20 වන සංශෝධන පනත් කෙටුම්පත මගින් ද්විත්ව පුරවැසියන්ට මෙරට තනතුරු දැරීමට අවස්ථාව ලබා නොදිය යුතු බව අමාත්‍ය වාසුදේව නානායක්කාර ද අවධාරණය කර සිටියි.

අධිකරණ අමාත්‍ය මොහොමඩ් අලි සබ්රි විසින් අදාළ පනත් කෙටුම්පත කැබිනට් මණ්ඩලය හමුවට ඉදිරිපත් කළ අවස්ථාවේ ඔහු මේ අදහස් පල කර තිබේ.

නමුත් ඇමති වාසුදේව නානායක්කාරගේ අදහසට කැබිනට් මණ්ඩලයේ බොහෝ දෙනෙකු සිය විරෝධය පළ කර ඇත.

එහිදී ඇමති වාසුදේවගේ අදහස පැහැදිලි කරමින් ඇමති විමල් විරවංශ පවසා ඇත්තේ, පුද්ගලයකු ඉලක්ක කරගෙන නොව ප්‍රතිපත්තිමය කාරණාවක් ලෙස ඇමති වාසුදේව එසේ පෙන්වා දුන් බවත් ඉන්දියාව පවා ද්විත්ව පුරවැසියන්ට රජයේ තනතුරු දැරීමට ඉඩ නොදෙන බවත්ය.

මෙම සංශෝධනය යම් හෝ සුළු අඩුපාඩුවක් තිබුණොත් විපක්ෂය ඊට එරෙහිව අධිකරණයට යනු ඇති නිසා තවදුරටත් අධ්‍යනය කර ඊළඟ කැබිනට්ටුවේ දී අනුමත කිරීමට අමාත්‍ය උදය ගම්මන්පිල එහිදී යෝජනා කර ඇතත් කැබිනට් මණ්ඩලයේ වැඩි පිරිසක් ඊට විරෝධය පළ කර ඇත.

අවසානයේ කැබිනට් මණ්ඩලය තීරණය කරන ලද්දේ එදිනම කෙටුම්පතට අනුමැතිය දී එදිනම ගැසට් කිරීමට යැවීමටයි.

ද්විත්වපුරවැසි බාධකය උසස් නිලධාරීන්ටත් පැනවිය යුතුයි – ජාතික සංවිධාන

කෙසේවුවද  ජාතික සංවිදාන එකමුතුව පවසන්නේ, 19 වන ව්‍යවස්තාවේ තිබූ එකම යහපත් අංගය වූ ද්විත්ව පුරවැසි බාධකය 20 වන සංශෝධනයට නැවත ඇතුල් කළ යුතු බවයි.

පසුගිය 03 දා ජාතික සංවිධාන පොදු මධ්‍යස්ථානයේ කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් වෛද්‍ය වසන්ත බණ්ඩාර සඳහන් කළේ ද්විත්ව පුරවැසිකම පාර්ලිමේන්තුවට තේරී පත්වීමට පනවා තිබූ බාධකය අමාත්‍යාංශ ලේකම්වරු , තානාපතිවරු, මහ බැංක අධිපති, නීතිපති, පොල්ස්පති , විගණකාධිපති ආදී උසස් නිලධාරීන්ටද අදාල වන ලෙස 20 වැනි ව්‍යවස්ථා සංශෝධනයට ප්‍රතිපාදන ඇතුලත් කළ යුතු බවය.

''රාජපක්ෂලා කියන්නේ මේ රටේ තාවකාලික භාරකරුවන් පමණයි. රටක ව්‍යවස්ථාව කියන්නේ දිගටම පවතින එකක්. එනිසා බැසිල් වෙනුවෙන් 19 ඇති මේ සාධනීය වගන්තිය ඉවත් නොකළ යුතුය.''  -රත්තනදෙණියේ මේධානන්ද හිමි


 පොදු අරමුණකට වඩා ලැබුණු තුනෙන් දෙක බැසිල් රාජපක්ෂගේ පුද්ගලික අභිමතාර්ථ මුදුන්පත් කරගැනීම වෙනුවෙන් වැය කරන බව දැනට පෙනෙන්නට ඇතැයි ආණ්ඩුවට පක්ෂපාති රත්තනදෙණියේ මේධානන්ද හිමියන් ද පවසති.

'' රාජපක්ෂලා කියන්නේ මේ රටේ තාවකාලික භාරකරුවන් පමණයි. රටක ව්‍යවස්ථාව කියන්නේ දිගටම පවතින එකක්. එනිසා බැසිල් වෙනුවෙන් 19 ඇති මේ සාධනීය වගන්තිය ඉවත් නොකළ යුතුය.'' උන්වහන්සේ අවධාරණය කරති.

එසේම, ජාතික නිදහස් පෙරමුණේ නායක, අමාත්‍ය විමල් වීරවංශ පසුගියදා අවධාරණය කර සිටියේ, බැසිල් රාජපක්ෂට පාර්ලිමේන්තුව නියෝජනය කිරීමට අවශ්‍ය නම් ඔහුගේ ඇමරිකානු පුරවැසිභාවය ඉවත් කරගෙන එය සිදුකළ හැකි බවත් ගෝඨාභය රාජපක්ෂ ද කටයුතු කළේ ඒ ආකාරයෙන් බවත්ය.

වීඩියෝ 


මනෝ බැසිල්ට කැමැත්ත දෙයි !

කෙසේවුවද දෙමල සංවර්ධන සන්ධානයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන් පවසන්නේ, ආණ්ඩුව මෙහෙයවන රිමෝට් කන්ට්‍රෝලය බැසිල් රාජපක්ෂ බවත්, ඒ හේතුවෙන් බැසිල් රාජපක්ෂට පාර්ලිමේන්තුවට පැමිණීමට අවස්ථාව ලබා දී විවෘතව රාජකාරී කිරීමට ඉඩ ලබා දිය යුතු බවත් ය.

ද්විත්ව පුරවැසියන්ට පාර්ලිමේන්තුව නියෝජනය කිරීමට ඇති 20 වන සංශෝධනයේ වගන්තියට තමන්ගේ විරෝධයක් නැතැයි ද ඔහු පවසයි.

කෙසේවෙතත් 20 වන සංශෝධනයේ ඇතැම් වගන්තීන්වලට තමන් එකග නැති බවද හෙතෙම සදහන් කළේය.

මනෝ ගනේෂන්ගේ සන්ධානය සමගි ජන බලවේගයේ පාර්ශ්වකරුවකුද වේ.

වීඩියෝ 


සබැඳි පුවත් :

ද්විත්ව පුරවැසියන් පාර්ලිමේන්තුවට එනවාට ශ්‍රීලනිපය එරෙහි වේ : හකීම්, මනෝ පක්ෂ වේ !!

විමල් ගෙන් බැසිල්ට 'ෂොට් එකක්' - ඇමරිකානු පුරවැසිකම ඉවත් කරගෙන පාර්ලිමේන්තු එන්න කියයි 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්