කොළඹ වරායේ මතභේදයට තුඩු දී ඇති නැගෙනහිර පර්යන්තය ශ්‍රී ලංකා වරාය අධිකාරිය විසින් සංවර්ධනය කිරීමට තීරණය කරන ලද බව

වරාය අධිකාරියේ සභාපති විශ්‍රාමික මේජර් ජෙනරාල් දයා රත්නායක බීබීසී සිංහල සේවයට පැවසීය.

"ගිය ආණ්ඩුව කාලේ ඉන්දියාව, ජපානය හා ශ්‍රී ලංකාව අතර අත්සන් කෙරුණු අවබෝධතා ගිවිසුම ජාත්‍යන්තර ගිවිසුමක්. විශේෂයෙන් ඉන්දියාව හා ජපානය කියන්නේ අපට ඉතාමත් වැදගත් රටවල් දෙකක්. ඒ රටවල් දෙකත් එක්ක අත්සන් කරපුවහම එකපාරට අත්හරින්න බෑ ඒක නිසා රජයට මේක ඉතාමත් සංවේදී කාරණයක්. ඒක නිසා මේක රජය ඉතාමත් සූක්ෂමව හැසිරවිය යුතු දෙයක්." වරාය අධිකාරියේ සභාපති විශ්‍රාමික මේජර් ජෙනරාල් දයා රත්නායක පැවසීය.

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය සංවර්ධනය කිරීමට ඉන්දියාවත්, ජපානයත් ශ්‍රී ලංකාවත් එක්ව පිහිටුවාගත් හවුල් ව්‍යාපාරයක් හරහා කිරීමට තීරණය කළ ශ්‍රී ලංකා රජය, ඒ පිළිබඳව මූලික අවබෝධතා ගිවිසුම් 2019 මාර්තු මාසයේදී අත්සන් කර තිබුණත් නව රජය බලයට පැමිණීමත් සමගම මතු වූ වෘත්තීය සමිති විරෝධතා මධ්‍යයේ එය තාවකාලිකව නවතා දැමීමට තීරණය විය.

port Chandrasiriවෘත්තීය සමිති විරෝධතාවක

කොළඹ වරායේ නැගෙනහිර බහාලුම් පර්යන්තය ඒකාබද්ධව සංවර්ධනය කිරීම සඳහා ශ්‍රී ලංකාව, ජපානය සහ ඉන්දියාව අතර අත්සන් තැබුණු ගිවිසුමට අනුව ඩොලර් මිලියන 500 ත් 700 ත් අතර මුදලක් යෙදවීමට තීරණය කර තිබුණු අතර මෙම ව්‍යාපෘතියේ සියයට 51 ක කොටස් ශ්‍රී ලංකාව සතු වන අතර ඉන්දියාව හා ජපානය අතර 49% ක් රඳවා ගැනීමට තීරණය විය.

''කොළඹ වරායේ නැගෙනහිර බහාලුම් පර්යන්තය ඒකාබද්ධව සංවර්ධනය කිරීම සඳහා ශ්‍රී ලංකාව, ජපානය සහ ඉන්දියාව අතර අත්සන් තැබුණු ගිවිසුමට අනුව ඩොලර් මිලියන 500 ත් 700 ත් අතර මුදලක් යෙදවීමට තීරණය කර තිබුණු අතර මෙම ව්‍යාපෘතියේ සියයට 51 ක කොටස් ශ්‍රී ලංකාව සතු වන අතර ඉන්දියාව හා ජපානය අතර 49% ක් රඳවා ගැනීමට තීරණය විය.''

නැගෙනහිර බහාලුම් පර්යන්තය පිහිටා තිබෙන්නේ චීනයේ ආයෝජනයක් වන කොළඹ මුහුද ගොඩ කරන නිර්මාණය කෙරුණු "වරාය නගරය" හෙවත් ජාත්‍යන්තර මූල්‍ය නගරයට කිලෝමීටර තුනක් ඔබ්බෙන් හා චීනය විසින් හසුරුවන කොළඹ ජාත්‍යන්තර බහාලුම් පර්යන්තයට ආසන්නයේ වීමත් මෙම ආයෝජනය භූ දේශපාලනයේ විශේෂ අවධානයක් ගෙන තිබේ.

ජපානය අවුරුදු 40 ක සියයට 0.1 ක පොලී අනුපාතයක සහන ණයක් යටතේ මෙම ව්‍යාපෘතිය කිරීමට සැලසුම් කර තිබුණත් හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ප්‍රමුඛ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඇතුළු ඔවුන්ට හිතවත් වෘත්තීය සමිති මෙම හවුල් ව්‍යාපෘතියට ඉන්දියාවේ මැදිහත්වීම සම්බන්ධයෙන් විරෝධය පෑ අතර නව රජය පත්වීමත් සමගම මෙම ව්‍යාපෘතිය නැවැත්වීමට යෝජනා විය.

