ජනාධිපතිවරයා විසින් ප්‍රකාශිත පෞද්ගලික ඉඩම් පවරා ගැනීමේ ප්‍රතිපත්තියට පටහැනිව යමින් උතුරේ දුපතක  දෙමළ ජනයාට අයත්  විශාල භූමියක්

නාවික හමුදාව විසින් අත්පත් කරගැනීමට දැරූ උත්සාහයක් ගම්වැසියන්ගේ සහ ඉඩම් හිමියන්ගේ  විරෝධය හමුවේ අසාර්ථක වී තිබේ.

යාපනයේ, වේලනෙයි ප්‍රදේශිය ලේකම් කොට්ඨාශයේ  මන්ඩතීවූ ග්‍රාම සේවා පිහිටි පුද්ගලයන් සිව් දෙනකුට අයත්  අක්කර හතරකට ආසන්න   ඉඩම් ප්‍රමාණයක්  මන්ඩතීවූ නාවික හමුදා කඳවුර තවත් පුළුල් කිරීම වෙනුවෙන්  ඉඩම් හිමියන්ගේ අකැමැත්ත නොතකා නිල වශයෙන් පවරා ගැනීමට අගෝස්තු 28  සිකුරාදා  නාවික හමුදාව වෑයම් කළ බව උතුරේ වාර්තාකරුවෝ පවසති.

මැනීමේ  කටයුතු සදහා පැමිණ සිටි මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට ඉඩම් හිමියන්ගේ  සහ ගම් වැසියන්ගේ බලවත් විරෝධය හමුවේ මැනීම් ආපසු හැරී යන්නට  සිදුව තිබේ.

තම අත්සන්  යෙදු  පෙත්සමක් එම ස්ථානයට පැමිණ සිටි මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට  ඉඩම් හිමියන්  භාර දී තිබෙන අතර තමන්ගේ ඉඩම් නාවික හමුදාවට ලබා නොදෙන බව එහි සදහන්ව තිබුනේනැයි  උතුරේ වාර්තාකරුවෝ වැඩි දුරටත් පවසති.

 

ආණ්ඩුවේ ‘ප්‍රතිපත්තිය’

''ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පාර්ලිමේන්තුවේ නව සැසි වාරය අමතමින් කියා සිටියේ “නිසි විකල්පයකින් තොරව පරම්පරා ගණනාවක් තිස්සේ තමන් ජීවත් වූ සහ වගා කටයුතු කළ ඉඩම්වලින් කිසිවෙක් ඉවත් කරන්නේ නැහැ,” යනුවෙනි.''

ජීවිකාව පවත්වාගෙන යාමට අවශ්‍ය ඉඩම්වලින් කිසිවකු ඉවත් නොකිරීම අලුත් ආණ්ඩුවේ ප්‍රතිපත්තිය බවට ජනාධිපතිවරයා අගෝස්තු 20 ප්‍රකාශ කර තිබුනි.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පාර්ලිමේන්තුවේ නව සැසි වාරය අමතමින් කියා සිටියේ “නිසි විකල්පයකින් තොරව පරම්පරා ගණනාවක් තිස්සේ තමන් ජීවත් වූ සහ වගා කටයුතු කළ ඉඩම්වලින් කිසිවෙක් ඉවත් කරන්නේ නැහැ,” යනුවෙනි.

මිනින්දෝරු දෙපාර්තමේන්තුව ඉඩම මැන මායිම් කිරීම සඳහා පැමිණ ඇති බව සැලවීමෙන් පසුව උතුරේ දෙමළ දේශපාලන පක්ෂ කිහිපයකම නියෝජිතයන් එම ස්ථානයට පැමිණ තිබේ.

Jaffna land Navy

දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. ශ්‍රීධරන් එහිදී මාධ්‍යවේදීන් හමුවේ අනාවරණය කළේ යුද්ධය අවසන් වීමෙන් පසුත් සිය මුල් ගම් බිම් බලා යාමට නොහැකි වු උතුරේ පිරිස් එම ස්ථානයේ පමණක් නොව වෙනත් දුපත්වලත් රැදී සිටින බවයි.

දෙමළ ජාතික ජනතා පෙරමුණේ නීති උපදේශක නීතිඥ කනගරත්නම් සුගාෂ් එහිදී කියා සිටියේ උතුරේ ජනයාගේ ඉඩම් අයිතිය වෙනුවෙන් ජාත්‍යන්තර සහාය පැතීමට සිදු වන බවයි.

"අපි ප්‍රජාතන්ත්‍රවාදී ලෙස අරගල කරන අතරේ මේකට ස්ථිරසාර විසඳුමක් ඉල්ලා ජාත්‍යන්තර අධිකරණයට යන්න වෙනවා." ඔහු මාධ්‍යවේදීන් හමුවේ වැඩි දුරටත් කියා තිබේ.

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්