ආණ්ඩුව කඩිනම් ව්‍යවස්ථා සංශෝධයක් ගෙන ඒමට කටයුතු කරන්නේ, 'පොහොට්ටු' පක්ෂයේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂට

පාර්ලිමේන්තුවට ඒමට තිබෙන බාධාව ඉවත් කිරීම සඳහා බව විපක්ෂයේ ඇතැමුන් චෝදනා කරති.

ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වෙනි සංශෝධනය ප්‍රකාර ද්විත්ව පුරවැසිභාවය හිමි පුද්ගලයෙකුට පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයක් දැරිය නොහැකිය. ඒ අනුව,  ශ්‍රී ලංකා- ඇමරිකා ද්විත්ව පුරවැසියකු වන බැසිල් රාජපක්ෂට පාර්ලිමේන්තුවට පිවිසීමට එම කොන්දේසිය බාධාවක් වී ඇත.

මීට ඉහතදී 'බීබීසී සිංහල සේවය' කළ විමසීමකට පිළිතුරු දෙමින් බැසිල් රාජපක්ෂ ප්‍රකාශ කර තිබුනේ, තමන් සතු ඇමරිකානු පුරවැසිභාවය අතහැරීමට කිසිසේත්ම සුදානම් නොමැති බවයි.

කෙසේවුවද, බැසිල් රාජපක්ෂ පාර්ලිමේන්තුවට පිවිසීම සම්බන්ධයෙන් විපක්ෂයේ පමණක් නොව ආණ්ඩුව තුල සිටින ඇතැමුන් ද තරමක තැතිගැන්මකින් සිටින බව පෙනේ.  ආණ්ඩුවේ ඇතැම් දේශපාලන පක්ෂ විසින් නඩත්තු කරන සමාජ මාධ්‍ය විමර්ශනය කිරීමේ දී එබව පැහැදිලිව ප්‍රදර්ශය වේ.

 'බැසිල් අගමැති කරවීමේ සැලැස්මක්' - වෙල්ගම ගෙන් අනාවැකියක්

Kumara welgamaමේ අතර සමගි ජන බලවේගයෙන් කළුතර දිස්ත්‍රික්කයට තරග වැද ජයගත් කුමාර වෙල්ගම පවසන්නේ, 

හිටපු ඇමති බැසිල් රාජපක්ෂ පාර්ලිමේන්තුවට ගෙනැවිත් අගමැති කරවීමේ සූදානමක ආණ්ඩුව සිටින බවයි.

20 සංශෝධනය පාර්ලිමේන්තුව ගෙනැවිත් ඒ සඳහා අවශ්‍ය මාර්ගය හදා ගන්නා බවත් තමන් අනාවැකියක් ලෙස අද එය පවසන බවද ඔහු කියා සිටියේය.

මැතිවරණ ජයග්‍රහණයෙන් පසු පැවති පිළිගැනීමේ හමුවකින් පසු ජනමාධ්‍ය අමතමින් ඔහු මේ බව පැවසුවේය.

 විපක්ෂය කියන හරුපය !!

බැසිල් පාර්ලිමේන්තුවට ගෙන ඒමට ව්‍යවස්ථා සංශෝධනයක් කරන බවට විපක්ෂය විසින් නගන චෝදනාව සම්බන්ධයෙන් මාධ්‍යවේදී ටිරන් කුමාර බංගගමආරච්චි 'රාවය' පුවත්පතේ හි ''ගෝඨා සමග වාසේ' යන ශීර්ෂයෙන් යුතුව පළකර ඇති දේශපාලන විශේෂාංගයේ 'බැසිල් ඒම' යන උපශීර්ෂය යටතේ මෙසේ සටහන් කර තිබේ.

'බැසිල් ඒම'

''දහනවය ඉවත් කොට බැසිල් ගෙන ඒම අරමුණ බව අද විපක්ෂය කියන හරුපය වේ. වෙනත් රටක පුරවැසියන්ට පාර්ලිමේන්තු ඒමේ මග ඇහුරූ දහනවය විස්ස හරහා සංශෝධනය වනු ඇතැයි විපක්ෂයේ මතයය. ඉන්පසු ජයන්ත කැටගොඩ ඉවත් වී බැසිල් පාර්ලිමේන්තු එනු ඇත.

බැසිල් පාර්ලිමේන්තු ආවද නාවද ඔහු ගෝඨා මහින්ද ඇරුණු කොට තුන්වන කෙරුමාය. ඔහුට බලය ගන්නට පාර්ලිමේන්තු ඒමටම වුවමනා නැත.