Modi Gotabayaකොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය කඩිනමින් ඉදිකිරීම ගැන කතාබහක්...

එහෙත් පසුගියදා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි හා ශ්‍රී ලංකා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අතර පැවැත්වූ දුරකථන සංවාදයකදී ජනපති රාජපක්ෂ ප්‍රධාන පෙළේ ව්‍යාපෘති කිහිපයක් නැවත පණ ගැන්වීමට ඉන්දියාවේ සහයෝගය අපේක්ෂා කරන බව ප්‍රකාශ කළ අතර එහිදී කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය කඩිනමින් ඉදිකිරීම ගැනත් කතා කළ බව ජනපති මාධ්‍ය අංශය නිවේදනය කළේය.

මෙම ව්‍යාපෘතිය සඳහා ඉන්දියාවේ දායකත්වය කෙබඳුද යන්න පිළිබඳව තොරතුරු හෙළි නොවුවත් උපාය මාර්ගිකව නැගෙනහිර පර්යන්තයේ ප්‍රති නැව්ගත කිරීම් ව්‍යාපාරයෙන් සියයට 70 කට වැඩි ප්‍රමාණයක් ඉන්දියාව හා බැඳී පවතින බව විශ්ලේෂකයන්ගේ අදහසය.

ලංකා නැව් නියෝජිතයින්ගේ සම්මේලනයේ සභාපති සහ එයිට්කන් ස්පෙන්ස් නැව් සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ ඉක්රාම් කුට්ටිලන් බීබීසී සිංහල සේවය සමග අදහස් දක්වමින් කියා සිටියේ, ඉතා ඉක්මනින් නැගෙනහිර පර්යන්තයේ වැඩ ආරම්භකොට කොළඹ වරායේ ධාරිතාවය ප්‍රවර්ධනය කළ යුතු බවය.

''ලංකා නැව් නියෝජිතයින්ගේ සම්මේලනයේ සභාපති සහ එයිට්කන් ස්පෙන්ස් නැව් සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ ඉක්රාම් කුට්ටිලන් බීබීසී සිංහල සේවය සමග අදහස් දක්වමින් කියා සිටියේ, ඉතා ඉක්මනින් නැගෙනහිර පර්යන්තයේ වැඩ ආරම්භකොට කොළඹ වරායේ ධාරිතාවය ප්‍රවර්ධනය කළ යුතු බවය.''

"ඉතා ඉක්මනින් ක්‍රියාත්මක කිරීම ඉතා තීරණාත්මකයි. මන්දයත් කොළඹ වරාය උපරිම ධාරිතාවයට ළඟා වන බැවින් නැගෙනහිර බහාලුම් පර්යන්තය සංවර්ධනය නොකළහොත් නැව් සමාගම් අප අතහැර යනු ඇති අතර අප වරායට පැමිණීමට සැලසුම් කරන නැව් හැසිරවීමේදී ගැටළු ඇති වෙනවා. එය අතිශයින්ම තීරණාත්මකයි."

ෆරන්ටියර් පර්යේෂණ ආයතනයේ ආර්ථික පර්යේෂණ නිලධාරිනී චයූ දම්සිංහ බීබීසී සිංහල සේවය සමඟ කියා සිටියේ, "වැදගත් සාධකයක් වනුයේ නැගෙනහිර බහාලුම් පර්යන්තය ක්‍රියාකාරීත්වය ලබා ගැනීම සහ එම ක්‍රියාවලිය ආරම්භ කිරීමයි. එය ප්‍රමාද වී ඇති බැවින් එය ආරම්භ කිරීම ආර්ථිකයට ධනාත්මක වනු ඇත," යනුවෙනි.

"කෙසේ වෙතත්, ජපානය හා ඉන්දියාව ඔවුන්ගේ මැදිහත්වීම පිළිබඳව මීට පෙර අඛණ්ඩව සාකච්ඡා කළ විට, එවැනි පියවරක් එම රටවල් සහ ශ්‍රී ලංකාව අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතාවලට හිතකර නොවනු ඇත.

ඉදිරි වසර කිහිපය තුළ දී ඉන්දියානු සහ ජපාන මූල්‍ය ආධාර වැදගත් වන බැවින් මෙය ශ්‍රී ලංකාවේ ණය ගැටළු හමුවේ විශේෂයෙන් වැදගත් විය හැකිය," යනුවෙන් ද ඇය සඳහන් කළාය.

(බීබීසී සිංහල සේවය)

සබැඳි පුවත් :

වරාය අර්බුදය දෙස සැබෑ දේශප්‍රේමියෙකු බැලිය යුත්තේ කෙසේද? - මහාචාර්ය රොහාන් සමරජීව 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්