අධිකරණ කටයුතුවලට බාධා කළේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගන්නා ලද වෙබ් මාධ්‍යවේදී ඩෙස්මන් චතුරංග ද අල්විස්

සැප්තැම්බර් 24 වන දින දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය ඊයේ (14) නියෝග කළේය.

සැකකරු පසුගිය අගෝස්තු මස 31 දා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරනු ලැබුවේ සැප්තැම්බර් 01 වැනිදාය.

ඔහුට එරෙහිව එම ඒකකය අධිකරණයට ඉදිරිපත් කරනු ලැබූ චෝදනා වුයේ, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 111ඇ යටතේ අධිකරණයට බලපෑමක් වන ප්‍රවෘත්ති සිය වෙබ් අඩවියේ පළකිරීම, එම වෙබ් අඩවියේ ඇඞ්මින් (පාලක)වරයා ඔහු බව පිළිගැනීම හා පරිගණක අපරාධ පනතේ 6 වගන්තිය යටතේ රටේ පොදු යහපත අස්ථාවර කිරීමට කටයුතු කිරීමයි.

ඒ අනුව, ඔහුව සැප්තැම්බර් 14 දක්වා රිමාන්ඞ් බන්ධනාගාරගත කර කිරීමට අධිකරණය විසින් එදින නියෝග කළේය.

අධිකරණ සෝදිසි වරෙන්තුවක් මත ඔහුගේ නිවස පරීක්ෂා කළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අදාල  ඒකකයේ නිලධාරීන් ඔහුගේ පරිගණක, ජංගම දූරකථන හා අනෙකුත් උපාංග සිය බාරයට ගනිමින් ප්‍රකාශයක් සටහන් කර ගැනීමට යැයි කියා රැගෙන ගොස් තිබිණ.

 

පැමිණිල්ල යළි කැඳවයි :

අදාල පැමිණිල්ල ඊයේ (14) කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ ඉදිරියේ කැඳවනු ලැබීය.

එහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක විමර්ශන අංශය අධිකරණයට දන්වා සිටියේ, මෙම නඩුවට පාදක වන ප්‍රශ්නගත ප්‍රවෘත්තිය පළ කිරීම සඳහා උපයෝගී කර ගත් ලැප්ටොප් පරිගණක යන්ත්‍රය සහ දුරකථනය සොයාගෙන ඇති බවය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කළ ඉල්ලීමක් පිළිගත් මහෙස්ත්‍රාත්වරයා එම පරිගණකය සහ දුරකථනය රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කර වාර්තාවක් කැඳවීමට නියෝග කළේය.

 

මුරපදය වෙනස්කළ බවටත් චෝදනාවක්:

මෙම ප්‍රශ්නගත ප්‍රවෘත්තිය පළ කළ වෙබ් අඩවියේ මුරපදය මේ වන විට මාරු කර ඇති නිසා විමර්ශන කටයුතුවලට බාධාවක් සිදු වී ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් වැඩිදුරටත් අධිකරණයට දැනුම් දී තිබේ.

මෙම සැකකරු ඇප මත මුදා හරින ලෙස ඔහුගේ නීතිඥවරු ඇප ඉල්ලිමක් ඉදිරිපත් කළත් එම ඇප ඉල්ලීම මහෙස්ත්‍රාත් වරයා විසින් එහිදී ප්‍රතික්ෂේප කළේය.

අනතුරුව සැකකරු ලබන 24 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකිරීමට නියම කළ මහෙස්ත්‍රාත්වරයා එදින පරීක්ෂණවල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කර සිටියේය.

 

චෝදනා බරපතළය :

DesmanCA

මාධ්‍යවේදී ඩෙස්මන් චතුරංග ද අල්විස් අත්අඩංගුවට ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් 'අනිද්දා' පුවත්පතේ වාර්තාවක් පළකර ඇති ජ්‍යේෂ්ඨ මාධ්‍යවේදී ලසන්ත රුහුණගේ මෙසේ සටහන් කර තිබේ.

  ''මෙම චෝදනාවලට බලපෑ එම වෙබ් අඩවියේ පළවු ප්‍රවෘත්තිය වූයේ ’ පාස්කු ප්‍රහාරයේ සැකකාර නීතිඥ හිජාස්ට ඇප ගන්න හොර පාරක් කපයි… ලක්ෂ 50කට අභියාචනාධිකරණයේ දොර ඇරෙද්දී විනිසුරන්ටත් සල්ලි… ඇප දීම පසුපස බලවත් බළල් අතක්’ යන්නය. එම ප්‍රවෘත්තිය පළවී ඇත්තේ lankanewsweb.org  යන වෙබ් අඩවියේය.

