මූලික ජීවන අවශ්‍යතා සපුරාගත නොහැකිව පීඩාවට පත්ව සිටින ප්‍රදේශවාසීන් වෙනුවෙන් නෙළුව - ලංකාගම මාර්ගයේ ප්‍රතිසංස්කරණය දින 90කදී

සිදු කිරීමට ජනාධිපතිවරයා නියෝග කළ බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත්කරමින් කියා සිටියි.

නෙළුව – ලංකාගම මාර්ග ප්‍රතිසංස්කරණයේ දී සිංහරාජ වන රක්ෂිතයට හානිවන බවට මාධ්‍ය මගින් පසුගිය දින කිහිපය තුළ සිදුකෙරුණා ප්‍රචාරයන්හි  සත්‍ය අසත්‍යතාව සියැසින් දැක විද්වතුන්ගේ සහ ප්‍රදේශවාසීන්ගේ අදහස් විමසුමට ජනාධිපතිවරයා අද (29) නෙළුව ලංකාගම ප්‍රදේශයේ සංචාරය කළේය.

ප්‍රතිසංස්කරණයේදී රක්ෂිතයට හෝ පරිසර පද්ධතියට හෝ හානි නොවිය යුතු බව ජනාධිපතිවරයා තරයේ අවධාරණය කළ බවත්, පරිසරයට හානි නොවන පරිදි ජනතා අවශ්‍යතා ඉටුකිරීම සිය අභිලාෂය බව ජනාධිපතිවරයා පැවසු බවත් ජනාධිපති මාධ්‍ය අංශ නිවේදනයේ සඳහන් වේ.

''ප්‍රතිසංස්කරණයේදී රක්ෂිතයට හෝ පරිසර පද්ධතියට හෝ හානි නොවිය යුතු බව ජනාධිපතිවරයා තරයේ අවධාරණය කළ බවත්, පරිසරයට හානි නොවන පරිදි ජනතා අවශ්‍යතා ඉටුකිරීම සිය අභිලාෂය බව ජනාධිපතිවරයා පැවසු බවත් ජනාධිපති මාධ්‍ය අංශ නිවේදනයේ සඳහන් වේ.''

සිංහරාජ වන රක්ෂිතය හා මාර්ගය ප්‍රතිසංස්කරණයට ලක්වන ග්‍රාමීය ප්‍රදේශවල පරිසර පද්ධතිය රැක ගනිමින් දිගු කලක සිට ඇති ජනතාවගේ දැඩි අවශ්‍යතාවක් වන මාර්ගයේ ඉදිකිරීම් කළයුතු බව ජනාධිපතිවරයා පෙන්වා දී ඇත.

එම නිවේදනයේ තවදුරටත් මෙසේද සඳහන් වේ.

Sinharaja Forestවළගම්බා රජ දවස දක්වා දිව යන ඉතිහාසයක් ...

ලංකාගම ගම්මානය වළගම්බා රජ දවස දක්වා දිව යන ඉතිහාසයකට උරුමකම් කියයි.

තේ වගාව ප්‍රදේශයේ ප්‍රධාන ජීවනෝපාය වේ. සියවසකට අධික කාලයක සිට ගැමීහු සිංහරාජ වන රක්ෂිතය ආසන්නයේ වැටී ඇති මාර්ගයේ දෙනියායට සහ නෙළුවට තේ දළු රැගෙන යති.

නෙළුව, උඩුගම, කරාපිටිය රෝහල් වෙත රෝගීන් රැගෙන යාමට, දරුවන්ගේ අධ්‍යාපනයට සහ දෛනික ජීවන ක්‍රියාවලියේදී මාර්ගයේ පවතින තත්ත්වය දැඩි බාධාවක් විය. ඊට පිළියම් ලෙස “නෙළුව – ලංකාගම – පිටදෙනිය” මාර්ගයේ ප්‍රතිසංස්කරණය ආරම්භ කෙරිණ.

සිංහරාජ වන රක්ෂිතයට හානිවන බවට පරිසරවේදීන් පිරිසක් කළ චෝදනා හේතුවෙන් ප්‍රතිසංස්කරණ නවතන ලෙස ජනාධිපතිවරයා මිට ඉහත දී නියෝග කළේය.

