මෙම වසරේ (2020) ඉදිරි මාස හතරක කාලය සඳහා රුපියල් බිලියන 2050 ක හෙවත් රුපියල් කෝටි දෙලක්ෂ පන්දාහක  ණය ගැනීම සඳහා

ආණ්ඩුව පාර්ලිමේන්තුවේ අවසරය ඉල්ලා ඇත.

මුදල්, බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු සහ නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යවරයා ලෙස අගමැති මහින්ද රාජපක්ෂ මෙම ණය ගැනීමේ අවසරය අගෝස්තු 27 දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබිය.

සැප්තැම්බර් සිට දෙසැම්බර් මාසය දක්වා වූ වියදමට අදාල අතුරු සම්මත ගිණුමෙන් රුපියල් මිලියන 1300 ක් හෙවත් රුපියල් කෝටි එක්ලක්ෂ තිස්දාහක ණය ගැනීමට අවසර ඉල්ලා ඇති අතර ඊට අමතරව අගමැති අගමැතිවරයා දේශීය භාණ්ඩාගාර බිල්පත් ආඥා පනත යටතේ එදිනම ඉදිරිපත් කර ඇති තවත් යෝජනාවකින් ඉල්ලා ඇත්තේ, රුපියල් බිලියන 750ක්  හෙවත් රුපියල් කෝටි හැත්තෑපන්දාහක ශ්‍රී ලංකා ආණ්ඩුවේ භාණ්ඩාගාර බිල්පත් නිකුත් කිරීමෙන් ණය ණය ගැනීම්ට අවසර ලබා දෙන ලෙසය.

මෙහි විශේෂත්වය වන්නේ, සැප්තැම්බර් සිට දෙසැම්බර් දක්වා මාස 4ක  කාලය සඳහා රජයේ වියදම රුපියල් බිලියන 949 ක් වෙද්දී, අතුරු සම්මත ගිණුමෙන් ඊට වැඩි රුපියල් බිලියන 1300 ක ණය මුදලක් ලබාගැනීමට අවසර ඉල්ලා තිබීමය.

''මෙහි විශේෂත්වය වන්නේ, සැප්තැම්බර් සිට දෙසැම්බර් දක්වා මාස 4ක  කාලය සඳහා රජයේ වියදම රුපියල් බිලියන 949 ක් වෙද්දී, අතුරු සම්මත ගිණුමෙන් ඊට වැඩි රුපියල් බිලියන 1300 ක ණය මුදලක් ලබාගැනීමට අවසර ඉල්ලා තිබීමය.''

අමතරව භාණ්ඩාගාර බිල්පත් මගින් තවත් රුපියල් බිලියන 750 ක ණයක් ලබා ලබාගැනීමට අවසර ඉල්ලීම මගින් රජයේ වියදමට වඩා දෙගුණයක ලබා ගැනීමට නියමිතය.

 මෙලෙස විශාල ණය මුදලක් ලබා ගැනීම පිළිබඳව ආර්ථික විශේෂඥ ආචාර්ය ඩබ්ලිව්. ඒ. විජේවර්ධන සහ මහාචාර්ය සිරිමල් අබේරත්න ගෙන් කළ විමසීමේදී ඔවුන් ප්‍රකාශ කළේ, අතුරු සම්මත ගිණුමෙන් වියදම ඉක්මවා ණය ගැනීමට අවසර ඉල්ලීමෙන් පෙනී යන්නේ මීට පෙර ලබාගෙන ඇති ණය ගෙවීම් සඳහා එම ඉල්ලීම කර ඇති බවයි.

WA Wijewardhana

ආචාර්ය ඩබ්ලිව්. ඒ. විජේවර්ධන ප්‍රකාශ කළේ, වියදම් ඉක්මවා වැඩි වශයෙන් ණය ලබාගැනීම දැන් ශ්‍රී ලංකාවේ සාමාන්‍ය තත්වයක් වී ඇති නමුත්, එය භයානක තත්ත්වයක් බවය. මෙය ණය උගුලක ශ්‍රී ලංකාව තවත් සිරවීමක් බව ඔහු කීය.

 මෙම ණය ප්‍රමානය අඩු කර ගැනීම සඳහා ඇත්තේ දුෂ්කර මාවතක් බවත්, ඒ සඳහා රජයේ වියදම් අවම කරගෙන ආදායම් වැඩි කර ගත යුතු බවත් ඔහු පැහැදිලි කළේය.

''රාජ්‍ය සේවයෙහි වියදම් තව තවත් වැඩි කරමින් උපාධිධාරීන් සහ අඩු ආදායම්ලාභීලාභීන් රජයේ රැකියා සඳහා බඳවා ගැනීමෙන් එලෙස වියදම් අවම කර ගන්නා බවක් පෙනෙන්නට නැති බව ඔහු පෙන්වාදුන්නේය.''

එහෙත්, රාජ්‍ය සේවයෙහි වියදම් තව තවත් වැඩි කරමින් උපාධිධාරීන් සහ අඩු ආදායම්ලාභීලාභීන් රජයේ රැකියා සඳහා බඳවා ගැනීමෙන් එලෙස වියදම් අවම කර ගන්නා බවක් පෙනෙන්නට නැති බව ඔහු පෙන්වාදුන්නේය.

 මෙම බඳවා ගැනීම් වලට අදාළ වැටුප් ගෙවීම් කාර්යාල පහසුකම් ආදිය ලබා ගැනීමට විශාල මුදලක් වියදම් කරන්න සිදුවන බවත් මෙවැනි වියදම් නිසා ණය උගුලේ ශ්‍රී ලංකාව තවත් හිරවෙනු ඇති බවත් ඔහු කීය.

(ලසන්ත රුහුණගේ / තරිඳු උඩුවරගෙදර - අනිද්දා පුවත්පතින් )

මෙම විෂයට අදාළ තවත් විශේෂාංග කිහිපයක්ම මෙවර සති අන්ත පුවත්පතේ පලවී තිබේ.

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්