''මෙම ප්‍රවෘත්තියේ අභියාචනාධිකරණ විනිසුරන්ගේ මෙන්ම එම ගනුදෙනුවට සම්බන්ධ යැයි කියන ජනාධිපති නීතිඥවරුන්ගේද නම් සඳහන්ය. චෝදනාව බරපතළය. ප්‍රවෘත්තිය තුළ එම බරපතළ චෝදනාවට අදාළ සාක්ෂි කිසිවක් ඉදිරිපත් කරන්නේ නැත.''

මෙම ප්‍රවෘත්තියේ අභියාචනාධිකරණ විනිසුරන්ගේ මෙන්ම එම ගනුදෙනුවට සම්බන්ධ යැයි කියන ජනාධිපති නීතිඥවරුන්ගේද නම් සඳහන්ය. චෝදනාව බරපතළය. ප්‍රවෘත්තිය තුළ එම බරපතළ චෝදනාවට අදාළ සාක්ෂි කිසිවක් ඉදිරිපත් කරන්නේ නැත.

ඊට අමතරව නීතිඥ හිජාස් හිස්බුල්ලාට නීතිමය ප්‍රතිපාදන ඉටුකරන ලෙස නීතිඥවරුන් කණ්ඩායමක් කරන ලද ඉල්ලීමද එම කුමන්ත්‍රණයේම කොටසක් ලෙස ඒත්තු ගන්වා ඇත.

 

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 111ඇ හි සඳහන් වන්නේ මෙසේය:

 (1) අධිකරණ බලතල හෝ කාර්ය නැතහොත් මෙම පරිච්ඡේදය යටතේ වූ කාර්ය නැතහොත් පාර්ලිමේන්තුව විසින් පනවන ලද යම් නීතියක් යටතේ ඒ හා සමාන කාර්ය පැවරී ඇති සෑම විනිශ්චයකාරවරයකු ම, මූලාසනාරූඪ නිලධරයකු ම, රජයේ නිලධරයකු ම හෝ වෙනත් සෑම තැනැත්තකු ම තමන්ට පැවරී ඇති බලතල ක්‍රියාත්මක කිරීමේ දී හා කර්තව්‍ය ඉටු කිරීමේ දී තමන්ට විධානයක් කිරීමට හෝ තමන් අධීක්ෂණය කිරීමට හෝ නීතියෙන් හිමිකම් ඇති ජ්‍යෙෂ්ඨ අධිකරණයක, විනිශ්චය අධිකාරයක, ආයතනයක හෝ එසේ ම හිමිකම් ඇති වෙනත් තැනැත්තකුගේ හෝ විධානයකට නැතහොත් බලපෑමකට හැර වෙනත් කිසිම තැනැත්තකුගේ විධානයකට නැතහොත් බලපෑමකට යටත් නොවිය යුත්තේ ය.

බලතල ක්‍රියාත්මක කිරීමේ දී හෝ කර්තව්‍ය ඉටු කිරීමේ දී හෝ ඒ විනිශ්චයකාරවරයා, මූලාසනාරූඪ නිලධරයා, රජයේ නිලධරයා හෝ නිලධරයා කෙරෙහි නීත්‍යනුකූල බලයක් නොමැතිව යම්කිසි බලපෑමක් කරන හෝ බලපෑමක් කිරීමට තැත් කරන සෑම තැනැත්තෙක් ම වරදක් කරන අතර, මහාධිකරණය විසින් ජූරි සභාවක් නොමැතිව පවත්වනු ලබන නඩු විභාගයකින් පසු වරදකරු කරනු ලැබූ විට එක් අවුරුද්දක් දක්වා දීර්ඝ විය හැකි කාල සීමාවකට දෙයාකාරයෙන් එක් ආකාරයක බන්ධනාගාරගත කිරීමකට හෝ දඩයකට හෝ ඒ බන්ධනාගාරගත කිරීම හා දඩය යන දඬුවම් දෙකට ම හෝ යටත් වන්නේ ය.

