මේ දවස්වල කුඩු සොයන, කුඩු අහුවෙන මහා මෙහෙයුමක් යනවනේ. මිනිස්සුත් ‘හරී සෝක්’ කියමින්

ආතල් මෝඩ් එකේ ඉන්නවනේ. ඒත් මේ කතාව මම හොඳින් දන්න ඒ ආතල් කුඩුවෙන කතාවක්.

මේ අම්මා අකුරැස්ස ප්‍රදේශයේ මම හඳුනන දුප්පත්, නූගත් කෙනෙක්. ඇයගේ පුතා මත් ද්‍රව්‍යවලට ඇබ්බැහි වෙලා ඉතා කාලකන්නි ජීවිතයක් ගතකරන්නෙ.

ඇයට ඔහුගෙන් මරණීය තර්ජන පවා තිබෙන, ගෙදර බිත්ති, බඩු බාහිරාදිය විනාශ කරන දාමරිකයෙක්. ඇය ජීවිත බය නිසාම නිදාගන්නේ අසල්වාසීන්ගේ ගෙවල්වල.

මේ අම්මා 2015 සිටම අපමණ වෙහෙසක් ගන්නවා තමන්ගේ පුතාව පුනරුත්ථාපන කඳවුරකට දමා යහමඟට ගැනීමට.

මත්ද්‍රව්‍ය පිළිබඳ පැමිණිලි පමණක් නෙවෙයි, මොහු විසින් ඇයගේ බෙල්ල කැපීම නිසා ඇතිවුණු තුවාල පිළිබඳව, නිවසට කළ අලාභහානි පිළිබඳව විවිධ පැමිණිලි පොලිසියට කර තිබෙනවා (අවසාන පැමිණිල්ල ගිය මාසෙ 27).

සමහර අවස්ථාවලදි සමථමණ්ඩලයටත් යොමුකොට තිබෙනවා. බුද්ධික පතිරණ මන්ත්‍රීවරයා මාර්ගයෙන් පුනරුත්ථාපන කොමසාරිස් ජනරාල් කාර්යාලයට පවා යොමුකොට තිබෙනවා.

මමත් මේ ළඟදි සුමිත්‍රයෝ ආයතනයෙ මෙල් මැදුරටත් මේ ගැන දැන්වූවා (ලියකියවිලි කිහිපයක් පමණක් මෙහි අමුණා ඇත).

ඒ හැමෝම කියන්නේ පොලිසිය මාර්ගයෙන් උසාවියට ඉදිරිපත් කොට උසාවි නියෝගයක් මඟින් පුනරුත්ථාපන කඳවුරකට යොමුකරන ලෙසයි.

නමුත් පොලීසිය මේක කරන්නේ නෑ. පාරෙදි ගහකට මුවාවෙමින් ඉරි කපන ඒවා, රෑට හන්දි ගානෙ ඉඳන් බීලා එන මිනිස්සු එලව එලවා අල්ලන පොලීසිය 2015 ඉඳන් මේ මවගෙ දරුවාගේ මත්ද්‍රව්‍ය භාවිතය වෙනුවෙන් කල පැමිණිලි වලට කිසිම පියවරක් අරගෙන නෑ.

උසස් පොලිස් නිලධාරීන් දෙදෙනෙකුගෙන් විමසීමේදී එක් අයෙකු මට කීවේ මෙවැනි පැමිණිලිවලට මැදිහත් වීම පොලීසියේ රාජකාරිය බවත්, පොලීසිය වෛද්‍ය නිලධාරියෙකු වෙත මේ තැනැත්තා ඉදිරිපත් කොට, මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වී ඇත යන වාර්තාව සමඟ උසාවියට ඉදිරිපත් කොට උසාවි නියෝගයක් හරහා පුනරුත්ථාපන කඳවුරකට යොමුකළ හැකි බවයි

(නමුත් මේ දීර්ඝ, වෙහෙසකර පියවරට යන්නේ අතලොස්සක් පමණවූ අවංක කාර්‍යශූර නිලධාරීන් පමණක් බවයි).

අනෙක් නිලධාරියා කීවේ, මේ දිනවල කෝවිඩ් නිරෝධායන මධ්‍යස්ථාන ලෙස පුනරුත්ථාපන කඳවුරු යොදාගන්නා නිසා මත්ද්‍රව්‍ය පුනරුත්ථාපන කටයුතු වෙනුවෙන් වැඩි බරක් නොදක්වන බව හා ඔය කුඩුකාරයන් කෙසේවත් පුනරුත්ථාපනය කළ නොහැකි බවයි.

මගේ හිතවත් නීතිඥයෙකු මට කීවේ ‘කොල්ලා බොරු චෝදනාවක් උඩ හරි පොලීසිය හරහා උසාවියට දාපං, ඊට පස්සේ මම ඇපියර් වෙලා උසාවි නියෝගයක් අරන් දෙන්නම්’. බොරු චෝදනා නොව ඇත්ත චෝදනාවකටවත් පොලීසිය මොහුව අත්අඩංගුවට නොගෙන කල් මරන හැටි.

ඒ නූගත් ගැහැණිය මට කියන්නේ ‘සර් පොලීසිය කුඩු මුදලාලිගෙන් පගා අරගෙන පැමිණිලි කිසිවක් විභාග නොකරන බවයි.’

ඉතිං මේ අපි දකින කුඩු ඇල්ලීමේ මහා සංග්‍රාමය මායාවක්ද?

(අජිත් අලවත්ත : praja.lk  -September 12, 2020 )

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්