පාර්ලිමේන්තු මැතිවරණ සහ ජනාධිපතිවරණ සදහා තරග වැදීමට, 19 වන සංශෝධනයෙන් ද්විත්ව පුරවැසියන්ට පනවා තිබුණු තහනම, යෝජිත 20 වන ව්‍යවස්ථා සංශෝධනයෙන් ඉවත් කිරීම

සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විරෝධය පල කර ඇත. 

ඉන්දියාව සහ ඔස්ට්‍රේලියාව වැනි රටවල් පවා, ද්විත්ව පුරවැසියන්ට පාර්ලිමේන්තුව සදහා තේරී පත්වීමේ අවස්ථාව අහුරා ඇති බව පවසන ශ්‍රීලනිප හිටපු මහ ලේකම්, මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස, ලැබුණු ජනතා වරම උපයෝගී කර ගනිමින් සියල්ල උඩු යටිකුරු කිරීමට ආණ්ඩුව දරන උත්සාහයට එකඟවිය නොහැකි බව අවධාරණය කර සිටියි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව රැස්වී මීට එරෙහිව ගත යුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් සාකච්ඡා කරන බව ද ඔහු පවසයි.

 

''ද්විත්ව පුරවැසි කොන්දේසිය රජයේ නිලධාරීන්ටත් පැනවිය යුතුයි.'' - ජාතික සංවිධාන 

මේ අතර  අමාත්‍ය විමල් විරවංශ ගේ ජාතික නිදහස් පෙරමුණ පවසන්නේ, 19 වැනි සංශෝධනය මගින් පනවා තිබූ ද්විත්ව පුරවැසි බාධකය 20 වැනි සංශෝධනය මගින් තවදුරටත් තහවුරුකොට එම බාධකය රජයේ උසස් නිලධාරීන්ට ද පැනවිය යුතු බවයි.

අමාත්‍ය විමල් විරවංශගේ මගපෙන්වීම යටතේ ක්‍රියාත්මක 'ජාතික සංවිධාන එකමුතුව' විසින් ඊයේ (03) දිනයේ කැදවා තිබූ මාධ්‍ය හමුවක් අමතමින් වෛද්‍ය වසන්ත බණ්ඩාර එබව සඳහන් කළේය.

 

මනෝ හා හකීම් කියන කතාව !

මෙසේ ආණ්ඩුව සමග සම්බන්ධ පාර්ශ්වලින් පවා 19 ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් විවේචනාත්මක අදහස් මතුකරද්දී, සමගි ජන බලවේගය නියෝජනය කරන රාවුෆ් හකීම් සහ මනෝ ගනේෂන් යන පක්ෂ නායකයන්ගේ ස්ථාවරය වී ඇත්තේ, ද්විත්ව පුරවැසියන්ට පනවා තිබෙන තහනම ඉවත් කිරීම කළ යුතු සංශෝධනයක් බවයි.

19 වන සංශෝධනය මගින් ද්විත්ව පුරවැසියන්ට පැනවූ තහනම පුද්ගලයන් ඉලක්ක කර ගනිමින් සිදු කළ දෙයක් පවසන ඔවුන්, 20 වන සංශෝධනය මගින් එම තහනම ඉවත්කිරීම සම්බන්ධයෙන් තමන්ට ප්‍රශ්නයක් නැති බව පවසයි. 

දනටත්  රිමෝට් කොන්ට්‍රොලයකින් පාර්ලිමේන්තුවේ කොන්ට්‍රෝල් කරන බැසිල් රාජපක්ෂ, පාර්ලිමේන්තුව එම ගැන තමන්ට එතරම් ගැටළුවක් නැති බව මනෝ ගනේෂන් මන්ත්‍රීවරයා වැඩිදුරටත් කියා සිටියේය.


සජිත්ගේ පක්ෂයේ මතය !

මේ අතර සමගි ජන බලවේගය අද (04) දින නිකුත්කර ඇති මාධ්‍ය නිවේදනයක සඳහන් වන්නේ, ජනතාව ශක්තිමත් කිරීම පසෙකලා පවුලක් ශක්තිමත් කිරීම සඳහා ව්‍යවස්ථා සංශෝධනයක් ගෙන ඒමට දරන ප්‍රයත්නය මෙම 20 වන යෝජනාවලි පුරාම දක්නට ලැබෙන බවයි. 

ද්විත්ව පුරවැසි සීමාව ඉවතට දැමීමට කරනු ලබන යෝජනාව තුළින්ම එය මනාව පැහැදිලි වන බව එම නිවේදනයේ සඳහන් වේ.

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image