අනෙක් අතට දහනවයට ඇතැම් නීති ගෙනාවේම රාජපක්ෂලාට අන්නන්නටය. එහෙත් ඒ හැම එකකින්ම ඇන ගත්තේ ඒ නීති ගෙනා අයමය. අද එළිපිට එම නීති කඩද්දී එය හරිද වැරදිද කියන්නට ඔවුන්ට කොන්දක් නැත. මේ සියල්ලෝම කරනුයේ ජනතාව ඇන්දවීමය.

''දහනවයට ඇතැම් නීති ගෙනාවේම රාජපක්ෂලාට අන්නන්නටය. එහෙත් ඒ හැම එකකින්ම ඇන ගත්තේ ඒ නීති ගෙනා අයමය. අද එළිපිට එම නීති කඩද්දී එය හරිද වැරදිද කියන්නට ඔවුන්ට කොන්දක් නැත. මේ සියල්ලෝම කරනුයේ ජනතාව ඇන්දවීමය. ''

මහා පරිණත දේශපාලන චරිතය වන රනිල් වික්‍රමසිංහ දහනවය ගැන කතා කරයිද? ගෝඨා ඇමතිකම් ගැනීම වැරදි යැයි කියන්නේද? එසේ නම් මේ බොරුව කුමක්ද? සජිත් වැන්නකු කතා නොකිරීම අනුමත කළ හැකිය. ඔහු ඒ ගැන කියවා නැති බව සහතිකය. ඔහුද ගෝඨා මෙන් නීති වැඩක් නැති අයෙකි. අයාලේ යන්නෙකි මේ බහු බූතයෝ ප්‍රතික්ෂේප කිරීම හැර වෙන විකල්ප වේද?

 කෝ මේ පක්ෂ !!!
z p03 Security

එදා ගෝඨාගේ ඇමරිකානු පුරවැසිකම ගැන අධිකරණයට ගොස් ප්‍රශ්න කළේ පුරවැසි දෙපළකි. ඒ ගාමිණී වියන්ගොඩ සහ චන්ද්‍රගුප්ත තේනුවරය. ඔවුන් දෙපළ පිටුපස වෙන බලවේග සිටිය හැකිමුත් ඒවා කළයුත්තේ පක්ෂ නොවේද? ජවිපෙට, එජාපයට උසාවි යා නොහැකිද?

19 ගෙනා ඒ අය එහි කොටස් උල්ලංඝනය වන්නේ නම් සාමූහිකව පෙනී සිටිය යුතු නැද්ද? අද ජනපති ඇමතිකම් දරන එක උසාවියට ගොස් නිවැරදි කරගැනීමට ජවිපෙට, එජාපයට බැරිද? එයත් සිවිල් පුරවැසියන් එකකු දෙන්නකු අන්දවා කළ යුතු වැඩද? පක්ෂයක් ලෙස යන කල එයට එන විරෝධය අවමය. පුරවැසියන් බිලී කොක්කේ අමුණනුයේ ඇයි?

දැනුදු මේ පක්ෂවල අය කියනුයේ යම්කිසි අයකු අධිකරණයට ගියහොත් ගෝඨාගේ ඇමතිකම ප්‍රශ්න කළ හැකි බවය. මේ වැඬේ ඒ පක්ෂවල ලේකම්ලාට කළ නොහැකි ඇයි?'

(උපුටා ගැනීම අවසන්

ද්විත්ව පුරවැසිභාවය හිමි නියෝජ්‍ය අගමැතිවරයා ඇතුළු මන්ත්‍රීවරු හත් දෙනෙකු සම්බන්ධයෙන් ඕස්ට්‍රේලියාවේ ද 2017 දී පමණ ආන්දෝලනයක් මතු වී තිබිණ.

ඒ, ඕස්ට්‍රේලියාවේ නියෝජ්‍ය අගමැති බානබි ජොයිස් (Barnaby Joyce) නවසීලන්තයේ ද පුරවැසියකු වූ නිසාය.

සබැඳි පුවත් :

බැසිල්ගේ ව්‍යවස්ථා යෝජනා ගැන විමල්ගේ 'ජාතික සංවිධානය' කියන කතා !

JR ගේ ව්‍යවස්ථාවේ නරක කොටස් කඩිමුඩියේ ප්‍රතිෂ්ඨාපනය කරන්නට වෙහෙසෙන්නේ ඇයි?- මහාචාර්ය රොහාන් සමරජීව

සියලු සංවර්ධන කටයුතු බැසිල් යටතට : අරලියගහ මැදුරෙන් මුදල් අමාත්‍යංශයට යයි

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්