 ඊට අමතරව එසේ වරදකරු කරනු ලැබූ දින සිට ඒ තැනැත්තා, අවුරුදු හතක් නොඉක්මවන කාලයකට, ඡන්ද හිමියකු වීමට ද ජනමත විචාරණයක දී හෝ ශ්‍රී ලංකා ජනරජයේ ජනාධිපතිවරයා තෝරා පත් කර ගැනීමේ ඡන්ද විමසීමක දී හෝ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු තෝරා පත් කර ගැනීමේ මැතිවරණයක දී හෝ පළාත් පාලන ආයතනයක සභිකයන් තෝරා පත් කර ගැනීමේ ඡන්ද විමසීමක දී හෝ ඡන්දය දීමට හෝ රජයේ කවර වූ හෝ ධුරයක් දැරීමට නැතහොත් රජයේ නිලධරයකු වශයෙන් සේවයෙහි නියුක්ත කරනු ලැබීමට ද නුසුදුස්සකු කරනු ලැබිය හැක්කේ ය.’

 

පරිගණක අපරාධ පනතේ 6 වගන්තියේ ඇත්තේ වෙනත් කාරණයකි:

ඒ අනුව එම ප්‍රවෘත්තිය අධිකරණ කටයුතුවලට බාධාවක් ලෙස ගෙන ඇත. ඒ පිළිබඳ ලැබුණ පැමිණිල්ලේ මෙම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා වගන්තිය සඳහන්ව තිබුණා විය හැක.

එහෙත් පරිගණක අපරාධ පනතේ 6 වගන්තියේ ඇත්තේ වෙනත් කාරණයකි. යම් පරිගණකයකට හිතාමතාම යම් කටයුත්තක් ඉටුකිරීමට සැලැස්වීමෙන් සහ එයින් යම් හානියක් වන බව දනිමින් හෝ එසේ විශ්වාස කිරීමට කරුණු ඇතිව එයින් ජාතික ආරක්ෂාවට, ජාතික ආර්ථිකයට හෝ මහජන ආරක්ෂාවට හානි සිදුකිරීම යනුවෙන්ය.

ඒ අනුව මෙම නඩුව වූ කලි මාධ්‍ය වාර්තාකරණයට එරෙහි සිවිල් අපහාස නඩුවක් නොවේ. සාපරාධි අපහාස නීතියද අහෝසි කර ඇති නිසා ඒ සම්බන්ධයෙන් වු පැමිණිල්ලක් පොලීසිය බාරගැනීමක්ද නොවේ. මාධ්‍යයට එරෙහි අලුත් මාවතක නඩුවකි. ඒ ගැන මාධ්‍ය සමාජය තුළ අලුත් සංවාදයක් ඇති විය යුතුය.

''මෙම නඩුව වූ කලි මාධ්‍ය වාර්තාකරණයට එරෙහි සිවිල් අපහාස නඩුවක් නොවේ. සාපරාධි අපහාස නීතියද අහෝසි කර ඇති නිසා ඒ සම්බන්ධයෙන් වු පැමිණිල්ලක් පොලීසිය බාරගැනීමක්ද නොවේ. මාධ්‍යයට එරෙහි අලුත් මාවතක නඩුවකි. ඒ ගැන මාධ්‍ය සමාජය තුළ අලුත් සංවාදයක් ඇති විය යුතුය.''

මන්ද අධිකරණය විවේචනය කිරිමේ අයිතියට අයත් අධිකරණ තීන්දු විශ්ලේෂණය කිරීමේ, අධිකරණයේ කටයුතු සොයා බැලීමේ හා එහි දුෂණ වංචා ගැන වාර්තා කිරීමේ නිදහස අහිමි කරන ක්‍රියාදාමයන්ට මාධ්‍ය සමාජය එරෙහි විය යුතු නිසාය.

එහෙත් මෙම සිද්ධියේදී මාධ්‍ය සමාජය සැලකිල්ලට ගත යුතු තවත් කරුණක්ද තිබේ. එකක් මෙම පුවත් වාර්තාවේ අරමුණ කුමක්ද යන්නය.

Hijas H

පැහැදිලිවම එය නීතියේ පටිපාටිය නිවැරදිව ඉටුනොවුණු වින්දිතයෙකු ලෙස අප සලකන නීතිඥ හිජාස් හිස්බුල්ලා වෙනුවෙන් පෙනී සිටීමක් නොවේ. ඔහුට යුක්තිය ඉටුකිරීමට ගත් උත්සාහයකට බාධා කිරීමකි.

