මධ්‍යම කැලිෆෝනියාවේ දිස්ත්‍රික් උසාවියේ ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව පවරන ලද සිවිල් නඩු දෙකෙන් ඔහු ගලවා ගනු පිණිස,

ඔහුට රාජ්‍ය තාන්ත්‍රික මුක්තිය ලබා දෙන මෙන් එක්සත් ජනපද ආණ්ඩුවෙන් ඉල්ලා සිටීමේ සූදානමක් ශ්‍රී ලංකාවෙ විදේශ අමාත්‍යංශය හරහා සැලසුම් කෙරෙමින් තිබෙන බව වාර්තා වෙයි.

දැන් ශ්‍රී ලංකා ආණ්ඩුවේ කිසිදු නිල තනතුරක් හොබවන්නේ නැති ගෝඨාභයට විරුද්ධව පවරා ඇති අධිකරණ ක්‍රියාමාර්ගයන්ට මුහුණ දීමෙන් ඔහු බේරා ගැනීමට උත්සාහ කළ හැකි එකම මග වී ඇත්තේ, ඔහුට රාජ්‍ය තාන්ත්‍රික මුක්තිය ලබාදීමට ශ්‍රී ලංකා රජය විසින් තීරණය කොට, එම තීරණය විදේශ අමාත්‍යංශ හරහා එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවට දැන්වීමයි.

එසේ දන්වනු ලැබුවහොත්, අදාල විනිසුරුවරයා ඒ සම්බන්ධයෙන් දැනුවත් කිරීමට කටයුතු කරනු ඇති අතර, ඒ අනුව නඩුව නිශ්ප්‍රභ කළ යුතුද නැතිද යන්න සලකා බැලීමට ඔහුට සිදුවනු ඇත.

ආණ්ඩුවේ අභ්‍යන්තර ආරංචි මාර්ගයන්ට අනුව ගෝඨාභය බේරාගැනීම සඳහා විදේශ අමාත්‍යංශ හරහා දැරෙන මේ උත්සාහය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මෙන්ම අගමැති රනිල් වික්‍රමසිංහගේ අනුදැනුමත් ඇතිව සිදුවෙමින් තිබෙන බව ආරංචි මාර්ග කියයි.

 

ලසන්ත ඝාතනය:

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතනය කිරීම සම්බන්ධයෙන් ලසන්තගේ දියණිය අහිම්සා වික්‍රමතුංග විසින් 2019 අප්‍රෙල් මාසයේදී පවරන ලද එක් නඩුවක් සඳහා නීති ආධාර සපයනු ලබන්නේ යුක්තිය සහ වගඋත්තරදායකත්වය ( Justice and Respondents contribution) සඳහා වූ මාධ්‍ය විසිනි.

ලසන්ත ඝාතනය සහ විවේචනාත්මක මාධ්‍යකරුවන්ට එරෙහිව ප්‍රචන්ඩත්වය යොදාගැනීම සම්බන්ධයෙන් එවකට සිටි ආරක්ෂක අමාත්‍යංශ ලේකම්වරයා වශයෙන් ගෝඨාභය රාජපක්ෂ වගකිව යුතු බවට පැමිණිල්ල වෙතින් චෝදනා ලැබ තිබේ.

මීට පෙර, චිලියේ ජෙනරාල් අවුගුස්තෝ පිනෝචේගේ මිලිටරි ඒකාධිපති පාලනය විසින් ඝාතනය කරන ලද ගායක වික්ටර් හාරාගේ පවුලේ සාමාජිකයන්ගේත්, එල් සැල්වදෝරයේ හමුදා ඝාතක කණ්ඩායම් විසින් මරා දැමූ අගරදගරු ඔස්කාර් රොමේරෝ ඇතුළු සැල්වදෝර පුවැසියන්ගෙත් අයිතීන් වෙනුවෙන් ද නඩු පැවරීමට මුල් වී ක්‍රියාකරන ලද්දේ යුක්තිය සහ වගඋත්තරදායකත්වය සඳහා වූ මධ්‍යස්ථානය විසිනි.

 

ගෝඨාභයට එරෙහි දෙවැනි නඩුව :

කැනේඩියානු පුරවැසි දෙමළ වින්දිතයෙකු වූ රෝයි සාමාදානම් විසින් කරන ලද පැමිණිල්ලක් මත ගෝඨාභයට එරෙහි දෙවැනි නඩුව පැවරීමට මුල් වී ඇත්තේ දකුණු අප්‍රිකාවේ ජොහැන්නස්බර්ග් නුවර පදනම්ව ක්‍රියාත්මක වන ජාත්‍යන්තර යුක්තිය හා සත්‍යය සඳහා වූ ව්‍යාපෘතියයි (International Justice and Truth Project) .

2017 වසරේදී තමන් අත්අඩංගුවට ගෙන තුන් වසරක් නිකරුනේ රඳවා තබා දරුනු වද හිංසාවන්ට පාත්‍ර කිරීම සම්බන්ධයෙන් සාමාදානම් කළ පැමිණිල්ලක් මත මෙම නඩුව පවරා ඇත්තේ වද හිංසා වින්දිතයන් ආරක්ෂා කිරීමේ පනත යටතේ ය.

කීර්තිමත් අන්තර්ජාතික නීති සමාගමක් වන හවුස්ෆෙල්ඩ් නීති ආයතනය වෙනුවෙන් නීතිඥ ස්කොට් ගිල්මෝර් නඩුවේ පැමිණිලි පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටියි.

මාධ්‍යවෙදිනී මාරි කොල්වින් ඝාතනය කිරීමට එරෙහිව සිරියානු ආණ්ඩුවට ඩොලර් මිලියන 302.5ක වන්දියක් නියම කරමින් 2019 ජනවාරි මාසයේ දී ලබාදුන් ජයග්‍රාහී නඩු තීන්දුව ලබා ගැනීමට මුල් වූයේද නීතීඥ ගිල්මෝර් ය.

(අනිද්දා)

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්