කොරෝනා වසංගතය හේතුවෙන් ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව මැදපෙරදිග සරණ වී සිටින ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් 10,000 ප්‍රමාණයක්

ඉතාමත් අඩු වියදමකින් එකවර එම රටවල සිට ශ්‍රී ලංකාව වෙත රැගෙන ආ හැකි ව්‍යාපෘතියක් ඇවන්ගාඩ් මැරිටයිම් පුද්ගලික සමාගම විසින් සැලසුම් කර ඇත.

මෙම ව්‍යාපෘතිය සැලසුම් කිරීමේදී එම සමාගම් සමූහයේ සභාපති නිශ්ශංක සේනාධිපති, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ශ්‍රී ලංකාවේ තානාපති සමඟ සාකච්ඡා වට කිහිපයක්ම පවත්වා මේ සම්බන්ධයෙන් අවශ්‍ය මුලික පියවර ගෙන තිබේ.

මීට මසකට පමණ පෙර විදේශ අමාත්‍යාංශයේ ලේකම් අද්මිරාල් ජයනාත් කොළඹගේ සහ සෞඛ්‍ය බලධාරීන්ගේ ප්‍රධානත්වයෙන් සෞඛ්‍ය අමාත්‍යංශයේ පැවති විශේෂ සාකච්ඡාවකදී ද ඇවන්ගාඩ් ප්‍රධානියා මිට අදාල දැනුවත් කිරීම් සිදුකර තිබේ.

 

නැව් තුලදීම දින 14ක නිරෝධායන වැඩපිළිවෙලක් :

මෙම ව්‍යාපෘතියට අනුව ඩුබායි හි පිහිටි "ජබල් අලි" වරායේ රඳවා තිබෙන විශාල ප්‍රමාණයේ මගී නෞකා කිහිපයක් වෙතට ශ්‍රී ලංකාවට පැමිණීමේ අපේක්ෂාවෙන් සිටින පිරිස් ඇතුළු කර, නිරෝධායන නීති වලට අනුකූලව නෞකාව තුළදීම දින 14ක නිරෝධායනයට ලක්කෙරේ.

නිරෝධායන කාලය අවසන් වීමෙන් අනතුරුව නෞකාව "ජබල් අලි" වරායේ සිට ශ්‍රී ලංකාව වෙත යාත්‍රා කෙරේ.

මෙම ව්‍යාපෘතිය සදහා අවශ්‍යය සුඛෝපභෝගී මගී නෞකා වෙන්කර ගැනීම මේ වන විටත් සිදුකර අවසන්ව ඇති බවත්, අදාල නෞකා ශ්‍රී ලංකාවේ හම්බන්තොට හෝ කොළඹ වරායන් වෙත ඇතුළු කිරීමට අවශ්‍ය අවසර ලබා ගැනීම්ද සිදු කර ඇති බවත් වාර්තාවේ.

''මැදපෙරදිග කලාපයේ කොරෝනා වසංගතය හමුවේ ඉතා අසරණව ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව සිටින ශ්‍රී ලාංකික ශ්‍රමිකයින්ට ගුවනින් පැමිණීමේදී වැය වන මුදලට සාපේක්ෂව ඉතා අඩු මුදලකට මුහුදු මාර්ගය ඔස්සේ ශ්‍රී ලංකාව වෙත රැගෙන ඒමට මෙම ව්‍යාපෘතිය මගින් කටයුතු යොදා ඇත.''

මෙම ව්‍යාපෘතිය මගින් විශේෂයෙන්ම මැදපෙරදිග කලාපයේ කොරෝනා වසංගතය හමුවේ ඉතා අසරණව ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව සිටින ශ්‍රී ලාංකික ශ්‍රමිකයින්ට ගුවනින් පැමිණීමේදී වැය වන මුදලට සාපේක්ෂව ඉතා අඩු මුදලකට මුහුදු මාර්ගය ඔස්සේ ශ්‍රී ලංකාව වෙත රැගෙන ඒමට කටයුතු යොදා ඇත.

 

2000 කට නොමිලේ ම අවස්ථාවක් !

 එසේම, මුදල් ගෙවා ගැනීමට අපහසු තත්වයට පත්ව ඇති පිරිස් ඇත්නම් අදාළ රටවල තානාපතිවරුන්ගේ නිර්දේශ මත එවන් 2,000 ක පමණ පිරිසක් නොමිලයේම ශ්‍රී ලංකාව වෙත රැගෙන ඒමටත් සැලසුම් කර තිබේ.

ශ්‍රී ලංකා රජයෙන් අවසර ලද වහාම මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට ඇවන්ගාඩ් මැරිටයිම් පුද්ගලික සමාගම බලාපොරොත්තුවෙන් සිටී.

යළි මෙරටට පැමිණීමේ අපේක්ෂාවෙන් විදේශයන්හි සිරවී සිටින සියළුම ශ්‍රී ලාංකිකයින් කිසිදු කරදරයකින් තොරව ශ්‍රී ලංකාව වෙත ගෙන්වා ගැනීම මෙම මෙහෙයුමේ අරමුණ බව ඇවන්ගාඩ් සමාගම පවසයි.

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්