'පොහොට්ටු' පක්ෂයේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ කියන ආකාරයට 19 වැනි සංශෝධනය හදිසියේ හෝ ක්ෂණිකව ඉවත් කළ යුතු නම්,

ආණ්ඩුවට සහාය දෙන උතුරු නැගෙනහිර කුඩා පක්ෂ වල උපක්‍රම වලට ගොදුරු නොවී එය ඉටු කරගත යුතු බව අවධාරණය කරන අමාත්‍ය විමල් විරවංශ ගේ 'ජාතික සංවිධානය'  ඒ සඳහා වූ යෝජනා මාලාවක් ඉදිරිපත් කර තිබේ.

එම සංවිධානයේ ප්‍රධානි වෛද්‍ය වසන්ත බණ්ඩාර විසින් 'දිවයින' පුවත්පතට සපයන ලිපියක් මඟින් යෝජනා කරන්නේ, අදාළ කෙටුම්පත් ගැසට් කිරීමට පෙර මහා සංඝරත්නයට සහ මහජනතාවට ඉදිරිපත්කොට ඉදිරිපත්වන යෝජනා හෝ විරෝධතා අනුව එකඟතාවයකට පැමිණ අදාළ වෙනස්කම් සහිතව පමණක් එය ගැසට් කළ යුතු බවයි.

ඉන් පසුව කෙටුම්පත පාර්ලිමේන්තුවේ න්‍යායපත්‍රයට ඇතුලත් කිරීමෙන් පසුව අධිකරණයේ මතය විමසීමෙන් අනතුරුව අධිකරණය විසින් යෝජනා කරන සංශෝධන සහිතව කෙටුම්පත නැවත අධිකරණයට සහ මහජනයාට ඉදිරිපත් කළ යුතු බව ඔහු පෙන්වා දී ඇත.

එසේම එම කෙටුම්පතේ අඩංගු නොවන කිසිදු සංශෝධනයක් පාර්ලිමේන්තුවේ කාරකසභා අවස්ථාවේදී කූඨ ලෙස ඇතුල් නොකරන බවට අගමැතිවරයා සහ ජනාධිපතිවරයා විසින් සහතිකයක් ලබා දිය යුතු බවද හෙතෙම අවධාරණය කට සිටියි.

සම්පූර්ණ ලිපිය පහතින්:

ආණ්ඩුවේ ව්‍යවස්ථා සංශෝධන උවමනාව සහ බෙදුම්වාදීන්ගේ කූඨ සැලසුම්


worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්