කොවිඩ් 19 වසංගතය අපට උගන්වන වැදගත් පාඩමක් වන්නේ මධ්‍යගත සෞඛ්‍ය සේවා පද්ධතියක් පවත්වාගෙන යාමේ තීරණාත්මක අවශ්‍යතාව සනාථ කිරීම යැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ කියා සිටී.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මේ අදහස් පළ කළේ කැලණිය බොල්ලෑගල, මානෙල්වත්ත නාගානන්ද අන්තර්ජාතික බෞද්ධ අධ්‍යයන ආයතනයේ දී ඊයේ (05) ආරම්භ වූ “යහපත් සීමාවාසිකයා” දෙදින වැඩුමුළුවේ ආරාධිත දේශනය කරමිනි.
ශ්‍රී ලංකාවේ බොහෝ රෝහල් පාලනය පළාත් සභාවලට පවරා තිබුණද සෞඛ්‍ය අර්බුදයකදි පහසුවෙන් ප්‍රයෝජනයට ගත හැකි රෝහල් ප්‍රමාණවත් සංඛ්‍යාවක් සෞඛ්‍ය අමාත්‍යාංශ කළමනාකාරිත්වය යටතේ දිවයින පුරා පවතින බව එහිදී පැවසු ජනාධිපතිවරයා, සෞඛ්‍ය සේවාව පළාත් සභාවලට මුළුමනින් පවරා තිබුණේ නම් කොවිඩ් 19 වසංගතය හමුවේ ශ්‍රී ලංකාව දැක්වූ ප්‍රතිචාරයේ කාර්යක්ෂමතාව බොහෝ සෙයින් වෙනස් වන්නට තිබිණැයි කියා සිටියේය.
ඇතැම් කාර්යයන් විෂයයෙහි මධ්‍යම ආණ්ඩුවේ වගකීම පවත්වාගැනීමේ වැදගත්කම මෑතකාලීන අත්දැකීම්වලින් තහවුරු වූ බවත්, අධ්‍යාපනය එසේ හඳුනාගත හැකි තවත් ක්ෂේත්රයක් බවත් ජනාධිපතිවරයා එහිදී ප්‍රකාශ කළේය.
කසකාරයා සරත් !
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පළාත් සභා සම්බන්ධයෙන් මෙවැනි 'රතුඑලියක්' දැල්වුයේ, 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය සහ ඒ හා සම්බන්ධ පළාත් සභා ක්‍රමය වහා අහෝසි කරන්නැයි 'වියත්මඟ' සංවිධානයේ ප්‍රධානියකු වන පළාත් සභා සහ පළාත් පාලන රාජ්‍ය ඇමැති සරත් වීරසේකර විසින් රජයට යෝජනා කර ඇති දේශපාලන පසුබිමක් තුලය.
සරත් වීරසේකර අමාත්‍යවරයාගේ එම යෝජනාවට ප්‍රතිචාර දක්වන 'සමගි ජන බලවේගය' මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්රීනී රෝහිණී කවිරත්න පවසන්නේ, ආණ්ඩුකාරවරු, මහ ඇමතිවරු පිරිච්ච පාර්ලිමේන්තුවකින් පළාත් සභා අහෝසි කරන්නට යාම පළාත් සභා ඇමතිගේ ගැලරි කථාවක් බවයි.
''පාර්ලිමේන්තුවේ අල්ලපු පුටුවේ ඉන්න මහ ඇමතිවරු, ආණ්ඩුකාරවරුගෙන් පළාත් සභා අහෝසි කරන්න ඡන්දේ දෙනවා දැයි අහනවා'' යයි ඇය පැවසුයේ උකුවෙල පැවති පිළිගැනීමේ රැස්වීමක් අමතමිනි.
''ශාන් විජයලාල් ද සිල්වා, යාපනයේ වාසුදේව ඇමතිතුමාගේ මස්සිනා විග්නේෂ්වරන්, පිල්ලෙයාන්, ගුරුවරු දණගහපු චාමර සම්පත් දසනායක, ශෂින්ද්‍ර රාජපක්ෂ, මහින්ද යාපා අබේවර්ධන, ප්‍රසන්න රණතුංග, රාජ්‍ය ඇමතිකමත් ගත්ත සුසිල් ප්‍රේමජයන්ත, බතික් ඇමති දයාසිරි ජයසේකර, විතරක් නෙවෙයි හරීන් ප්‍රනාන්දු කියන හිටපු මහ ඇමතිවරු ඔක්කොටම මේ පාර්ලිමේන්තුවේ ඉන්නවා.
