අපරාධ පරික්ෂ දෙපාර්තමේන්තුව විසින් අද (31) පස්වරුවේ දී  lankanewsweb.org වෙබ් අඩවියේ කර්තෘ මාධ්‍යවේදී

ඩෙස්මන් චතුරංග ද අල්විස් සිය නිවසේ සිටියදී අත්අඩංගුවට ගෙන ඇත්තේ, අධිකරනය අපහසුතාවයට පත් කරන තොරතුරු අන්තර් ජාලය තුල සංසරනය කිරිමේ චෝදනාව මත බව ජ්‍යෙෂ්ඨ නීතිඥ ශීරාල් ලක්තිලක පැවසිය.

අත්අඩංගුවට ගත් චතුරංග අල්විස් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු මුලස්ථානය වෙත ගෙවිත් මේවනවිට ප්‍රශ්න කරමින් සිටින බව ද ශීරාල් ලක්තිලක කියා සිටියේය.

''මම CID එකට ගියා.  අත්අඩංගුවට ගැනීම සිදුකළ සහකාර පොලිස් අධිකාරිට කතා කලා. හෙට උදැසන අධිකරනයට ඉදිරිපත් කරනවා කිව්වා. '' යයි පැවසු ශ්‍රිරාල් ලක්තිලක තවදුරටත් පැවසිය.

මෙම අත්අඩංගුවට ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් මුලස්ථානයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු ගෙන් theleader.lk කළ විමසීමක දී කියා සිටියේ, lankanewsweb.org වෙබ් අඩවියේ පලවී ඇති පුවතක් සම්බන්ධයෙන් ලැබී ඇති පැමිණිල්ලක් මත ප්‍රකාශයක් ලබාගැනීම සඳහා රහස් පොලිසිය විසින් ඔහුව අත්අඩංගුවට ගෙන ඇති බවයි.

''පාස්කු ප්‍රහාරයේ සැකකාර නිතීඥ හිජාස්ට ඇප ගන්න හොර පාරක් කපයි… ලක්ෂ 50කට අභියාචනාධිකරණයේ දොර ඇරෙද්දී විනිසුරුවරුන්ටත් සල්ලි…. ඇප දිම පසුපස බලවත් බළල් අතක්'' යන ශීර්ෂයෙන් යුතුව lankanewsweb.org වෙබ් අඩවියේ පලවී තිබු  පුවත සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් විශේෂ විමර්ශනයක් ආරම්භකර ඇති බවත්, ඒ වැඩිදුරටත් කරුණු අනාවරණය කර ගැනීම සඳහා වෙබ් අඩවියේ මාධ්‍යවේදියා ගෙන් ප්‍රශ්න කරමින් සිටින බවත් එම පොලිස් නිලධාරියා වැඩිදුරටත් කියා සිටියේය.

LNWtoday

සජිත්ගේ පක්ෂයේ ප්‍රචාරක අංශ ප්‍රධානියෙක් :

සජිත් ප්‍රේමදාස නායකත්වය දරන 'සමගි ජන බලවේගයේ' මාධ්‍ය හා ප්‍රචාරක කමිටුවේ ප්‍රධානියෙකු වන මාධ්‍යවේදී චතුරංග, ශ්‍රී ලංකා වෙබ් මාධ්‍යවේදීන්ගේ සංගමයේ සභාපතිවරයා ද වේ.

යහපාලන ආණ්ඩුව සමයේදී ස්වාධින රුපවාහිනී ආයතනයේ (ITN) ප්‍රවෘත්ති අංශයේ කළමනාකරු ලෙස ද ඔහු කටයුතු කළේය.

මොහුව අත්අඩංගුවට ගැනීමේ පුවත සැලවීමෙන් පසු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අසලට පැමිණි පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මාධ්‍යවෙත අදහස් දක්වමින් පැවසුයේ, ගෝඨාභය රාජපක්ෂ බලයට පත්වූ පසු සිදුකරන ලද 18 වන දඩයම මෙය වන බවයි.

19 සංශෝධනය හරහා ලබා දුන් ප්‍රජාතන්ත්‍රවාදයේ අයිතිය පමණක් නොව මෙම රජය භාෂණයේ සහ ප්‍රකාශනයේ නිදහස පවා උල්ලංඝනය කරමින් මිලිටරිවාදය කරා රට ගෙනයන බව පැවසු මන්ත්‍රීවරයා, එයට එරෙහිව හඩ නගන ලෙස ප්‍රජාතන්ත්‍රවාදය අගයන සියලු පාර්ශවයන්ගෙන් ඉල්ලා සිටියේය.

සබැඳි පුවත් :

lankanewsweb.org කර්තෘ අත්අඩංගුවට... !

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්