මාර්ග සංවර්ධන, වනජීවි සහ වනරක්ෂන, පරිසර සහ අදාළ සියලු අමාත්‍යාංශ නිලධාරීන් සමග ප්‍රතිසංස්කරණය කෙරෙන මාර්ගය ජනාධිපතිවරයාගේ නිරීක්ෂණයට ලක් කෙරිණ.

 

පැය 4ක ගමන විනාඩි 45 න් :

Sinharaja Roadකි.මි 18ක දුර ප්‍රමාණය තෙමසක් තුළ නිම කිරීමට උපදෙස් ...

මාර්ග සංවර්ධන අධිකාරියේ අධීක්ෂණය යටතේ යුද හමුදාව මාර්ග ප්‍රතිසංස්කරණය භාරව සිටී. කි.මි 18ක දුර ප්‍රමාණය තෙමසක් තුළ නිම කිරීමට උපදෙස් දෙනු ලැබිණ.

මාර්ගයේ ප්‍රතිසංස්කරණ නිමවීමෙන් පසු ලංකාගම සිට දෙනියායට යාමට ගතවූ පැය 04කට ආසන්න කාලය විනාඩි 45කට කෙටි වේ.

ප්‍රතිසංස්කරණයෙන් පසු නෙළුව සිට දෙනියායට බස් රථයක් දෛනිකව ධාවනයට එක් කිරීමටද තීරණය කෙරිණ.

ලංකාගම ග්‍රාමයේ වැල් පාලම වෙනුවට දිගින් අඩි 120කින් සහ පළලින් අඩි 06කින් යුත් පාලමක් ඉදිකිරීම ද සමගාමීව සිදු කෙරේ.

 වතුගල, ලංකාගම, නිල්වැල්ල, කොළොන්තොටුව සහ පිටදෙනිය ගම්මානවල දරුවන්ට පාසලට පැමිණීමට මෙතෙක් පැවති බාධකය ඉන් ඉවත් කෙරේ.

 

සෑම පවුලකටම පැල 03 බැගින් නොමිළේ දී පැළ 2100ක් :

පවුල් 700ක් වෙසෙන ලංකාගම ප්‍රදේශයේ සෑම පවුලකටම පැල 03 බැගින් නොමිළේ දී පැළ 2100ක් වගා කර ඔවුන් විසින්ම රැකගෙන වන රක්ෂිතයට දායාද කිරීමට ජනාධිපතිවරයා උපදෙස් දුන්නේය.

සිංහරාජ වන රක්ෂිතය සහ පරිසර පද්ධතිය පාරම්පරිකව රැකගත් තමන්ට සිය මූලික අවශ්‍යතා ඉටුකර ගැනීමට එරෙහිව පරිසරවේදීන් කණ්ඩායමක් කරුණු හරිහැටි නොදැන බලපෑම් කරන බව පවසමින් ප්‍රදේශවාසීහු දැඩි විරෝධය පළ කළහ.

සිංහරාජ වන රක්ෂිතය සහ පරිසර පද්ධතිය පාරම්පරිකව රැකගත් තමන්ට සිය මූලික අවශ්‍යතා ඉටුකර ගැනීමට එරෙහිව පරිසරවේදීන් කණ්ඩායමක් කරුණු හරිහැටි නොදැන බලපෑම් කරන බව පවසමින් ප්‍රදේශවාසීහු දැඩි විරෝධය පළ කළහ.

තම කුඩා පුතණුවන් කරේ හොවාගත් පියෙකු “අප විඳි දුෂ්කරතා දරුවන්ට විඳීමට ඉඩ නොතබන” ලෙස ජනාධිපතිවරයා ගෙන් ඉල්ලා සිටියේය.

මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු, පරිසර අමාත්‍ය මහින්ද අමරවීර, වැවිලි කර්මාන්ත අමාත්‍ය රමේෂ් පතිරණ, රාජ්‍ය අමාත්‍ය මොහාන් පී. ද සිල්වා, සම්පත් අතුකෝරළ, නිපුණ රණවක, චන්දිම වීරක්කොඩි, වීරසුමන වීරසිංහ යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරු, පළාත් ආණ්ඩුකාර විලී ගමගේ සහ අමාත්‍යාංශ රැසක නිලධාරීහු මේ අවස්ථාවට එක්ව සිටියහ.'