මේ අය තමන් හිටපු පලාත් සභාව අහෝසි කරන්නට පළාත් සභා ඇමතිගේ යෝජනාවට පාර්ලිමේන්තුවේ නම්, ඉඩ දෙන්නේ නෑ කියලා මට නම් විශ්වාසයි'' කවිරත්න මන්ත්‍රීවරිය අවධාරණය කළාය.
ඉන්දියාව තරහා කර ගන්නවද ?
''ඒ විතරක් නෙවෙයි, පළාත් සභා අහෝසි කරලා ඉන්දියාව තරහා කරන්න එපා කියලා තිස්ස විතාරණ, සුරේන් රාඝවන්, ශාල් විජයලාල් ද සිල්වා වගේ යමක් කමක් තේරෙන ආණ්ඩුකාරවරුවත් මේ ඇමතිතුමාට කියලා දෙන්න ඕනි.
අද පාර්ලිමේන්තුවේ හිටියාට මේ සියළු දෙනා හැමදාම පළාත් සභා ක්‍රමය වෙනුවෙන් පෙනී දැන උගත් ගෞරවනීය පුද්ගලයෝ. ඔවුන් නිසා පළාත් සභාව බැබලුණා. ඒ නිසා කවදාවත් ඔවුන් පළාත් සභාව අහෝසි කරන්න ඡන්දය දෙන්නේ නෑ.
පාර්ලිමේන්තුවට පස්ස දොරෙන් ආව කවුරුහරි ඡන්දය දුන්නොත් හැර පළාත් සබා ගැන සැබෑ කැක්කුමක් තිබුණ පළාත් සභාවෙන් ආපු කිසිම කෙනෙක්, පළාත් සභා අහෝසි කරනවා ට කැමති විය නොහැකියි '' යැයි ද, මන්ත්‍රීවරිය සඳහන් කළාය.
''වියත්මගේ උදවිය බලාගෙන ඉන්නවා සරත් වීරසේකර ටාසන් වගේ පැනලා පළාත් සභා අහෝසි කරයි කියලා. සබරගමුව පළාත් සභාවේ සභාපති කාංචන ජයරත්න මහ ඇමති කරන්න බලාගෙන ඉන්න, පවිත්‍රා වන්නිආරච්චි ඇමතිතුමියගේ ඡන්දය නම් පළාත් සභා අහෝසි කරන්න ගන්න බැරි බව නම් මට විශ්වාසයි. ''
''ලාබාල දුමින්ද දිසානායක පාර්ලිමේන්තු ආවේ, කනක හේරත්, සේමසිංහ ලා ගේ තාත්තලා පළාත් සභාවේ හිටපු නිසයි ඔවුන් පාර්ලිමේන්තුවට ආවේ. මේවා ගැන මොකොවත් දන්නේ නැති, වියත්මගේ උදවිය බලාගෙන ඉන්නවා සරත් වීරසේකර ටාසන් වගේ පැනලා පළාත් සභා අහෝසි කරයි කියලා. සබරගමුව පළාත් සභාවේ සභාපති කාංචන ජයරත්න මහ ඇමති කරන්න බලාගෙන ඉන්න, පවිත්‍රා වන්නිආරච්චි ඇමතිතුමියගේ ඡන්දය නම් පළාත් සභා අහෝසි කරන්න ගන්න බැරි බව නම් මට විශ්වාසයි.
ආණ්ඩුපක්ෂයේ බොහෝ දෙනා ඉන්නේ සිහින රාජ්‍යවල. ඔවුන්ගේ ඔළුව උඩට ලඟදීම දවසක පළාත් සභා අහෝසි කිරීම වගේ සිහින කඩා වැටෙනවා‘‘ යැයි ද කවිරත්න මන්ත්‍රීවරිය වැඩිදුරටත් පැවසුවාය.
කියවන්න :
වීදුරු ගෙවල්වල සිට ගල් ගසන සරත් වීරසේකර - උකුස්සා