ජනාධිපතිවරයා විසින් කරන ලද නව පත්වීම් පිළිබඳව බලපෑම් නොකරන ලෙසට ඔහු විසින් කරන ලද ඉල්ලීමට එකගවිය නොහැකි බව ජාතික සංවිධාන අවධාරණය කර සිටියි.

ජනාධිපතිවරයා විසින් සිදුකළ පත්වීම් සියල්ල සිදු කරන ලද්දේ, අප රටේ ස්වෛරීත්වය, ජාතික ආරක්ෂාව මෙන්ම “සෞභාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්ති ප්‍රකාශය ක්‍රියාත්මක කිරීම වැනි ඉතා සුවිශේෂී කරුණු සලකා බලමින් බවත් එහෙයින්, යම් පත්වීමකට විරුද්ධව එය වෙනස් කරන ලෙස තමන්ට හෝ රජයට බලපෑම් නොකරන ලෙස ජනාධිපතිවරයා ආණ්ඩු පක්ෂයේ සියලු දෙනාට දැනුම් දී ඇති බවටත් ජනාධිපති මාධ්‍ය අංශය විසින් ඊයේ (02) නිවේදනයක් නිකුත්කර තිබියද 'ජාතික සංවිධාන' මෙසේ පෙරලා ප්‍රතිචාර දැක්වීම සුවිශේෂී කාරණයකි. 

අමාත්‍ය විමල් විරවංශගේ මගපෙන්වීම යටතේ ක්‍රියාත්මක 'ජාතික සංවිධාන එකමුතුව' විසින් අද (03) දිනයේ කැදවා තිබූ මාධ්‍ය හමුවක් අමතමින් වෛද්‍ය වසන්ත බණ්ඩාර සඳහන් කළේ ජනාධිපතිවරයාගේ යම් පත්කිරීම් පිළිබඳව ප්‍රභල මහජන විරෝධයක් තිබෙන බැවින් ඒවා පිළිබඳව කතා නොකර සිටීමට නොහැකි බවය.

එහිදී ඔහු සඳහන් කළේ මිලින්ද මොරගොඩ ඉන්දියාවේ තානාපති ලෙස පත් කිරීමට එරෙහිව මහජනයාගෙන් සහ මහා සංඝරත්නයෙන් ප්‍රභල විරෝධයක් එල්ලවී තිබෙන බැවින් ඒ පිළිබඳව ජාතික සංවිධානවල මතය කිව යුතු බවය.
''මිලින්ද මොරගොඩට ඉන්දියාව සහ ඇමෙරිකාව විසින් චරිත සහතික ලබා දී ඇතත් ජාතික බලවේග ඔහුට එවැනි සහතික ලබා දෙන්නේ නැති බවද ඔහු සඳහන් කරයි.''

මිලින්ද මොරගොඩට ඉන්දියාව සහ ඇමෙරිකාව විසින් චරිත සහතික ලබා දී ඇතත් ජාතික බලවේග ඔහුට එවැනි සහතික ලබා දෙන්නේ නැති බවද ඔහු සඳහන් කරයි.

තවදුරටත් අදහස් දැක්වූ ඔහු සඳහන් කළේ 19 වැනි සංශෝධනය මගින් පනවා තිබූ ද්විත්ව පුරවැසි බාධකය 20 වැනි සංශෝධනය මගින් තවදුරටත් තහවුරුකොට එම බාධකය රජයේ උසස් නිලධාරීන්ටත් පැනවිය යුතු බවය.


සබැඳි පුවත් :
''පත්කිරීම්වලට බලපෑම් කරන්න එන්න එපා'' - ජනාධිපතිගේ මෙම දැනුම්දීම විමල්ට ද ? 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්