රේගු අධ්‍යක්ෂ ජෙනරාල් විශ්‍රාමික මේජර් ජෙනරාල් විජිත රවිප්‍රිය ඇතුළු වගඋත්තරකරුවන් කිහිප දෙනෙකුට එරෙහිව

සහකාර රේගු අධිකාරිවරයතු මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර ඇත.

මෙම අයිතිවාසිකම් පෙත්සම ගොනු කර ඇති සහකාර රේගු අධිකාරි ඩබ්ලිව්එම්ආර්පී විජේකෝන් රේගුවේ ශ්‍රී ලංකා නිදහස් පොදුජන රේගු සංගමයේ ලේකම්වරයාද වේ.

අංක 260/2020 ලෙස ලියාපදිංචි කර ඇති එම මූලික අයිතිවාසිකම් පෙත්සම මගින් සහකාර රේගු අධිකාරිවරයා සඳහන් කරන්නේ ශ්‍රී ලංකා රේගුව විමර්ශනයක් සිදුකරන කන්ටේනර් හතරක් එම කන්ටේනර් ආනයනය කර ඇති වෙහිකල්ස් ලංකා ආයතන අංගණය වෙත ගෙන යෑමට රේගු අධ්‍යක්ෂ ජෙනරාල්වරයා නියෝග කිරීම නීති විරෝධී බවය.

එම කන්ටේනර් මුදා හැරීම මගින් ඒ සම්බන්ධයෙන් රේගුව කරන විමර්ශනවලට බාධාවක් වන බවත් රාජ්‍ය ආදායම අහිමි වී යන බවත් එම පෙත්සම මගින් පෙන්වා දී තිබේ.

එම නිසා එම පෙත්සම විභාගයට ගැනීමට අවසර දෙන ලෙසත් එම පෙත්සම විභාග කර අවසන් වන තෙක් එම කන්ටේනර් මුදාහැරීම තහනම් කරන අතුරු නියෝගයක් නිකුත් කරන ලෙසත් හා තවත් සහන එම පෙත්සමෙන් ඉල්ලා තිබේ.

(ලසන්ත රුහුණගේ : අනිද්දා  13/09/2020 )

සබැඳි පුවත් :
රේගුවේ හමුදා ලොක්කාගෙන් කන්ටේනර් මුදාහරින්න නියෝග !

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්