(නිවේදනය උපුටා ගැනීම අවසන්)

 

Lankagama Gotabaya

ජනපතිතුමනි,

ලංකාගම ගොස් ඔබ ලියූ ෆේස්බුක් කතාව පිළිගත නොහැක..!

ලංකාගම පාර ගැන ඇත්තම කතාව මෙන්න..!

-පරිසරවේදී ජයන්ත විජේසිංහගෙන් ජනාධිපතිට පිළිතුරක්,

ජනාධිපතිවරයාගේ සංචාරය හා ඒ සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගේ FB පිටුවේ පළකර ලිපිය පිළිබඳව අදහස් දක්වන පරිසරවේදී ජයන්ත විජේසිංහ සිය FB පිටුවේ මෙවැනි සටහනක් පළකර ඇත.

''ගරු ජනාධිපති තුමනි, සිංහරාජයට හානි කෙරෙන මාර්ග හැදීම නිරීක්ෂණය කර ඔබ ඔබගේ ෆේස්බුක් පිටුවේ ලංකාගම මාර්ග ගැටළුව සම්බන්ධ ලියූ පෝස්ට්ටුව කියෙව්වෙමි.

ඔබ විසින් එහි දෙවන ඡේදයේ කියා ඇති, 'ගම්මුන් එහි පරිසර පද්ධතිය දිගු කලක සිට රැකගනිමින් සිට ඇති බව' යන්න පිළිගැනීමට මඳක් අපහසුය.

 බහුතරය වන අපරාධ වලට සහ වනජීවී අපරාධ වලට හවුල් නොවෙතත් ලංකාගම පිටදෙනිය අතර කලාපයෙන් එළියට යන දඩමස්, වල්ලපට්ට, වෙනිවැල් ඇතුළු ජාවාරම් ප්‍රමාණය සුළුපටු නොවේ.

එසේම එම ප්‍රදේශයේ මදුවලට හසුවී මෑතකදී මියගිය දිවියන් දෙදෙනා මීට උදාහරණ සපයයි.

බහුතරය වන අපරාධ වලට සහ වනජීවී අපරාධ වලට හවුල් නොවෙතත් ලංකාගම පිටදෙනිය අතර කලාපයෙන් එළියට යන දඩමස්, වල්ලපට්ට, වෙනිවැල් ඇතුළු ජාවාරම් ප්‍රමාණය සුළුපටු නොවේ. එසේම එම ප්‍රදේශයේ මදුවලට හසුවී මෑතකදී මියගිය දිවියන් දෙදෙනා මීට උදාහරණ සපයයි.

ලංකාගම මෙන්ම ලංකාවේ සියලු ගම්මාන සහ වන භූමි අතීතයේ මිනිසුන් ජීවත් වූ ස්ථාන වේ. කුවේණිය විල්පත්තුවේ තමන්ගේ ජනපදයක සිටි බව අප සියල්ලන් දන්නා කාරණයකි.

ගැමියන් දෙනියායට සහ නෙළුවට තේ රැගෙන ඇතැයි ඔබ සඳහන් කර ඇත. එය සිදුවන්නේ බොලෙරෝ ජීප් සහ තේ දළු ගෙනියන ලොරි රථ වලිනි. ඒ අනුව තිබෙන මාර්ගය ඕනෑම වාහනයකට යා හැකිව තිබූ මාර්ගයක් බවට සපථ වේ.

 

කන්න සිතුණු විට කබරගොයා තලගොයා කර ගැනීමක්..

මා උපන් ගම ද ඇතුළුව ලංකාවේ ගම්මාන 90% වඩා ආසන්න රෝහලට ඇති දුර ලංකාගම සිට නෙළුව ට ඇති දුර ට වඩා වැඩිය. එසේ හෙයින් රෝහල දුර යැයි ඔබ කීම අතාර්තික කතාවකි.

එමෙන්ම එය එකම ගැටලුව නම් ලංකා ගමට සහ පිටදෙනිය ට ග්‍රාමීය රෝහලක් ලබාදීම වඩා සුදුසුම විසඳුමයි.

අප රටේ ග්‍රාමීය ජනතාව පොදුවේ අත්විඳින සෞඛ පහසුකම් අනුව ඔබගේ කතාව "කන්න සිතුණු විට කබරගොයා තලගොයා කර ගැනීමකැ‍යි" යමකුට කීමට ඇති හැකියාව ද අප මෙහිදී බැහැර නොකළ යුතුය.

