පසුගිය මහා මැතිවරණයට පොහොට්ටුවෙන් ඉදිරිපත්වී පරාජයට පත්වූ මාතර දිස්ත්‍රීක්කයේ

නිරෝෂන් ප්‍රේමරත්න සහ මොනරාගල දිස්ත්‍රීක්කයේ පද්ම උදයශාන්ත ගුණසේකර යන හිටපු මන්ත්‍රීවරුන් දෙදෙනාට ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට ගෙන ඒමට අමාත්‍ය නාමල් රාජපක්ෂ විසින් කළ ඉල්ලීමක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් ප්‍රතික්ෂේප කර තිබේ.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හමු වී නාමල් රාජපක්ෂ ඇමතිවරයා පවසා ඇත්තේ, පරාජිතයන් ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට නොගැනීම ප්‍රතිපත්තිය වුවද මෙය විශේෂ අවස්ථාවක් ලෙස සලකා කටයුතු කරන ලෙසයි.

කෙසේ වුවද ජනාධිපතිවරයා එහි දී පෙන්වා දී ඇත්තේ, කෙතරම් දුෂ්කර අවස්ථාවක වුව ද ජනතාව හමුවේ සහතික වූ ප්‍රතිපත්ති කැඩීම නරක පූර්වාදර්ශයක් බවත් එය ආණ්ඩුවේ කෙරෙහි ජනතාව තැබූ විශ්වාසය පළුදු වීමට හේතු විය හැකි බවත් ය.

නිරෝෂන් මෙන්ම උදයශාන්ත ද 2015 මහින්ද රාජපක්ෂ පරාජයට පත් වූ අවස්ථාවේ සිට යහපාලන ආණ්ඩුවට එරෙහිව සටන් කළ ඒකාබද්ධ විපක්ෂයේ ක්‍රියාකාරීව සිටි මන්ත්‍රීවරු දෙදෙනෙකි. ඔවුන් දෙදෙනාම විමල් වීරවංශගේ ජාතික නිදහස් පෙරමුණේ මන්ත්‍රීවරුය.

Wimal Udayaනිරෝෂන් - උදයශාන්ත දෙදෙනාම විමල්ගේ පක්ෂයේ මන්ත්‍රීවරුය.

 

53 දෙනා වෙනුවෙන් නාමල් සටනේ !

නාමල් රාජපක්ෂ සිය අමාත්‍ය ධුරයේ දිව්රුම් දීමට පෙර දිනයේ (අගෝස්තු 11) මාධ්‍ය හමුවේ කියා සිටියේ, 2018 දී සිය පියාට උපකාර කළ පුද්ගලයින්ට අමාත්‍යාංශ ලබාදිය යුතු බවයි.

මහින්ද රාජපක්ෂ 2015 පරාජයට පත්වීමෙන් පසු ඔහු වෙනුවෙන් පෙනී සිටි ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් 53 දෙනා වෙනුවෙන් පෙනී සිටීන බව ඔහු එහිදී සඳහන් කළේය.

තමා ඇමති තනතුරක් බාරගන්නේ අදාළ 53 දෙනා වෙනුවෙන් සාධාරණය ඉෂ්ට වීමෙන් පසුව පමණක් බවද ඔහු එහිදී අවධාරණය කර සිටියේය.  ඔහු විසින් සිදුකළ බලපෑම් හමුවේ එසේ සඳහන් කළ සියලු දෙනාටම පාහේ මේ වනවිට මැති ඇමති තනතුරු හිමිව තිබේ.

මීට අමතරව මෙවර මැතිවරණ ප්‍රතිපලවලට අනුව, අදාළ 53 දෙනා නියෝජනය කළ කදවුරේ සිටි පද්ම උදය ශාන්ත සහ නිරෝෂන් ප්‍රේමරත්න යන දෙදෙනා පරාජයට පත්ව තිබීම නිසා ඒ දෙදෙනා වෙනුවෙන් පෙනී සිටීමටද ඒ දෙදෙනාට සාධාරණය ඉෂ්ට කිරීමටද නාමල් රාජපක්ෂ පොරොන්දු වී තිබිණ.

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්