දෙමළ උද්ඝෝෂකයන් පිරිසකට බෙල්ල කපන අභිනයක් පා බිය වැද්දීමේ චෝදනාවට නඩු වැටී ඇති බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලයේ හිටපු ආරක්ෂක උපදේශකයා
සමග ගන්නා ලද ඡායාරූපයක් ප්‍රසිද්ධියට පත් කිරීමෙන් වයඹදිග ලන්ඩනයේ හැරෝ නුවර හිටපු පුරපතිනිය ආචාර ධර්ම කඩ කොට ඇතැයි තීන්දු වී තිබේ.
බ්‍රිතාන්‍ය පුරපති පදවියකට පත්වූ පළමු ශ්‍රී ලාංකික කාන්තාව වන කරීමා මරික්කාර් කොළඹදී හමුදාපති මහේෂ් සේනානායක සහ බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු සමග ගත් ඡායාරූපයක් යුද හමුදාවට ප්‍රශංසා කෙරෙන ප්රකාශනයක් සමග පසුගිය ඔක්තෝබරයේ මුහුණු පොතේ පල කර තිබුනි.
එයින් සන්තාපයටත් කෝපයටත් පත්ව පුරපතිනියට ඉල්ලා අස්වන ලෙස බලකෙරෙන පෙත්සමක් අත්සන් කළ හැරෝ වාසී දෙමළ ජනතාව විසින් නගර සභාවේ ආචාර ධර්ම කමිටුවට පැමිණිල්ලක් කරන ලදී.
පැමිණිල්ල සහ මරික්කාර් පුරපතිනියගේ ලිඛිත පිළිතුර විභාග කළ කමිටුව තීරණය කර තිබුනේ ඇය විසින් නගරසභාව අපකීර්තියට පත් කරන ලද බවයි.
“ශ්‍රී ලංකා යුද හමුදාවේ සාමාජිකයකු සහ ඇය එකට පෙනී සිටින ඡායාරූප මුහුණු පොතේ පල කොට පළාතේ ප්‍රජාවට පීඩා කිරීම මගින් නගර සභාවත්, නාගරික මන්ත්‍රීවරියක ලෙස ඇගේ ධුරයත් අපකීර්තියට පත් කරන ආකාරයෙන් ඇය කටයුතු කොට ඇති බව තීරණය කිරීම සාධාරණ වෙයි,” යනුවෙන් ආචාර ධර්ම කමිටුව ප්‍රසිද්ධියට පත් කර ඇති නිවේදනයේ සඳහන් වෙයි.
නිල ලාංඡනයෙන් සහ කර පළඳනාවෙන් සැරසී බ්‍රිගේඩියර් ප්‍රනාන්දු මෙන්ම යුද හමුදාපති වරයා සමග ගන්නා ලද ඡායාරූප 2018 ඔක්තෝබර් 27 දා සිය මුහුණු පොතේ පලකළ එවක පුරපතිනි කරීමා මරික්කාර් මහජන විරෝධය හමුවේ එම පින්තූර ඉවත් කරගෙන තිබුනේ සමාවද ඉල්ලා සිටිමිනි.
(gagana.lk)