බූස්ස බන්ධනාගාරයේ රඳවා සිටින රැඳවියන්ගෙන් බහුතර පිරිසක් උපවාසයක් ආරම්භ කර තිබියදී,  

සියලු බන්ධනාගාර  රැදවියන්ගේ ගැටලු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සදහා සිරකරු අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින ප්‍රමුඛතම සංවිධානයක් විෂය භාර අමාත්‍යවරියගෙන් සාකච්ඡාවක් ඉල්ලා තිබේ.

බන්ධනාගාර ආරංචි මාර්ග සදහන් කරන්නේ සැප්තැම්බර් 10 බ්‍රහස්පතින්දා  උදෑසන සිට බුස්ස රැඳවියන් පිරිසක්  ආහාර වර්ජනයේ නිරතව සිටින බවයි.

මත් ද්‍රව්‍ය චෝදනා ඇතුළු අපරාධ සම්බන්ධයෙන් දඬුවම් නියම වී එම බන්ධනාගාරයේ රදවා සිටින 45 දෙනකුගෙන් 39 දෙනකු මෙලෙස වර්ජනයේ නිරත ව සිටින බව වාර්තා වෙයි.

රැඳවියන් බැලීමට එන කාන්තාවන් පිරිමි නිලධාරින් ඉදිරියේ පරීක්ෂා කිරීම, කොරෝනා වයිරසයේ බලපෑම හේතුවෙන් ඥාතීන් හමුවිමට නොහැකි නිසා ලබාදී තිබු දුරකතන පහසුකම් ඉවත් කිරීම, ආපන ශාලාවෙන් ආහාර සහ වෙනත් දේවල් ලබා ගැනීම සඳහා මාසයකට අනුමත කර ඇති රුපියල් 8,000 ප්‍රමාණවත් නොවීම වැනි කරුණු මූලික කරගනිමින් ඔවුහු මෙම  ආහාර වර්ජනය ආරම්භ කර තිබේ.

''රැඳවියන් බැලීමට එන කාන්තාවන් පිරිමි නිලධාරින් ඉදිරියේ පරීක්ෂා කිරීම, කොරෝනා වයිරසයේ බලපෑම හේතුවෙන් ඥාතීන් හමුවිමට නොහැකි නිසා ලබාදී තිබු දුරකතන පහසුකම් ඉවත් කිරීම, ආපන ශාලාවෙන් ආහාර සහ වෙනත් දේවල් ලබා ගැනීම සඳහා මාසයකට අනුමත කර ඇති රුපියල් 8,000 ප්‍රමාණවත් නොවීම වැනි කරුණු මූලික කරගනිමින් ඔවුහු මෙම  ආහාර වර්ජනය ආරම්භ කර තිබේ.''

  සිය නීතිඥවරුන් හමුවිමට සදහා  දැනට ලබාදෙන  කාලය දීර්ඝ  කරන ලෙසත් ඔවුහු බල කර සිටිති.

බන්ධනාගාර ප්‍රතිසංස්කරණ හා සිරකරුවන් පුනරුත්ථාපනය පිළිබඳ රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ වෙත සැප්තැම්බර් 10 බ්‍රහස්පතින්දා ලිපියක් යොමු කරමින් සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව ඉල්ලා ඇත්තේ බන්ධනාගාර රැදවියන් මුහුණ දී සිටින ගැටළු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සදහා වේලාවක් වෙන් කර දෙන ලෙසයි.

 

වධහිංසා

"බන්ධනාගාර තුළ සිරකරුවන් සම්බන්ධයෙන් සමාලෝචන ක්‍රියාවලිය නිසි ආකාරයෙන් ක්‍රියාත්මක නොවීම, රැදවියන්ට වද හිංසා කිරීම සහ රැදවියන්ගේ මුලික සුභසාධන පහසුකම් කප්පාදු කිරීම ප්‍රධාන තැනක් ගනී.

එසේම වර්තමානයේ විශේෂයෙන්ම බුස්ස සහ අගුණකොළපැලැස්ස බන්ධනාගාරවල උද්ගත වී ඇති රැදවියන්ගේ ගැටලු අද වන විට බරපතල තත්ත්වයට පත්ව ඇත."ලේකම් සුදේශ් නන්දිමාල් සිල්වාගේ අත්සනින් නිකුත් කර තිබෙන ලිපියේ සදහන්ය.

''එසේම වර්තමානයේ විශේෂයෙන්ම බුස්ස සහ අගුණකොළපැලැස්ස බන්ධනාගාරවල උද්ගත වී ඇති රැදවියන්ගේ ගැටලු අද වන විට බරපතල තත්ත්වයට පත්ව ඇත.''

එම ලිපිය මගින් සුදේශ් නන්දිමාල් වැඩි දුරටත් ඉල්ලා ඇත්තේ බන්ධනාගාර රැදවියන්ට යහපත් පරිසරයක් ඇතිකරලීම වෙනුවෙන් සිය කමිටුවේ යෝජනා ඉදිරිපත් කර සාකච්ඡා කිරීම සදහා පහසු ඉක්මන් දිනයක් හා වේලාවක් ලබා දෙන ලෙසයි.

අභිනව අමාත්‍ය ධුරයේ වැඩ භාරගනිමින් පැවති උත්සව අවස්ථාවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් බන්ධනාගාර ප්‍රතිසංස්කරණ හා සිරකරුවන් පුනරුත්ථාපනය පිළිබඳ රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ   පසුගියදා පවසා තිබුනේ, බන්ධනාගාර තුළ සිදුවන මත්ද්‍රව්‍ය ජාවාරමට තිත තැබීමට සියලු කටයුතු යොදන අතර, ඒ සඳහා විශේෂ වැඩ පිළිවෙලක් දියත් කිරීමට අපේක්ෂා කර සිටන බවයි.

SudarshaniFPරාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ

එමෙන්ම සුලු මත්ද්‍රව්‍ය වැරදි සඳහා මේ වන විට සිරගතව සිටින්නන් පුනරුත්ථාපනය කිරීමට කටයුතු කරන අතර  සුලු වැරදි සඳහා දඩ ගෙවාගත නොහැකිව සිරගතව සිටින අය සඳහා නිදහස බලාදීමට කඩිනම් වැඩ පිළීවෙලක් යෙදීමට කටයුතු කරන බවත් ඇය, වැඩිදුරටත් පවසා තිබුනි.

මේ වන විට බන්ධනාගාර තුළ විශේෂ පුද්ගලයන්ට සිදු කෙරෙන වැඩි සැළකිලි ලැබෙන ක්‍රමය සහමුලින්ම උපුටා දැමීමට කටයුතු කරන අතර, ඉදිරියේදී තරාතිරම නොබලා සිරකරුවන්ට එකසේ සැළකීම සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොදන බවත්, ඇය සදහන් කළ බව අගෝස්තු 14 වනදා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව වාර්තා කර තිබේ.

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්