ඔහු වෙනුවෙන් පෙනී සිටි, පසුගිය කාලය පුරා රටේ ප්‍රජාතන්ත්‍රවාදය, මානව අයිතිවාසිකම් හා වින්දිතයන් වෙනුවෙන් කටයුතු කළ නීතිඥයන්ගේ ඉල්ලීම එම කුමන්ත්‍රණයේම කොටසක් ලෙස හුවා දැක්වීමකි.

 වෙබ් මාධ්‍යවේදීන්ගේ සංගමයේ සභාපතිවරයා යැයි කියන හා එම වෙබ් අඩවියේ කර්තෘවරයා හෝ ඇඞ්මින්වරයා යැයි කියන චතුරංග ද අල්විස්ට පළකළ පුවත නිවැරදි බව ඔප්පු කිරීමේ කාර්යය දැන් පැවරී ඇත. ඒ සඳහා ඔවුන් සතුව ඇති සාධක මොනවාදැයි අපි නොදනිමු.

 

පාඩමට ගත යුතු තවත් කාරණයක්!

Lasantha Ruhunageමෙහිදී මාධ්‍ය අවබෝධයට හා පාඩමට ගත යුතු තවත් කාරණයක්ද තිබේ. ඒ තමන් ඉදිරිපත් කරන කරුණුකාරණා පිළිබඳ සාක්ෂි තිබේද යන්නය.

එය අපගේ මූලාශ්‍ර හෙළිදරව් කිරීම ලෙස වරදවා වටහා නොගත යුතුය. මූලාශ්‍ර රැකීම ජනමාධ්‍යවේදීන් අත්නොහළ යුතු වගකීමකි. අපට නොකිය හැක්කේ අපට තොරතුරු ලැබුණේ කාගෙන්ද හා කෙසේද යන්න පමණය.

එහෙත් අපගේ තොරතුර ඔප්පු කිරීමට අදාළ ලියකියවිලි ඇතුළු අනෙකුත් දෑ අපගේ වාර්තා නීතිමය කාරණයකට අභිමුඛ වූ විට අප ඉදිරිපත් කළ යුතුය.

එය කිසිසේත් අපගේ මූලාශ්‍ර හෙළිදරව් කිරීමක් නොවේ. අපගේ කථාව ඇත්ත බව සනාථ කිරීමකි. එසේ ඇත්ත ඔප්පු කිරීමට බැරිවීම අප අසත්‍ය ප්‍රකාශ කිරීමකි.

ඒ අනුව මෙම සිද්ධිය, ප්‍රකාශයට පත්කළ කරුණු ඔප්පු කිරීමේ සාකච්ඡාව යළි මතුපිටට ගෙනැවිත් ඇති අතර එසේ අසත්‍ය කරුණු ඉදිරිපත් කළහොත් සිවිල් අපහාස නීතියෙන් බැහැරව කටයුතු කිරීමේ අලුත් මාවත් පිළිබඳ අනතුරු සංඥාද අප ඉදිරියේ තබා ඇති බව ජනමාධ්‍ය සමාජය වටහා ගත යුතුය.■

සබැඳි පුවත් :

1- මාධ්‍යවේදී ඩෙස්මන් අත්අඩංගුවට ගැනීම: තොරතුරු බෙදා හැරීමේ යුද්ධයට මුනිස්සම් නැතිව අවතීර්න වීමෙන් වලකින්න!- නීතිඥ ශ්‍රීරාල් ලක්තිලක 

2 -විපක්ෂ මන්ත්‍රීණි රෝහිණී ගෙන් විපක්ෂයට බරපතල චෝදනාවක් ! 

3- 'ඩෙස්මන් අත්අඩංගුවට ගැනීමේ ක්‍රියාවලිය මාධ්‍යවේදීන් තැතිගන්වන සුළුයි'

4- වෙබ් මාධ්‍යවේදී ඩෙස්මන් දින 14කට රිමාන්ඩ් : ''බුද්ධි සේවය හා රහස් පොලිසිය අතර ගැටුමක්'' 

5- ''චතුරංග අත්අඩංගුවට ගැනීම වැරදියි, එත් හරිම කුපාඩි කතාවක්...'' 

6 -සජිත්ගේ පක්ෂයේ වෙබ් කතුවරයා අත්අඩංගුවට ගැනීමේ චෝදනාව මෙන්න? 

7 -වෙබ් කර්තෘ ඩෙස්මන් චතුරංග අත්අඩංගුවට... ! 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්