චීනයෙන් ගෙන්වන බදු භාණ්ඩ වලට එරෙහිව ඉතා සැලසුම් සහගත ප්‍රචාරක මෙහෙයුමක් සමාජ මාධ්‍ය ඔස්සේ ක්‍රියාත්මක වෙමින් තිබේ.

පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරයේ සභාපති රන්ජිත් විතානගේ මෙන්ම මෙරට දේශීය ව්‍යාපාරිකයින් රැසක් එහි පෙරමුණ ගෙන සිටිති.

''අපි අපේ රටේ දේ අගයමු'' යන තේමාව යටතේ මෙම වැඩසටහන ක්‍රියාත්මක වේ.

රන්ජිත් විතානගේ සිය FB පිටුවේ පළකර ඇති එක් පොස්ටුවක මෙසේ සඳහන් වේ. 


Screen Shot 2020 09 02 at 9.22.39 AM

Screen Shot 2020 09 02 at 9.22.52 AM

චීනගෙ බඩු බාලයි..පාලකයනට හොඳයි ...කොමිස්..කොමිස්

Screen Shot 2020 09 02 at 9.26.27 AMතිරිංග දෝෂ හේතුවෙන් චීන මැදිරි සහිත දුම්රිය ධාවනයෙන් ඉවත් වූ බව දුම්රිය එන්ජින් රියදුරන්ගේ සංගමය කියයි.

Screen Shot 2020 09 02 at 9.26.32 AMමේවනවිට දුම්රිය රියදුරන් චීන මැදිරි සහිත දුම්රිය ධාවනයෙන් ඊයේ මධ්‍යම රාත්‍රීයේ සිට ඉවත්ව සිටිති.

එම මැදිරිවල පවතින කාර්මික දෝෂවලට බලධාරීන්ගෙන් විසදුම් නොලැබීම හේතුවෙන් තමන් මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය ආරම්භ කළ බව දුම්රිය එන්ජින් රියදුරන්ගේ සංගමයේ ලේකම් ඉන්දික දොඩංගොඩ පැවසිය.

එම මැදිරි ධාවනයේදී සිදුවන අනතුරුවලදී රියදුරන් සහ කාර්ය මණ්ඩලයට එරෙහිව පරීක්‍ෂණ පැවැත්වෙන බවද මෙහිදී ප්‍රකාශ කෙරින.

2010 වසරේදී චීනයෙන් මෙරටට දුම්රිය මැදිරි සියයක් ගෙන්වූ අතර  ඉන් මේ වනවිට ධාවනය කෙරෙන්නේ මැදිරි 50 ක් පමණ බව දුම්රිය එන්ජින් රියදුරන්ගේ සංගමයේ ලේකම් ඉන්දික දොඩංගොඩ වැඩිදුරටත් පැවසිය. 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්