හිටපු අමාත්‍ය මංගල සමරවීරට එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් ධූරය ලබා දී නැවත එම පක්ෂයට බඳවා ගැනීමට

එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ යෝජනා කර ඇතත්, එජාප හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අතරින් වැඩි පිරිසක් එම යෝජනාවට එකඟ වී නොමැති බව සති අන්ත 'අනිද්දා' පුවත්පත වාර්තා කරයි.

මංගල සමරවීර 'සමගි ජන බලවේගය' නිර්මාණය කිරීමට මුල් වූ නායකයෙකු බවත්, එම නිසා ඔහුට පක්ෂයේ ඉහළ තනතුරක් ලබා දී පක්ෂයට නැවත ගෙන්වා නොගත යුතු බවත් එම මන්ත්‍රීවරුන්ගේ අදහස වී ඇතැයි එම පුවත් වාර්තාවේ තවදුරටත් සඳහන් වේ.

එජාප නායක රනිල් වික්‍රමසිංහට හිතවත් හිටපු එජාප පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු එම පුවත්පතට ප්‍රකාශ කර ඇත්තේ, මංගල සමරවීර නැවත පක්ෂයට ගෙන්වා ගැනීමේ අදහස වෙනස් නොකරන බවය.

එජාප නායක රනිල් වික්‍රමසිංහට හිතවත් හිටපු එජාප පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු 'අනිද්දා' පුවත්පතට ප්‍රකාශ කර ඇත්තේ, මංගල සමරවීර නැවත පක්ෂයට ගෙන්වා ගැනීමේ අදහස වෙනස් නොකරන බවය.

 

ප්ලාන්ට් නිව්ස් !

කෙසේ වෙතත් රනිල් වික්‍රමසිංහ සහ මංගල සමරවීර අගෝස්තු 09  ඉරිදා මුණගැසී සාකච්ඡාවක් පවත්වා ඇති බවට අගෝස්තු 12  වැනි දා 'අරුණ 'පුවත්පත වාර්තාවේ ඇති කරුණු අසත්‍ය බවත්, එම සති අන්තයේ මංගල සමරවීර මහනුවර ප්‍රදේශයේ සිටි බවත් සමරවීරගේ සමීපතම හිතවතෙක් අවධාරණය කර සිටි බව 'අනිද්දා' පුවත්පත් වාර්තාවේ සඳහන්ව තිබේ.

අගෝස්තු 08 වන දා එජාප නායක රනිල් වික්‍රමසිංහ, මංගල සමරවීර වෙත දුරකථන ඇමතුමක් ලබා දීමක් පමණක් සිදුකර ඇති බවත් එය විනාඩි දෙකක පමණ ඇමතුමක් බවත් එම ප්‍රකාශකයා 'අනිද්දා' පුවත්පතට වැඩිදුරටත් පවසා ඇත.

 

 

#trupatriotlk : මංගල මේ මොනවද කරන්නේ ?

මැතිවරණ දේශපාලනයෙන් සමුගත් මංගල සමරවීර, මේවනවිට සමාජයේ විවිධ ක්ෂේත්‍රවල විද්වතුන් මෙන්ම තරුණ ක්‍රියාකාරීන් සමග සංවාදයක් ගොඩනගමින්, 'සැබෑ දේශප්‍රේමියෝ' නමින් දේශපාලන වැඩකට අතගසා ඇත.

ඒ අනුව, රට ගොඩනැගීම සඳහා රැඩිකල් මැද මාවතක් යෝජනා කරමින් හිටපු අමාත්‍ය මංගල සමරවීර, 'සැබෑ දේශප්‍රේමියෝ' නමින් නව දේශපාලන යෝජනාවලියක් ජනතාවගේ සංවාදයට යොමු කරමින්  #trupatriotlk සමාජ ජාලා තුළින් සිය පළමු වීඩියෝව අගෝස්තු 06දා මුදාහැර තිබිණ. ඒ, මහ මැතිවරණයේ ප්‍රතිපල නිකුත් වෙමින් තිබිය දිය.

එහිදී මංගල සමරවීර, මහාචාර්ය රොහාන් සමරජීව, වික්ටර් අයිවන්, ශාමිනි ඩයස් නාගහවත්ත, ආචාර්ය ආර්.ඒ.එන්. සමරතුංග, ආචාර්ය පාක්‍යසෝති සරවනමුත්තු, ආචාර්ය සුජාතා ගමගේ, අරිත වික්‍රමසිංහ, උපුල් නිශාන්ත, රන්දුලා ද සිල්වා, හරේන්ද්‍රන් ක්‍රිෂ්ණසාමි, ෂෙහාන් ගමගේ, චින්තන ධර්මදාස, චන්දන ප්‍රසන්න, අමිතා අරුප්‍රගාසම්, ජයනී අබේසේකර, දොස්තර සාෆුල් ශාෆි (Zaiful Zafi), විරාජ් කාලිංග, අලි හසන්, ඩැනියෙල් අල්පොන්සස්  (Daniel Alphonsus) සහ තුෂාරා විතාරණ ආදීන් අදහස් දක්වා ඇත.

 

සබැඳි පුවත් :

එජාප නව නායකයා කරු : රනිල් - මංගල රහස් සාකච්ජාවක් 'අරුණට' ලීක් වෙලා!

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්