එක්සත් ජාතික පක්ෂ නායකත්වයෙන් දෙසැම්බර් මාසයේ දී (කුමන වසරේදැයි සඳහන්ව නැත) ඉවත්වීමට තීන්දුකර ඇති
හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ, මේ වසරේ ඉදිරි මාස තුනක කාලයක් සඳහා බලපැවැත්වෙන පරිදි පක්ෂයේ පුරප්පාඩු වී ඇති සියලුම ප්‍රධන තනතුරු සඳහා සුදුස්සන් තෝරා පත් කර ගැනීමට එම පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය හෙට (14දා) කැඳවා ඇත.
සිරිකොත පක්ෂ මූලස්ථානයේ හෙට පස්වරු 3ට පක්ෂ නායක රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් මෙම කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම පැවැත්වෙන බව පක්ෂ මහලේකම් අකිල විරාජ් කාරියවසම් සඳහන් කළේය.
එම රැස්වීමේදී නියෝජ්‍ය නායක, සභාපති, භාණ්ඩාගාරික ඇතුළු තනතුරු සඳහා සුදුස්සන් නිතරඟයෙන් පත් කරගැනීම රනිල් වික්‍රමසිංහගේ අපේක්ෂාව වී තිබේ.
පක්ෂයේ නියෝජ්‍ය නායක තනතුර සඳහා ඉදිරිපත්වන බව රුවන් විජේවර්ධන සහ වජිර අබේවර්ධන යන දෙදෙනාම මේවනවිට ප්‍රකාශ කර ඇත.
එම තත්ත්වය තුළ ඔවුන් දෙදෙනා අතර කිසියම් එකඟතාවයක් ඇතිකර නිතරඟයෙන් එක් අයකු පත්කර ගැනීම සඳහා එජාප නායකයා විසින් ඔවූන් දෙදෙනාව අද පස්වරුවේ දී සිය නිවසට කැඳවා සාකච්ජා කිරීමට තීරණය කර තිබිණ.
එසේ එකඟතාවයක් ඇතිකර ගැනීමට නොහැකි වුවහොත් පමණක් රහස් ඡන්ද විමසීමක් පැවැත්වීමටත් එහිදී ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටිමටත් පක්ෂ නායකත්වය තීරණය කර ඇත.
මෙහිදී කෘත්‍යාධිකාරී මණ්ඩලය නියෝජනය කරන සාමාජිකයින් 40 දෙනෙකුට ඡන්දය ප්‍රකාශ කිරීමේ බලය හිමිව තිබේ.
ඡන්ද බලය හිමි කෘත්‍යාධිකාරී මණ්ඩල සාමාජිකයින් 40 මෙන්න :
1- රනිල් වික්‍රමසිංහ
2- රවී කරුණානායක
3- අකිල විරාජ් කාරියවසම්
4- ඒ. එස්. එම්. මිස්බා
5- නවීන් දිසානායක
6- ස්වාමිනාදන්
7- දයා ගමගේ
8 - රුවන් විජේවර්ධන
9- නිශ්ශංක නානයක්කාර
10- සාගල රත්නායක
11- සුනේත්‍රා රණසිංහ
12- පාලිත රංග බණ්ඩාර
13- අනෝමා ගමගේ
14- ප්‍රසන්න ශමල් සෙනරත්
15- ලක්ෂ්මන් විජේමාන්න
16 - කේ.කේ. පියදාස
17- වජිර අබේවර්ධන
18- ප්‍රේමදාස චම්පිකා
19- විජයකලා මහේෂ්වරන්
20- ජෝන් අමරතුංග
21- තිලක් මාරපන
22- ශ්‍රීනාල් ද මැල්
23- රොනල්ඩ් පෙරේරා
24- ජෙයරාජ් චන්ද්‍රසේකර
25- ආනන්ද කුලරත්න
26- ලසන්ත ගුණවර්ධන
27- මහින්ද හාරදාස
28- චානක ද සිල්වා
29- සුනිල් ද සිල්වා
30- දයා පැල්පොල
31- සන්දිත් සමරසිංහ
32- නාලක කොලොන්නේ
33- පාලිත තෙවරප්පෙරුම
34- ආශු මාරසිංහ
35- අෂිමි තාසිම්
36- කස්තුරි අනුරාධනායක
37- ශාන්තිනී කෝන්ගහගේ
38- චානක අයිලප්පෙරුම
39- කරුණාසේන කොඩිතුවක්කු
40- අර්ජුන රණතුංග
නියෝජ්‍ය නායකයාගේ වගකීම :
පක්ෂයේ සියලුම වෘත්තීය සමිති, මාධ්‍ය සංවිධාන, කාන්තා සංවිධාන, විද්වත් සංවිධාන ඇතුළු සියලු සංවිධානද කඩිනමින් ගොඩගැනීමද පත්වන නියෝජ්‍ය නායකයාට පැවැරෙන වගකීමක් වෙයි.
මෙලෙස පුරප්පාඩුවලට පත් වන සුදුස්සන් දෙසැම්බර් මාසය අවසන් වන තුරු කටයුතු කෙරෙනු ඇත.
නියෝජ්‍ය නායකත්වයට පත් වන පුද්ගලයා ජනවාරි මාස පළමු වැනිදා සිට නායකත්වයට පත් කිරීමටද එක්සත් ජාතික පක්ෂ නායකත්වය තීරණය කර තිබේ.