ලංකාගම සිට නෙළුව ට ඇති දුර කිලෝමීටර නමයකට ආසන්න වන අතර, නෙලුවේ සිට දෙනියායට විශාල කාපට් මාර්ගයක් තිබේ. එහි දුර කිලෝ මීටර් 42 කි. එනම් කිලෝ මීටර පනස් දෙකකට අඩු සම්පූර්ණ දුරකි. එය යාමට ගත වන්නේ උපරිම වශයෙන් පැය එකහමාරක් පමණ කාලයකි.

''ලංකාගම සිට නෙළුවට ඇති දුර කිලෝමීටර නමයකට ආසන්න වන අතර, නෙලුවේ සිට දෙනියායට විශාල කාපට් මාර්ගයක් තිබේ. එහි දුර කිලෝ මීටර් 42 කි. එනම් කිලෝ මීටර පනස් දෙකකට අඩු සම්පූර්ණ දුරකි. එය යාමට ගත වන්නේ උපරිම වශයෙන් පැය එකහමාරක් පමණ කාලයකි. ''

 සාමාන්‍ය වේගයෙන් එම දුර ගොස් පැයකට මඳක් වැඩි කාලයකදී යා හැකි බව මම ප්‍රායෝගිකව අත් විඳ ඇත්තෙමි. බසයක ගියොත් එය පැය දෙකහමාරක් උපරිම ගත වන දුරකි.

ඒ අනුව සැබෑ ලෙසම අඩු වන්නේ ඉතා සුළු ප්‍රවාහන කාලයකි. එසේම අනෙක් පසින් නෙළුවේ සියලු පහසුකම් ඇති බැවින් නෙළුව නගරයට අදාල මාර්ග පහසුකම ලැබෙන්නේ නම් දෙනියායට යාමේ හේතුවක් මට නම් නොපෙනේ.

ගිංගඟ හරහා දැනටමත් පාලමක් ඉදිකර ඇත. එබැවින්, ඔබ කියන පරිදි එහි අළුතින් පාලමක් ඉදි කිරීම අවශ්‍ය ද යන්නත් සොයා බැලීම වටී.

ලංකාගම ග්‍රාමයේ පවුල් හත්සීයක් වෙසෙතැයි ප්‍රකාශකර ඇතත් වීරකුමාර මන්ත්‍රිතුමා විසින්ම ප්‍රකාශ කළේ මුළු ග්‍රාමයට ම ඇත්තේ නිවාස 188 ක් පමණක් බව යි.

 

සාහසික උල්ලංඝනය දුටුවාද?

ලංකාගම ගමේ සිට වටේටම ඇති කඳු දෙස බැලීමේදී ම කඳු වල සිංහරාජයේ වනාන්තරයට තුළට තේ වගාව ව්‍යාප්ත කර ඇති ආකාරය ඔබ දකින්නට ඇති.

ඒ අනුව පැල තුන බැගින් 700 දෙනෙකුට ලබා දුන්නත් එම පැළ 2100 මෙන් දහස් ගුණයක හානියක් මේ වන විටත් සිංහරාජයට මෙම අනවසර තේ වගාවන් සහ ඉඩම් අල්ලා ගැනීම තුළින් සිදු වී ඇත.

ගිං ගඟේ මායිමට ම තේ වගා කර ඇති ආකාරය ද එමගින් රජයේ ඉඩම් ආඥා පනත සාහසික අයුරින් උල්ලංඝනය කර ඇති ආකාරය ද ඔබ දක්නට ඇතැයි මම විශ්වාස කරමි.

ඔබගේ පොස්ට්ටුවේ සඳහන් පරිදි ගම්මුන් ගේ මූලික අවශ්‍යතා වලට එරෙහිව කිසිදු පරිසර සංවිධානයක් විරෝධය නොදැක්වූ බව මා හට සහතිකව කිව හැකිය. එය මෙහි යථා තත්වය යට ගැසීම පිණිස දියත් කළ සංවිධාත්මක කුමන්ත්‍රණයක් වීමට ද පුළුවන.

