රාජපක්ෂ ද සහභාගී වී සිටි එම අවස්ථාව සනිටුහන් කරමින් 'වියත්මග' ආරම්භක සාමාජිකයින් කිහිප දෙනෙකු ගෝඨාභය රාජපක්ෂගේ නිවසේදී ගනු සමුහ ජායරුපයක් ආචාර්ය නාලක ගොඩහේවා විසින් ඔහුගේ FB පිටුවේ පළකර ඇත්තේ, ''වියත්මග ආරම්භක සාමාජිකයන් 12 දෙනා සමග කියාය.

ජායාරුපයේ දැක්වෙන ආකාරයට ගෝඨාභය රාජපක්ෂ සමග එම අවස්ථාවට එක්වූ 12 දෙනා මෙසේය.

    මහින්ද රාජපක්ෂ
    මනෝරි උනම්බුව
    නීතිඥ දිනේෂ් දොඩම්ගොඩ
    දමිත වික්‍රමසිංහ
    සඳමාලි ඒකනායක
    ආචාර්ය නාලක ගොඩහේවා
    මහාචාර්ය ජනිතා ලියනගේ
    රියල් අද්මිරාල් සරත් වීරසේකර
    දෙවලොචන රණසිංහ
    ඉන්දික ලියනහේවගේ
    තෙෂාර ජයසිංහ
    නිවන්ත ප්‍රනාන්දු  

මහාචාර්ය කුඹුරුගමුවේ වජිර හිමි, අනුරාධා යහම්පත්, ශාමිලා ගෝනවල, මහාචාර්ය විමලධර්ම අබේවික්‍රම සහ ආචාර්ය පුංචිනිලමේ මීගස්වත්ත ද මෙම සංවිධානයේ ආරම්භක සාමාජිකයින් ලෙස සැලකේ.

ඉහල ජායාරුපයේ සිටින පුද්ගලයින් අතරින් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ධුරයටත්, මහින්ද රාජපක්ෂ අගමැති ධුරයටත් පත්ව සිටිති.

sarath nalakaපසුගිය මහ මැතිවරණයට කොළඹින් ඉදිරිපත් වූ රියල් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර හා ගම්පහ දිස්ත්‍රීක්කයෙන් ඉදිරිපත් වූ ආචාර්ය නාලක ගොඩහේවා වාර්තාගත ඡන්ද ප්‍රමාණයක් ගනිමින් ඒ දිස්ත්‍රීක්ක වලින් පළමු ස්ථානයට පත්විය.

ඒ අනුව, අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර පළාත් සභා හා පළාත් පාලන කටයුතු රාජ්‍ය අමාත්‍යවරයා ලෙසත්,  ආචාර්ය නාලක ගොඩහේවා නාගරික සංවර්ධන, වෙරළ සංරක්ෂණ, අපද්‍රව්‍ය බැහැරලීම හා ප්‍රජා පවිත්‍රතා කටයුතු රාජ්‍ය අමාත්‍යවරයා ලෙසත් ඊයේ දිව්රුම් දුන්නේය.

මනෝරි උනම්බුව මේවනවිට ජර්මනියේ ශ්‍රී ලංකා තානාපතිනිය ලෙස කටයුතු කරන අතර  මහාචාර්ය ජනිතා ලියනගේ විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ උප සභාපති ලෙස කටයුතු කරයි.

දමිත වික්‍රමසිංහ ශ්‍රී ලංකා වෘත්තීය අධිකාරියේ සභාපති ලෙස කටයුතු කරන අතර තෙෂාර ජයසිංහ ජාතික තරුණ සේවා සභාවේ සභාපති හා අධ්‍යක්ෂ ජනරාල් ලෙස කටයුතු කරයි.

Channa Seethaජායාරුපයේ පෙනී සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වන නීතිඥ දිනේෂ් දොඩම්ගොඩ, මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිව සිටිය දී  ආරක්ෂක අමාත්‍යාංශයේ ජාතික මාධ්‍ය මධ්‍යස්ථානයේ සභාපති ලෙස කටයුතු කළේය.

නිවන්ත ප්‍රනාන්දු ජනාධිපතිවරයාගේ සමාජ මාධ්‍ය ඒකකයේ ප්‍රධානියා ලෙස කටයුතු කරයි.

මහාචාර්ය කුඹුරුගමුවේ වජිර හිමියන් සබරගමු විශ්ව විද්‍යාලය කුලපති ලෙස කටයුතු කරන අතර අනුරාධා යහම්පත් නැගෙනහිර ආණ්ඩුකාර ලෙසත් ශාමිලා ගෝනවල කොළඹ නාගරික මන්ත්‍රීවරියක ලෙසත් කටයුතු කරයි.

වියත්මග සංවිධානයට පසුව එක්වූ  සිතා අරඹේපොළ, නිපුණතා සංවර්ධන, වෘත්තීය අධ්‍යාපන, පර්යේෂණ හා නව නිපැයුම් රාජ්‍ය අමාත්‍යවරිය ලෙසත්, මහාචාර්ය චන්න ජයසුමන ඖෂධ නිෂ්පාදනය, සැපයීම හා නියාමන රාජ්‍ය අමාත්‍යවරයා ලෙසත් ඊයේ දිනයේ දිව්රුම් දුන්නේය.

 

සබැඳි පුවත් :

වියත්මගට ඇමති ධුර 4ක් ! - සරත්-නාලක-සීතා-චන්න

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්