තමා විසින් MCC ගිවිසුමට අනුමැතිය දුන් බවට පළ වන මාධ්‍ය වාර්තා ප්‍රතික්ෂේප කරන බව නීතිපතිවරයා පවසයි.

ඔහු වැඩිදුරටත් පවසා ඇත්තේ, MCC ගිවිසුම පිළිබඳ ව තවමත් කරුණු හදාරමින් සිටින බවය.

නීතිපති සම්බන්ධීකරණ නිලධාරිනි රජයේ අධිනීතිඥ නිශාරා ජයරත්න මේ බව සඳහන් කළාය.

2018 වසරේ දී නීතිපතිවරයා වෙනුවෙන් නිකුත් කළ ලිපියක් උපුටා දක්වමින් මෙම කරුණු මාධ්‍ය තුළ ප්‍රචාරය වු බව ද ඇය පැවසුවාය.

එම ලිපිය සම්බන්ධයෙන් වත්මන් නීතිපතිවරයාගේ මතය වන්නේ, “මෙම ගිවිසුමේ ව්‍යවස්ථානූකූලභාවය සම්බන්ධයෙන් කිසිදු ප්‍රකාශ වී නොමැති බවයි“ යනුවෙන් ඇය කියාසිටියාය.

ඒ අනුව දැනට පවතින තත්ත්වය අනුව නීතිපතිවරයා විසින් රජයේ අදාළ පාර්ශවකරුවන්ගේ නිරීක්ෂණ කැඳවා ඇතැයි ද නිශාරා ජයරත්න සඳහන් කළාය.

ජනාධිපතිවරයා විසින් පත්කළ කමිටුවේ අවසන් වාර්තාව ද ලැබීමෙන් අනතුරුව එම කරුණු ද සැලකිල්ලට ගෙන MCC ගිවිසුමේ නීතියානූකූලභාවය පිළිබඳ රජයේ අදාළ පාර්ශවකරුවන් ට නීතිපති උපදෙස් ලබා දීමට නියමිත බව ද ඇය පැවසීය.

 

MMC නිසා ශ්‍රී ලංකාවේ කිසිදු නීතියක් උල්ලංඝණයවී නැහැ - නීතිපති දෙපාර්තමේන්තුව

මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ගිවිසුම (MMC) නිසා ශ්‍රී ලංකාවේ කිසිදු නීතියක් උල්ලංඝණය නොවන බවට  නීතිපති දෙපාර්තමේන්තුව විසින් නිර්දේශයක් ලබාදී ඇති බව theleader.lk ඊයේ (අගෝස්තු 13) වාර්තා කළේය.

මෙම ගිවිසුමේ අඩංගු කරුණු පිළිබඳව නීතිපති දෙපාර්තමේන්තුවේ නිල මතය ඉදිරිපත් කරමින් ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ සංජය රාජරත්නම්  2018.10.10 දාතමින් යුතු ලිපියක ලිඛිතව නිර්දේශ කොට ඇත්තේ MCC ගිවිසුම අත්සන් කිරීම හෝ එම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා ශ්‍රී ලංකාවේ වත්මන් නීතිය ප්‍රකාරව කිසිදු බාධාවක් නැති බවයි.

එමෙන්ම MCC ගිවිසුම ක්‍රියාත්මක කිරීම සඳහා යෝජනා කොට ඇති ශ්‍රී ලාංකීය නියෝජිතායතනය ලාභ නොලබන සමාගමක් ලෙස ස්ථාපිත කිරීම සඳහා පාර්ලිමේන්න්තුවේ අනුමැතිය ලබා ගැනීම සුදුසු බව ද නීතිපති දෙපාර්තමේන්තුව විසින් මෙරට MCC කාර්‍යාලයට දැනුම් දී තිබේ.

MCC ගිවිසුම සම්බන්ධයෙන් නීතිපති දෙපාර්තමේන්තුවේ මතය දැක්වෙන ලිපිය

මෙවැනි ජාත්‍යන්තර ගිවිසුමක් සම්බන්ධයෙන් නීතිමය තත්වය පිළිබඳව නිර්දේශ ඉදිරිපත් කිරීමට නීතිපති දෙපාර්තමේන්තුවට බලයක් ඇතත් එවැනි ගිවිසුමක් අනුමත කිරීමේ බලය ඇත්තේ කැබිනට් මණ්ඩලයයි.

MCC ගිවිසුම සම්බන්ධයෙන් සොයාබැලීමට පත් කළ මහාචාර්ය ලලිතසිරි ගුණරුවන්ගේ සභාපතිත්වයෙන් යුතු "විශේෂඳ කමිටු" වාර්තාව අධ්‍යයනය කොට ඒ පිළිබඳ සිය නිරීක්ෂණ ලබා දෙන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඉකුත් මහ මැතිවරණයට පෙර කැබිනට් මණ්ඩලයට දැනුම් දී තිබුනේ ඒ අනුවය.

කෙසේවුවද ජනාධිපතිවරණයේදී මෙන්ම මහ මැතිවරණයේදී ප්‍රධාන මාතෘකාවක් බවට පත්ව තිබු MCC ගිවිසුම සම්බන්ධ කාරණයට අදාලව වත්මන් රාජ්‍ය ඇමතිනී සීතා අරඹේපොළ මැතිවරණ වේදිකාවලදී ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වුයේ මෙසේය.
 
 
සබැඳි පුවත් :


MCC ගිවිසුමෙන් ලංකාවේ කිසිදු නීතියක් උල්ලංඝණය වන්නේ නැහැ - නීතිපති ගෙන් සහතිකයක්

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්