මධ්‍යම රජය විසින් ගෙවිය යුතු සමස්ත ණය ප්‍රමාණය 2020 වසරේ මුල් මාස 06 අවසානයේ දී රුපියල් බිලියන 14,052.2 ක් බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. 

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රකාශයට පත් කරන ලද සතිපතා ආර්ථික දර්ශක වාර්තාවෙහි මේ බව සඳහන් වේ.

මෙම වාර්තාවට අනුව 2019 වසර අවසානයේ දී රුපියල් බිලියන 13,031.5 ක්ව පැවති මධ්‍යම රජයේ සමස්ත ණය ප්‍රමාණය 2020 ජූනි මස අවසානය වන වි රුපියල් බිලියන 14,052.2 ක් දක්වා රුපියල් බිලියන 1,020.7 කින් හෙවත් රුපියල් ට්‍රිලියනයකින් වැඩි වී තිබේ.

Screen Shot 2020 09 01 at 6.09.41 PM
ඉතිහාසයේ මුල්වරට මධ්‍යම රජයේ සමස්ත ණය ප්‍රමාණය 2020 අප්‍රේල් මාසයේ දී රුපියල් බිලියන 14,000 සීමාව ඉත්මවා ගිය අතර එහිදී එම අගය දැක්වුණේ රුපියල් බිලියන 14,024.7 ක් ලෙසිනි. 

මෙම ප්‍රමාණය 2020 මැයි මාසය අවසාන වන විට රුපියල් බිලියන 13,895.9 ක් දක්වා පහළ ගොස් තිබුණි. 

කෙසේ වෙතත් එම අගය නැවත වරක් රුපියල්  බිලියන 14,052.2 ක් දක්වා 2020 ජූනි මාසය අවසාන වන විට වර්ධනය වී ඇත.

මේ අනුව මධ්‍යම රජයේ සමස්ත දේශීය ණය ප්‍රමාණය 2020 මුල් මාස 06 තුළ දී රුපියල් බිලියන 6,629.1 සිට රුපියල් බිලියන 7,530.8 ක් දක්වා සහ සමස්ත විදේශීය ණය ප්‍රමාණය රුපියල් බිලියන 6,402.4 සිට රුපියල් බිලියන 6,521.4 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

Screen Shot 2020 09 01 at 6.09.45 PM

(biz.adaderana.lk)

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්