ජිනීවා මානව හිමිකම් කවුන්සලයට ඇමෙරිකාව ඉදිරිපත් කළ 30/1 යෝජනාවට සම අනුග්‍රහය දක්වමින් හිටපු විදේශ ඇමැති මංගල සමරවීර

අත්සන් තබද්දී එවකට තිබූ කැබිනට් මණ්ඩලය, ජනාධිපතිවරයා සහ තමා ද ඇතුළු සමස්ත යහපාලන රජයම ඒ බව දැන සිටියේ යැයි හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ ඊයේ (04 වැනිදා) දේශපාලන පළිගැනීම් පිලිබඳ ජනාධිපති කොමිසම හමුවේ පැවසීය.

කොමිසමේ සභාපති විනිසුරු උපාලි අබේරත්න එහිදී හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනත් එය දැන සිටියේ දැයි හිටපු අගමැතිවරයා ගෙන් විමසා සිටියේය.

 ඊට පිළිතුරු දුන් රනිල් වික්‍රමසිංහ පැවසුවේ, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඇතුළු රජයේ සියලූ දෙනාම එය අනුමත කළ බවයි.

ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ හිටපු ලේකම් නිහාල් ජයතිලක කොමිසම වෙත කළ පැමිණිල්ලකට අනුව හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ සාක්‍ෂි ලබාදීම සඳහා ඊයේ (04 දා) කොමිසම හමුවේ පෙනී සිටියේය.

 

සමහර දේ නීතිවිරෝධී බව රනිල් පිළිගනී !

යහපාලන ආණ්ඩු සමයේදී ජාතික විධායක සභාවේ අනුමැතියට යටත්ව පිහිටවූ දුෂණ විරෝධි ලේකම් කාර්යාලය සිදුකළ ඇතැම් ක්‍රියා නීතිවිරෝධී බව ද හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ, දේශපාලන පළිගැනීම් පිළිබඳ සොයා බලන ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව හමුවේ සාක්ෂි ලබාදෙමින් පිළිගනු ලැබිය.

කොමිසම හිටපු අගමැතිවරයාගෙන් විමසා සිටියේ ජාතික විධායක සභාව කුමන නීතියක් යටතේ ස්ථාපනය කළ ආයතනයක් ද, යන්නය.

ඊට පිළිතුරු දුන් රනිල් වික්‍රමසිංහ, එය නීතියක් යටතේ ස්ථාපනය නොකළ ආයතනයක් බව ප්‍රකාශ කළේය.

ඔහු පැවසුවේ එම සභාවේ සාමාජිකයින් ලෙස තමා ඇතුළුව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක, රාජිත සේනාරත්න, පාඨලී චම්පික මෙන්ම දෙමළ සන්ධානයේ නායක ආර්. සම්බන්ධන් ඇතුළු පිරිසක් කටයුතු කළ බවය.

 

''දැන් බලන්න මට වෙච්ච දේ..''

යහපාලන රජය විසින් ජාතික විධායක සභාවේ අනුමැතියට යටත්ව පිහිටවනු ලැබූ දූෂණ විරෝධී කමිටුවට ලැබෙන තොරතුරු මත වැටලීම් කිරීම, අත්අඩංගුවට ගැනීම, ප්‍රශ්න කිරීම සහ අධිකරණයට ඉදිරිපත් කිරීම සහ ජනමාධ්‍ය හරහා ප්‍රසිද්ධියට පත්කිරීමට කැබිනට් මණ්ඩලය අනුමැතිය ලබාදීම හරහා සැකකරුවන් සමාජයේ වැරදිකරුවන් ලෙස හංවඩු ගැසෙනවා නේදැයි ? කොමිසම වික්‍රමසිංහ ගෙන් විමසා සිටියේය.

"දැන් බලන්න මට වෙච්ච දේ. මට බැඳුම්කර මහ හොරා කියලානේ කියන්නේ. බැදුම්කර කොමිසමත්, පාර්ලිමේන්තුවත් කියලා තියෙනවා මගේ සම්බන්ධයක් නැහැ කියලා. නමුත් මාධ්‍ය මහත්වරු එහෙම හිතන්නේ නැහැ. චෝදනාවක් එල්ල වුණාහම එහෙම වෙන එක සාමාන්‍ය." බව රනිල් වික්‍රමසිංහ ඊට පිළිතුරු ලබාදෙන් ප්‍රකාශ කළේය.

තවදුරටත් පිළිතුරු දුරු දුන් රනිල් වික්‍රමසිංහ, "අන්තිමට මම හොරු ඇල්ලුවෙත් නැහැ, අල්ලන්න කියපු අයත් නැහැ, ඔක්කොම මාව දාලා ගිහින්'' යයි කොමිසම හමුවේ පැවසීය.

තවදුරටත් පිළිතුරු දුරු දුන් රනිල් වික්‍රමසිංහ, "අන්තිමට මම හොරු ඇල්ලුවෙත් නැහැ, අල්ලන්න කියපු අයත් නැහැ, ඔක්කොම මාව දාලා ගිහින්'' යයි කොමිසම හමුවේ පැවසීය.

දූෂණ විරෝධී ලේකම් කාර්යාලයට ලැබෙන ඇතැම් පැමිණිලි විමර්ශනයට පොලිස්පතිවරයා වෙත යොමු කර ඇතැම් විශේෂිත පැමිණිලි ඍජුවම එම කොට්ඨාසය බාරව සිටී නියෝජ්‍ය පොලිස්පතිවරයා වෙත යොමු කළේදැයි කොමිසම ඔහු ගෙන් විමසා සිටියේය.

දූෂණ විරෝධී ලේකම් කාර්යාලයේ සියලු දේ ක්‍රියාත්මක නොකළ බවත් ඇතැම් කාරණා නීතිවිරෝධී බවත් හිටපු අගමැතිවරයා මෙහිදී සඳහන් කළේය.

එහිදී කොමිසම ප්‍රශ්න කළේ, නීති විරෝධී කටයුතු සඳහා කැබිනට් අනුමැතිය ලැබී තිබේ ද යන්නයි.

"සුදුසු දේවල් විතරක් කරන්න තමයි උපදෙස් දුන්නේ. අපි දැනගන්න ඕනේ මොනව ද සුදුසු, සුදුසු නැත්තෙ කියන එක. සුදුසු ඒවා අරගෙන උපදෙස් අරගෙන ක්‍රියා කරන්න පොලිසියට කියල තිබ්බා යනුවෙන් රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කළේය.

කොමිසම විමසා සිටියේ දූෂණ විරෝධී කමිටුවේ රැස්වීම් කුමන ස්ථානයක පැවැත්වූයේ ද යන්නය.

ඊට පිළිතුරු දෙමින් හිටපු අගමැති රනිල්  වික්‍රමසිංහ සඳහන් කළේ නිශ්චිත කාර්යාලයක් ලබා දෙනතුරු අරලියගහ මන්දිරයේ කාර්යාලයක් ලබාදුන් බවය.

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්