ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් කර්මාන්ත ඇමති විමල් වීරවංසගේ අමාත්‍යාංශ ලේකම්වරයා ලෙස පත්කර ඇත්තේ,
විමල් විරවංශ පැවති රාජපක්ෂ ආණ්ඩුවේ ඇමතිවරයෙකුව සිටියදී තම බිරිඳ ශෂී විරවංශ ඉදිරිපත් කළ කූඨ ලේඛණවලට අදාළව ව්‍යාජ විදෙස් ගමන් බලපත්‍රයක් සකස් කර දුන් බවට අධිකරණය හමුවේ සාක්ෂි ලබාදෙමින් පිළිගත් හිටපු ආගමන හා විගමන පාලක ජෙනරාල් ඩබ්.ඒ. චූලානන්ද පෙරේරාය.
අමාත්‍ය විමල් වීරවංශගේ බිරිය වන ශෂී වීරවංශට අයත් සාමාන්‍ය විදේශ ගමන් බලපත්‍රයේ සහ ඇයගේ රාජතාන්ත්‍රික විදේශ ගමන් බලපත්‍රයේ නම් සහ උපන් දිනයන්හි වෙනස්කම් දක්නට තිබුණ බවත් එම වෙනස්කම් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කළ යුතුව තිබුණත් එසේ නොකළ බවත්, තමන් එසේ නොකළේ මානුෂික හේතූන් මත බවත් චූලානන්ද පෙරේරා එහිදී අධිකරණය හමුවේ සාක්ෂි ලබාදෙමින් ප්‍රකාශ කර තිබිණි.
ඉකුත් රාජපක්ෂ ආණ්ඩුවේ නිවාස හා ඉදිකිරීම් ඇමැති ලෙස කටයුතු කළ විමල් වීරවංශ, දිනක් දුරකතනයෙන් තමා අමතා තම බිරියට රාජතාන්ත්‍රික විදේශ ගමන් බලපත්‍රයක් ලබා ගැනීමට අවශ්‍ය බවත් ඒ සඳහා ඇය පැමිණෙන බවට දැනුම් දුන්නේ යැයිද එසේ පැමිණි විත්තිකාර ශෂී විරවංශගේ සාමාන්‍ය විදේශ ගමන් බලපත්‍රයේ උපන් වර්ෂය ලෙස සඳහන් වුයේ 1967 වසර බවත් රාජතාන්ත්‍රික ගමන් බලපත්‍රයක් ලබාගැනීම සඳහා ඉදිරිපත් කළ අයැදුම්පතේ උපන් වර්ෂය ලෙස සඳහන්ව තිබුණේ 1971 වසර බවත් එම වසර 04ක වෙනස නොතකා හැර එම කාර්යය ඉටුකර දුන් බවත් චූලානන්ද පෙරේරා අධිකරණයේදී පිලිගන්නා ලදි.
හිටපු ආගමන හා විගමන පාලකවරයා ලෙස ඉහළ තනතුරක් දරද්දී මෙවැනි වරදක් පෙනි පෙනී තිබියදී විදේශ ගමන් බලපත්‍රයක් ව්‍යාජ ලෙස නිකුත් කිරීම බරපතල වරදක් බවද අධිකරණයේ කරණු දක්වමින් රජයේ නියෝජ්‍ය සොලිටර් ජනරාල්වරයා පෙන්වා දී තිබිණි.
මෙම ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කර අවිධිමත් රාජ්‍යතාත්ත්‍රික විදේශ ගමන් බලපත්‍රයක් ලබාගත්තේ යැයි චෝදනා කරමින් ශෂී වීරවංශට එරෙහි නඩුව මේ වනවිටත් අධිකරණයේ විභාග වන අතර එම නඩුවේ සාක්ෂිකරුවෙකු වන හිටපු ආගමන හා විගමන පාලක චූලානන්ද පෙරේරා, විමල් විරවංශ අමත්‍ය ධුරය දරන අමාත්‍යාංශයේම ස්ථීර ලේකම්වරයා ලෙස පත්කිරීමද හාස්‍ය ජනක කරුණකි.
කුථ ලේඛන සැකසීමට අදාළ නඩුව සම්බන්ධයෙන් ශෂි වීරවංශ අත්අඩංගුවට ගන්නා ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය විසින් පසුගියදා (ජුලි 21) වරෙන්තුවක් ද නිකුත් කර තිබිණ. ඒ, ශෂී විරවංශ එදින අධිකරණයේ හමුවේ පෙනී නොසිටි නිසාය.