අප ඉල්ලා සිටියේ තිබෙන මාර්ගය කොන්ක්‍රීට් කර අදාළ පරිසර නියාමන කොන්දේසි යටතේ සිදුකරනු මිස ජනතාවට කිසිදු සහනයක් ලබා නොදෙන ලෙස නොවේ.

නමුත් ලංකාගම සහ පිටදෙනිය අතර පවතින ඉතා කුඩා ජනාවාස කොටස නිසා සිංහරාජයට වන දීර්ඝකාලීන බලපෑම සලකා එම පිරිස් පහසුකම් ඇති ස්ථානයක පදිංචි කිරීමට හැකි නම් එය සිංහරාජයේ අනාගත පැවැත්මට මහත් පිටිවහලක් වනු නොඅනුමානය.

''ලංකාගම සහ පිටදෙනිය අතර පවතින ඉතා කුඩා ජනාවාස කොටස නිසා සිංහරාජයට වන දීර්ඝකාලීන බලපෑම සලකා එම පිරිස් පහසුකම් ඇති ස්ථානයක පදිංචි කිරීමට හැකි නම් එය සිංහරාජයේ අනාගත පැවැත්මට මහත් පිටිවහලක් වනු නොඅනුමානය.''

බොහෝ අවස්ථාවල ඔබ ඉදිරියට පැමිණ කතා කළ අයවලුන් ගමේ සැබෑ තත්වය හා අවශ්‍යතාවය වෙනුවෙන් පෙනී සිටින්නන්ට වඩා දේශපාලනිකව උත්ප්‍රේරණය කරන ලද අය බව නිරීක්ෂණය වී තිබේ.

මෙහිදී පාසල් ළමුන්, ජනතාව සංවිධානය කළ අය විසින් ඔබට බොහෝ තොරතුරු අසත්‍ය හෝ අසම්පුර්ණ ලෙස ලබා දී ඇති බවක් පෙනේ.

මෙම ව්‍යාපෘතිය සම්බන්ධව කරුණු පෙන්වාදීමට අපටත් අවස්ථාවක් ලබාදෙන්නේ නම් ඔබ වෙත ලැබී ඇති තොරතුරුවලට එහා ගිය, සිංහරාජයට මෙය දීර්ගකාලීනව මොනතරම් හානිදායක් විය හැකිද යන්න පෙන්වා දීමට අපි කැමැත්තෙමු..!

එසේම, ලංකාවේ ජාතික අවශ්‍යතා මත ගම් සහ නගර පිටින් ඉවත් කොට නැවත පදිංචි කිරීම් සිදුකර ඇති බවට උදාහරණ සිය ගණනක් ඇත.

මෙම සුවිශිෂ්ඨ ලෝක පාරිසරික උරුමයේ මතු යහපැවැත්ම තකා එවැනි දූරදර්ශී පියවර කෙරෙහි ද ඔබගේ අවධානය යොමු විය යුතුය.

''කිලෝ මීටර 42 ක දුරක් ඇති නෙළුවත් දෙනියාත් අතර ඇති කාපට් මාර්ගය වෙනුවට, කිලෝමීටර තිහකට ආසන්න නෙළුව ලංකාගම පිටදෙනිය දෙනියාය යන මාර්ගය පුළුල් කොට සංවර්ධනය කිරීම තුළින් සිංහරාජ ලෝක උරුමයට සහ ගිං ගඟ කොමළිය ට ඇතිවිය හැකි අතිශය හානිකර බලපෑම අපට දක්නට ලැබෙනුයේ තවත් දශකයකට දෙකකට පසුව බව ද මෙසේ ලියා තබමි.''

කිලෝ මීටර 42 ක දුරක් ඇති නෙළුවත් දෙනියාත් අතර ඇති කාපට් මාර්ගය වෙනුවට, කිලෝමීටර තිහකට ආසන්න නෙළුව ලංකාගම පිටදෙනිය දෙනියාය යන මාර්ගය පුළුල් කොට සංවර්ධනය කිරීම තුළින් සිංහරාජ ලෝක උරුමයට සහ ගිං ගඟ කොමළිය ට ඇතිවිය හැකි අතිශය හානිකර බලපෑම අපට දක්නට ලැබෙනුයේ තවත් දශකයකට දෙකකට පසුව බව ද මෙසේ ලියා තබමි.

(පරිසරවේදී ජයන්ත විජේසිංහ)

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්