2015 වසරේ දී දූෂිතයින්ට දඬුවම් කිරීමට ජනතාව ජනවරමක් ලබා දුන් නමුත් එම වගකීම නිසිලෙස ඉටුනොවීම හේතුවෙන්
මෙවර මැතිවරණයේ දී ජනතාව දඬුවම් කළ බව හිටපු අමාත්‍ය මංගල සමරවීර පවසයි.
දේශපාලන පළිගැනීම් පිළිබඳ සොයා බලන ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව වෙත අද (21) පෙරවරුවේ පැමිණීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වමින් ඔහු ඒ බව කියා සිටියේය.
“මේ රටේ හිටිය රාජ්‍ය නායකයා සිරිසේන. රනිල් වික්‍රමසිංහට අවාසනාවකට හෝ තාමත් ජනාධිපති වෙන්න බැරිවුණා.
අපේ ආණ්ඩුව මේ රට නිවැරදි මාර්ගයකට යොමු කරත් ඒවා ඉවර කරන්න බැරි වුණා. ජනතාව ඉල්ලපු හොරු හිරේ දාන්නත් බැරි වුණා. ඒක නීතියෙන් කළ යුතු දෙයක්. ඒ නිසා තමයි ජනතාව අපිට බනින්නේ.
හොරු අල්ලන පැත්තෙන් ආණ්ඩුවක් විදියට ෆේල්… රට දියුණු කිරීම පැත්තෙන් අපි බොහෝම සාර්ථකයි. ආරක්ෂාව සම්බන්ධයෙන් අපිට වගකියන්න බෑ. මොකද සම්පූර්ණ ආරක්ෂාවේ බලතල තියාගෙන හිටියේ සිරිසේන ජනාධිපතිවරයා නිසා.” යයි පැවසු මංගල සමරවීර, ජනාධිපතිවරයා රට ඇදගෙන යන්නේ තවත් අන්ධකාරයකට බවද අවධාරණය කර සිටියේය.