මහජාතිය සමග ජීවත් වෙන්න බැරි නම් වහාම ආරාබියට යන්නැයි ජාතික තරුණසේවා සභාවේ සභාපති අධ්‍යක්ෂක ජෙනරාල් නීතීඥ එරන්ද වැලිඅංගේ නැගෙනහිර හිටපු ආණ්ඩුකාර හිස්බුල්ලාට දැනුම්දී සිටියි.
''ශ්‍රී ලාංකික අපිට සමගියෙන් ඉන්න දීලා යන අරාබියකට යන එකයි ඇත්තෙ අපිට ඕන හිස්බුල්ලා වගේ අය නෙවෙයි ලතීෆ්, අලි ශබ්රි, ඉමිතියාස්, ඉශාක් බෙග් වගේ චරිත'' යයි පවසමින් විශේෂ ප්‍රකාශයක් කරමින් ඔහු එම දැනුම්දීම සිදු කර තිබේ.
ඉදිරි මහ මැතිවරණය සඳහා එක්සත් ජාතික පක්ෂයෙන් කොළඹ දිස්ත්‍රීක්කයට තරඟ කිරීමට සුදානම්වන එරන්ද වැලිඅංගේ, වත්මන් අර්බුදය සම්බන්ධයෙන් අදහස් දක්වමින් තවදුරටත් පවසා සිටින්නේ, ලංකාව සිංහල බෞද්ධ රටක් කියන්න අකමැති ඇමතිවරු ඉන්නා බවයි.
අගමැති රනිල් වික්‍රමසිංහගේ අතිශයින් සමීපතමයකු වන තරුණසේවා සභාපතිවරයා වැඩිදුරටත් මෙසේද සඳහන් කරයි.
'අපේ ඇතැමුන් සිංහලයින් කුපිත කරන්න හැදුවා'
''අද වන විට අපේ රටේ සංහිඳියාව, ජාතිකත්වය, ජාතික සමගිය කියන වචන මම හිතන්නේ බරපතල ලෙස ඛාදනයට ලක්වෙලා තියෙන්නේ. ඒකට හේතුව වචනවල ඝන පිහිටීමේ වරදක් නෙවෙයි. ඒ වචන ප්‍රායෝගිකව ක්‍රියාත්මක කරද්දි ඒ ක්‍රියාත්මක කරපු හා කරන පුද්ගලයන්ගේ වැරැද්ද නිසා තමයි මෙවැනි තත්වයකට අද අපේ රටේ මේ වචන පත්වෙලා තියෙන්නේ.
ඒත් එක්කම අපි දකිනවා බොහොමයක් අවස්ථාවලදී අපේ දේශපාලන අධිකාරිය සිංහල බෞද්ධ රටක් කියන්න අකමැතියි. පසුගිය කාලය පුරාවට මේ සිංහල ජනතාව තුළ විවිධ විෂ දේවල් ඇති කරලා ඔවුන් කුපිත කරලා මේ රටේ යම් යම් වතවාද, බරපතල ගැටලු නිර්මාණය කරන්න බොහොමයක් නායකයෝ උත්සාහ කළා.
හැබැයි මේ රටේ සබුද්ධික නායකයෝ, සිංහල ජනතාව මේ දේවල් ගැන ඉතාමත් හොඳ අවබෝධයෙන් ක්‍රියාත්මක වුණු නිසා අපිට මේ වන විට අපේ රටේ ඉතාමත් හොඳ සාමකාමී වාතාවරණයක් ඇති කරගන්න පුලුවන් වෙලා තියෙනවා.
හැබැයි එහෙම පරිසරයක අපි දකිනවා සමහරු මෙයට විරුද්ධව යම් යම් වතවාද ඉදිරිපත් කරනවා. හිස්බුල්ලා කියන හිටපු ආණ්ඩුකාරවරයා යම් අවස්ථාවලදී ප්‍රකාශ කරලා තිබ්බා මේ රටේ මුස්ලිම් ජනතාව සුළු ජාතියක් වුණාට ලෝකයේ බලනකොට මහ ජාතියක් හැටියට කටයුතු කරනවා කියලා.
ඒ නිසා මම හිස්බුල්ලා වගේ පුද්ගලයන්ට කියන්න කැමතියි ඔහුගේ නමේ අකුරුවලට ගැලපෙන ආකාරයට තමයි ඔහු ප්‍රකාශ නිකුත් කරන්නේ.
''මේ රට සෞදි අරාබියාවේ කොලනියක් වෙන්න දෙන්න බැහැ ...''
ඔහුගේ නමේ පළවෙනි අකුරු දෙක හිස් කියන අර්ථය එන්නේ, මම හිතන්නේ ඔහුගේ ප්‍රකාශත් හිස් අර්ථයෙන් පෙනෙන ආකාරයට තමයි ඔහු ඔහුගේ ප්‍රකාශ කිතකුත් කරන්නේ. ඒ නිසා මම හිස්බුල්ලා ආණ්ඩුකාරවරයාට කියන්න කැමතියි. මේ රටේ බෞද්ධ දර්ශනය අපි ඉන්දියාවෙන් අපේ රටට ගෙනාවට අපේ ජනතාව කැමති නැහැ ඉන්දියාවේ කොලනියක් හැටියට මේ රට ක්‍රියාත්මක වෙනවට. ඒ වගේම මුස්ලිම් ජනතාවගේ යම් යම් ආභාෂයන් සෞදි අරාබියෙන් පැමිණියට මේ රට සෞදි අරාබියාවේ කොලනියක් බවට පත්වෙනවට මේ රටේ ජනතාව කැමති නැහැ.
ඒ නිසා මම හිස්බුල්ලා හිටපු ආණ්ඩුකාරතුමාට කියන්න කැමතියි ඔබට මහජාතිය සමග ජීවත් වෙන්න කැමති නැත්නම් ඔබ ආරාබියට යන්න. ඒක තමයි ඔබට මේ ශ්‍රී ලාංකික මුස්ලිම් ජනතාවට කරන්න පුළුවන් එකම උදවුව.
ඒත් එක්කම මට අවසාන වශයෙන් කියන්න තියෙන්නේ මේ රටේ සහජීවනය, මේ රටේ ජාතිකත්වය, මේ රටේ සමගිය කියන වචන විනාශ කරන්න සමහර සිංහල බෞද්ධ නායකයෝ ක්‍රියාත්මක වුනා වගේම මේ හිස්බුල්ලා වැනි අරාබි බිල්ලොත් ක්‍රියාත්මක වුණා.
මේ රටේ සහජීවනය දූෂණය කරන්න. අපට අවශ්‍ය වන්නෙ හිස්බුල්ලා වැනි අරාබි බිල්ලෝ නෙවෙයි, ඉමිතියාස් බාකිර් මාකර්, ඩීඅයිජී ලතීෆ්, ඒ වගේම ඉෂාක් බෙග් සහ අලි සබ්රි වැනි ශ්‍රී ලාංකීය මුස්ලිම් නායකයෝ තමයි මේ රටට අවශ්‍යවෙලා තියෙන්නේ.
ඔවුන් මේ සඳහා නායකත්වය ලබාගත්තොත් එහෙම අනිවාරෙන් සංහිඳියාව, සමගිය වැනි වචනවලට ඉතාමත් හොඳ පැහැදිළි අර්ථකථනයක් ලබාගන්න පුළුවන්''