පුජ්‍ය අතුරලියේ රතන හිමියන්ගේ වාහනයෙන් 'අපේ ජන බල පක්ෂයේ' හිටපු ලේකම් පූජ්‍ය වේදිනගම විමලතිස්ස හිමි පැහැරගෙන ගොස්

ඇති බව ඒ හිමියන්ගේ මාධ්‍ය ලේකම් පුජ්‍ය හුණුපිටියේ චන්ද්‍රසිරි හිමි පවසති.

ජනාධිපතිවරයා මුණගැසීමට යැයි පවසමින් අතුරලියේ රතන හිමි වේදිනගම විමලතිස්ස හිමියන්ව ගෙන්වාගත් බවත් අනතුරුව පැහැරගෙන ගොස් ඇති බවත් චන්ද්‍රසිරි හිමි වැඩිදුරටත් කියා සිටිති.

 

අනුරාධපුර පොලීසියට පැමිණිල්ලක්

Shamini BBSමේ අතර 'අපේ ජනබල පක්ෂයේ' මහ ලේකම් ලෙස කටයුතු කළ පූජ්‍ය වේදිනිගම විමලතිස්ස හිමියන් සම්බන්ධයෙන් එම පක්ෂයේ අනුරාධපුර නැගෙනහිර ආසන සංවිධායිකා ශාමිනී වීරසූරිය ඊයේ (16) අනුරාධපුර පොලීසියට පැමිණිල්ලක් කර තිබේ.

ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූ ශාමිනී වීරසූරිය මෙසේ පැවසුවාය.

''අපේ ජන බල පක්ෂයේ නැගෙනහිර ආසන සංවිධායකවරිය විදියට මම අද අනුරාධපුර පොලිස් ස්ථානයට ඇවිල්ලා පැමිණිල්ලක් දැම්ම. අපේ වේදනිගම ලේකම් හාමුදුරුවෝ මේ වනවිට අතුරුදහන් වෙලා තියනවා පක්ෂයේ වැඩවලින්. මම මේ අපේ ලේකම් හාමුදුරුවන්ගෙන් ඉල්ලා සිටිනවා මේ වෙලාවේ හැංගිලා ඉන්න එපා. එළියට එන්න ඇවිල්ලා මේ ප්‍රශ්නේ නිරාකරණයක් කරන්න. අපි ලොකු විශ්වාසෙකින් ඔබ වහන්සේ ගැන කටයුතු කළේ . මේ වෙනකොට හාමුදුරුවෝ වොයිස්කට් දෙනවා වීඩියෝස් දෙනවා. නමුත් ස්ථීර තැනක් නෑ. හාමුදුරුවන්ට තර්ජන තියනවා කියනවා මේ තර්ජනය කාගෙන්ද කියලා හාමුදුරුවෝ පැහැදිලි කරන්නේ නෑ. ඒකත් අපිට හරි ප්‍රශ්නයක්. කලින් මේ හාමුදුරුවෝ මේ අනුරාධපුරේ වැඩ හිටපු නිසා මට සැකයක් තියනවා අනුරාධපුරේ වැඩ ඉන්නවාද කියලා.''

 

''දැන් සාසනයට වඩා වටිනාකමක් ලබා දීලා තියෙන්නේ ආසනයට'' - මිහින්තලය රජමහා විහාරාධිපති

මේ අතර 'අපේ ජන බල පක්ෂයේ' මන්ත්‍රී ආසනය සම්බන්ධයෙන් පවතින අර්බුදය පිළිබඳව අදහස් පල කරමින් මිහින්තලය රජමහා විහාරාධිපති පූජ්‍ය වලවාහැංගුණ වැවේ ධම්මරතන හිමියන් පැවසුයේ, දැන් සාසනයට වඩා වටිනාකමක් ලබා දීලා තියෙන්නේ ආසනයට බවයි.

“අපි මුල ඉඳලාම කිව්වා බුද්ධ පුත්‍රයන්ට කතිරයෙන් උපකාර කරන්න එපාය කියලා. හැබැයි එක ආසනයක්වත් ගන්න පුළුවන් විදියට කතිරයෙන් උදව් කරලා තිබුණේ නෑ. එක්කහු කර ගත්ත ඡන්දය තුළින් එක මන්ත්‍රී ධූරයක් ලැබිලා තියනවා. ඉතින් අද වෙනකොට සටනක් යනවා. ඒ ආසනය බෙදා ගන්න බැරුව.

දැන් සාසනයට වඩා වටිනාකමක් ලබා දීලා තියෙන්නේ ආසනයට. අනේ පිං සිද්ධ වෙයි මේකවත් ආදර්ශෙට අරගෙන මතුවේ පැවැත්වෙන මැතිවරණයකදී භික්ෂූන් වහන්‍සේලාට ඡන්දයෙන් නැත්නම් කතිරයෙන් උදව් කරන එක නවත්වලා සිව්පසයෙන් උපකාර කරන්න කටයුතු කරන්න කියලා ඉල්ලීමක් කරනවා. ඒක තමයි මේ රටට කරන මහා ගෞරවය. ශාසනයට කරන ලොකු ගෞරවය”

subscribeYT

WhatsApp Image 2021 09 13 at 13.49.58

නවතම පුවත්